~

ආණ්ඩුව වෛරසය සමග හැංගිමුත්තන් කෙළී..! අද අලුතින් ආසාදිතයන් 18 ක් හමුවෙද්දී 3 ක් සඟවලා..! මෙන්න ඇත්ත..!

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.19, ප.ව.8.05) වැඩ (අල) කරන විරුවාගේ නිල නොවන හමුදා පොලිස් ජුන්ටාව කොවිඩ්-19 වෛරසය සමග හැංගිමුත්තන් කෙළිය හැකි යැයි සිතමින්, රෝගීන් පරීක්ෂා කිරීමට වංගු ගසමින්, ඒ සම්බන්ධ සංඛ්‍යාලේඛන විකෘති කරමින් රටම අනතුරේ හෙළමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත තහවුරු වී තිබේ.

මේ සම්බන්ධ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ අද (19) සවස ය. අද දිනයේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 18 දෙනෙකු වාර්තා වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ජුන්ටාව වැරදි ප්‍රවෘත්ති ජනගත කළේ ය.

ප්‍රථමයෙන්ම සිද්ධිය එනම් නව අසාදිතයින් 18 දෙනෙකු අද දිනයේ හමු වූ බව දිනපතා සවස පැවැත්වෙන සෞඛ්‍ය සහ හමුදා මාධ්‍ය හමු වලදී ප්‍රකාශ නොකරන ලෙස ඉහලින් නියෝග ලැබිණ. ඒ අනුව ඔවුන් ඒ බව ප්‍රකාශ කෙළේ නැත. නමුත් මාධ්‍යවේදීන්ට සත්‍ය තොරතුරු ලැබී තිබූ අතර ඔවුන් ඒ බව තම මාධ්‍ය ප්‍රධානීන්ට පැවසූ නමුත් මාධ්‍ය ප්‍රධානීන් සවස ප්‍රවෘත්ති ප්‍රකාශයන්හි දී ප්‍රචාරය කෙළේ ආණ්ඩුවේ බොරුව පමණි. එනම් අද දිනයේ කිසිවෙකු වාර්තා නොවූ බවයි. නමුත් සත්‍ය සිද්ධිය පිටතට ගොස් තිබෙන බව දැනගත් විට යළි රාත්‍රියේ කොවිඩ් ආසාදිතයන් අද දිනයේ 15 දෙනෙකු හමුවී ඇතැයි විශේෂ ප්‍රවෘත්තියෙක් ලෙස ප්‍රකාශ කෙළේය. නමුත් සත්‍ය වෙනස් ය.

කොවිඩ් 19 නව අසාදිතයන් අද දිනයේ 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වූ අතර ඒ 15 දෙනාම කොටහේන ප්‍රදේශයේ පදිංචි කරුවන් ය. ඊට අමතරව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි 2 කට ද කොවිඩ් -19 අසාදිත වී ඇති බව හඳුනා ගත් අතර ඒ දෙදෙනාද කොටහේන ප්‍රදේශයේ පදිංචි කරුවන් ය. මේ සියලු දෙනාට අමතරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ රෝගියෙකුට ද කොවිඩ් 19 අසාදිත වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව අද දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානයකින් 15 ක් වාර්තා වී ඇති අතර තවත් 3 දෙනෙකු මහජනතාව අතරින් හමු වී තිබේ.

අප අසත්‍ය වාර්තා කරන්නේ යයි ආණ්ඩුව චෝදනා කළහොත් ඔප්පු කිරීමට අප සතු සාක්ෂි තිබේ. අසත්‍ය කියන්නේ ආණ්ඩුව ය.

ලහි ලහියේ චන්දයක් පැවැත්වීමට අවශ්‍ය නිසා  ජුන්ටා ආණ්ඩුවට වෛරසය මහජනතාව අතරට ගොස් නැතැයි ඒත්තු ගැන්වීමට අවශ්‍ය නිසා ඔවුන් ප්‍රසිද්ධ කරන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවී ඇති පිරිස පමණි. සාමාන්‍ය ජනයා අතරට වෛරසය පැතිරී ඇති බව සඟවති.  

මැදමූලන පවුලේ පටු පරමාර්ථ හේතුවෙන් වෛරසයක් සමග හැංගිමුත්තන් කෙළිය හැකි යැයි මේ මෝඩ පාලකයෝ සිතති. විනාශ වන්නේ අසරණ පොදු ජනයා පමණක් යයි ද තමන්ට බේරී වැජඹිය හැකි යයි ද සිතනු ඇති. කොවිඩ් 19 වසංගතය යනු ලංකාවේ ප්‍රශ්නයක් පමණක් නොව ලෝක ප්‍රශ්නයක් බවත් විසඳුම් ඇත්තේ ලෝක පරිමාණයෙන් මිස මැදමූලන පවුල තුල නොවන බවත් මේ මෝඩයන් තේරුම් නොගැනීම රටේ අවසනාව ය. 

---------------------------
by     (2020-04-19 14:44:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links