~

මෛත්‍රී පාලනයකට විදේශ සේවයේ සුව කළ යුතු රෝග අටක් -උකුස්සාගේ කොළම

(ලංකා ඊ නිව්ස් -2015.ජන.11, පෙ.ව.4.45) ශ්‍රී ලංකාවේ විදේශ සේවය මුහුණ පා ඇති ගැටලු, අපේ නිවැරැදි නොවූ විදේශ ප්‍රතිපත්තීන් නිසා රට ජාත්‍යන්තරයේදී ආගාධයට තල්ලු වී ඇති අකාරය මෙන්ම අනවශ්‍ය දේශපාලනීකරණයට ලක්වීම නිසා දූෂණය විදේශ කටයුතු අමාත්‍යංශය වසාගෙන පැතිර තිබූ ආකාරය අපි විසින් විවිධ අවස්ථාවන්වලදී පෙන්වා දුන්නෙමු. එදා අපි විසින් උපයෝගී කරගත්තේ අතිශයින්ම කඨෝර භාෂාවකි. ඒ මක් නිසාද යත් මට සිලුටු භාෂාව එදා සිටි පාලකයින්ට නොදැනීමය. කෙසේ වෙතත් අද යහපාලනයක් ඇති කරලීමේ උදාර කර්තව්‍යයකට උර දී සිටින වත්මන් ජනාධිපතිතුමා ඇතුලු කෘතහස්ත දේශපාලක මහත්වරුන්ට බොහෝ කරුණු කාරණා තේරුම් යන නිසා එවන් කඨෝර භාෂාවක් භාවිතා කිරීමට අවශ්‍ය නැති බව අපගේ හැඟීමයි.

මහින්ද රාජපක්ෂ රජයේ අධූරදර්ශී කටයුතු නිසා ලංකාව ජාත්‍යන්තරයේ කුණු මුල්ලට විසිවූ බව අප දනිමු. මෙම තත්ත්වය වහා වෙනස් කළ යුතුව ඇත. මේ සඳහා ශක්තිමත් විදේශ සේවයක් සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි දක්ෂ බල ඇණියක් අපේ තානාපති කාර්යාලවල ස්ථානගත කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. විදේශ අමාත්‍යංශය සහ තානාපති කාර්යාල සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් අප විිසින් වරින්වර පෙන්වා දුන්නෙමු. එම කරුණූ ලඝු කොට පහත ඉදිරිපත් කරමු.
 
1. විදේශ අමාත්‍යංශය සහ තානාපති කාර්යාල දැඩි ලෙස දේශපාලනීකරණය වීම සහ විදේශ ප්‍රතිපත්ති නිවැරදි නොවූ දිසානතියකට ගමන් කිරිම.
2. විදේශ සේවය තීරණාත්මක ලෙස කඩා වැටීම.
3. සුදුසුකම් නැති අයවගෙන් විදේශ අමාත්‍යංශය සහ තානාපති කාර්යාල පිරවීම.
4. ඇමතිවරුන්ගේ අකීකරු දරුවන් විදේශ තානාපති කාර්යාලවලට රිංගවීම
5. විෂයයින් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විදේශ සේවයේ බුද්ධිමතුන් කොන්කර කිසිදු දෙයක් නොදන්නා පුබ්බරුවන් තනතුරුවලට පත් කිරිම.
6. විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා තනතුරු ප්‍රදානය කිරීම.
7. තානාපති කාර්යාලවල සහ විදේශ කටයුතු අමාත්‍යංශය තුළ සිදුවන දූෂණ නැති කිරීම සහ ඒවාට සම්බන්ධ අයට නිසි දඬුවම් ලබා නොදීම.
8. දැඩි මුදල් නාස්තිය.
 
උක්ත වැරදි නිවැරැදි කර විදේශ සේවය සහ තානාපති කාර්යාල නිසි ලෙස සකස් කිරීම අත්‍යවශ්‍ය සහ වහ වහා කළ යුතු කාර්යයකි. මෙහිදී පළමු කොට දේශපාලන පත්වීම් ලද සුදුසුකම් නැති පිරිස් වහාම තානාපති කාර්යාලවලින් ඉවත් කළ යුතුයි. මේ පිරිස 52 ක් පමණ වෙති. මෙම පිරිස රාජකාරී නිවාඩු පිට පැමිණ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු වලට දැඩි සහායක් දැක්වූහ. මෙය රජයේ නීති රීති දැඩි ලෙස උල්ලංඝණය කිරීමකි. මෙම පිරිස අතර ජපානයේ තානාපති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු නාවික හමුදාපති ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස් තිසර සමරසිංහ ඇතුලූ තානාපතිවරුන් ලෙස පත්වීම් ලද හමුදා නිලධාරීන්, ඉතාලියේ තානාපති නාවලගේ බැනට් කුරේ මෙන්ම ජර්මනියේ තානාපති හිටපු විදේශ ලේකම් කරුණාතිලක අමුණුගමද විය. මොවුන් ජනාධිපතිවරයාට කඩේ ගියේ රෙදි නැතව පමණක් නොව තමුන්ගේ අඹු දරුවන්ද නිරුවත් කරමිනි. විශේෂයෙන්ම මෙම පිරිස් වඩාත් පක්ෂපාතී වන්නේ හිටපු ජනාධිපතිවරයාට වන නිසා නව රජය අපහසුවට පත්කිරීමට ඔවුන්ට තවමත් හැකියාවක් ඇත. මේ අතර හිටපු හමුදා නිලධාරීන් ඉවත් කිරීම ඉතා වැදගත් ය. එසේම විදේශ අමාත්‍යංශයේ තනතුරු සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් වහාම පත් කළ යුතු ය. මෙය නොපමාව කළ යුතු කාර්යයකි. ඉන් පසු ශක්තිමත් විදේශ සේවයක් හරහා අපේ රටේ නැතිවූ ප්‍රතිරූපය නැවත ගොඩනංවා මෛත්‍රී පාලනයක් ඔස්සේ යන ඉදිරි ගමනට විදේශ කටයුතු අමාත්‍යංශය සහ තානාපති කාර්යාල භාවිතා කළ හැකි බව අප ගේ බලවත් විශ්වාසය යි

---------------------------
by   උකුස්සා   (2015-01-10 23:31:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

HI , 1st of all im thanking LEN for the dramatic service of initiating the Cyber freedom fight against the fallen regime . As a working force in abroad where we make the huge income & send back to sri lanka for our families needs & expenses . How ever we would like to highlight the difficulties carrying our duties from out side . where we have being in Asia we are only allowed to get the On arrival visa in Singapore only . but unable on other countries . Please can you take the initiate to awake our government on thi ours issue . If we have the on arrival visa on at least in Asiaan countries it will helps us to travel & work smoothly . Thank you again
-- by Wasantha / Vietnam on 2015-01-12

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links