~

බයියන්ගේ කොරෝනා කෙරුවාව..!

රට ගිය බයියා ලියන බයිලන්තයේ කතා මාලාවේ පළමු දිගහැරීම

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.19, පෙ.ව.7.10) ලංකාවේ ජීවත්වන්නන් බහුතරයක් බයියන් බව අපි දනිමු. යන්තමින් හෝ බුද්ධියක් තිබෙන මිනිසෙකු නොවන්නට, කිසිවකු  අන්ත දූෂිත රාජපක්ෂලා යලි බලයේ තබන්නට සිහිනෙකින්වත් සිතන්නේ ද නැත. එකාධිපතියකු යටතේ සිටින උතුරු කොරියානුවෝ දිවි පරදුවට තබා නිදහස සොයා එරටින් පැන යති. චීන්නු නිදහස ඉල්ලති. හොංකොං වැසියෝ චීනයේ අධම පාලනයෙන් වෙන්වෙන්නට දඟලති. අපේ ලංකාවේ බත්කන බූරුවෝ ඒකාධිපතියෙකු යටතේ හමුදා ආණ්ඩුවක් ඉල්ලති.  

බයියන් ඉල්ලන හමුදා ආණ්ඩුව ද මෙතෙක් ලොව නුදුටු අමුතුම ආකාරයේ හමුදා පාලනයකි. එහි ජනපති ගෝඨාබයම  විය යුතුය. අගමැති පර්සි මහේන්ද්‍ර අප්පොචිචිම විය යුතුය. හැබැයි පාලනය සිදුවිය යුත්තේ හමුදාව මගිනි. එහිදී පොහොට්ටු මන්ත්‍රීවරුන් ට පමණක් භාණ්ඩ බෙදීම, ජනතාව ඇමතීම කළ හැකිය. මීට එකඟ නොවෙන උන් කොටි හිතවාදී ය, අයිඑස් හිතවාදීන් ය, ජාති ද්‍රෝහීන්ය.

කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට කීවා වගේ, ආණ්ඩුවේ නිරුවත දැකීමට කොරෝනා එන්නම සිදුවිය. පඩික්කම් කට උලුක් කරමින් පවිත්‍රා  නෝනා  මුල ඉඳන්ම කීවේ චන්දය පැවැත්වීමත් 2/3 ලබාගැනීමත් ගැනය. සාක්  රාජ්‍ය  නායකයන් තම තමන් මේ උවදුරින් බේරෙන හැටි කතා කරද්දී නන්දසේන කීවේ අපි චන්දය තියනවා කියලයි. හාපුරා  කියල ජාතිය අමතලා පරිප්පු, සැමන් ගණන් අඩු කරනවා, අයියට 2/3 දෙන්න කියලා තැටමුවේ ය. මාර්තු 22 නිවාඩු දීමට ඔවුනට වගේ වගක් තිබුනේ නැත. අවශ්‍ය උනේ කොහොමහරි නොමිනේෂන් දී ගන්නය. නැගී එන විරෝධය මැද නොමිනේෂන් වලට අදාල රාජ්‍ය ආයතන හැර අනෙක් ඒවා වසා දැමීමට තීරණය කළේ රෑ 11.45 ය. එදාවත් නිවාඩු නොදුන්නා නම් අද ලංකාව ඉතාලියත් පසුකර ගොසිනි.

පුස්තකාලය හදලා ඉවරවෙද්දී මහාචාරියා ගෙවල් 2 -3 ක්ම හදාගෙනය..

ලෝකයේ පළමුවෙනි වතාවට මහ බැංකුවේ අධිපති අසූ වියැති දූෂිත මහාචාරියා වැලිගමගේ ලක්ෂ්මන් මාධ්‍ය  ඉදිරියේ අඬමින් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මුදල් තැන්පත් කරන මෙන් අයැදින්නට විය.  මෙයාගේ කෙරුවාව ලියන්නට වෙනම පොතක් අවශ්‍යය. කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කාලයේ ගරපු ගැරිල්ල දන්නෝ දනිති. පුස්තකාලය හදලා  ඉවරවෙද්දී මහාචාරියා ගෙවල් 2 -3 ක්ම හදාගෙන තිබුණි. කෙසේ වෙතත් විනිමය අනුපාතය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස හිඟා කෑම ලොවට හඳුන්වා දීමේ ගෞරවය නම් ඔහුට ලැබිය යුතුමය.

ඕනෑම පුරවැසියකුට තම රටට පෙරලා පැමිණීමේ අයිතියක් ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(i) යටතේ මෙය පිළිගෙන ඇත. ලොව සියලුම ශිෂ්ඨ ජාතීහු තම පුරවැසියන්ට රටට පැමිණීමට ඉඩ දුන්හ, තවමත් ඉඩදෙති. ගුවන්යානා යවා හෝ  තම පුරවැසියන් ගෙන්වා ගනිති.  ඔවුනට සුදුසු පරිදි නිරෝධායන පහසුකම් ලබා දුනි. මේ වන විට ලාංකිකයෝ 22 ක් ලොව විවිධ ගුවන් තොටුපොළවල නන්නත්තාරව අසරණ වී සිටිති. තානාපතිවරු ෆුල් සොමියේ සිටිති. අසරණ වූ ලාංකියන් ඉන්නවා ද මැරුණා ද ඔවුනට වගේ වගක් නැත. අපේ පාලකයන්ට ඕනෑ පරීක්ෂණ නොකරම රෝගීන් සංඛ්‍යාව අඩුයි කියා ගණන් කීමටත්, ඉක්මනින් චන්දයක් පවත්වා 2/3 ලබා ගැනීමටත්ය. ඊට පස්සේ 19 වැනි සංශෝධනය අවලංගු කර  යලිත් වසන්තය ගෙන්වා ගැනීමට ය.

බයියෝ මේකිසිවක් නොදනිති. උන්ට මේවා වැටහෙන්නේ ද නැත. අත්තම්මා දඹදිව බස්සන්නට ගුවන්තොටුපොළට එක් වතාවක් ගොස් ඇති බයියෝ, රාජපක්ෂ ගුණ වයති. රණවිරු ගාය සැදී චන්දය දීමට ජනාධිපති වරණයේදී ලංකාවට ආ "ඩයස්මි"ලාට සිද්ධ වුනේ ද අපූරු පාඩමකි (ඉතාලියේ - කොරියාවේ වැඩකරන ලාංකිකයන් හැමෝම ගොන් බයියන් නොවන බවද ලියා තැබිය යුතුම ය) කොරියාවේ  සිට පැමිණි කොල්ලන්ව යැව්වේ කන්දකාඩු වලට ය. කුකුල්මඩු වැනි ගොඩනැගිලි වලට ය.  වූහාන් වල සිට හා ලන්ඩන් වල සිට පැමිණි බේබිලා සුවපහසු දියතලාවට ය.  මේකට විරුද්ධව කතා කළ කොල්ලෝ 3% ජෙප්පන් ලෙස හංවඩු ගැසුණි. උන් බෝට්ටුවෙන් රට පැනපු උන්ය.

ඇත්තම කතාව නම් වෙනකකි. පොහොට්ටුවට චන්දය දෙන වැඩිදෙනා ගමේ ගොඩේ බෝක්කු කනුවට වෙලා ගංජා උරණ අපතයන්ය. තමන්ට පෞද්ගලික වාසියක් නැතිනම් කොන්දක් ඇති, පෞර්ෂයක් ඇති එකෙක් පොහොට්ටුවට චන්දය නම් දෙන්නේ නැත.  බෝට්ටුවෙන් හරි පිටරට පැනලා යමක් කමක් කර ගත් එකා  එක්ක බයියන්ට ඇත්තේ පුදුමාකාර වෛරයකි.

සුමතිපාල බුකියාගේ බුකී මොළේ..

සුමතිපාල බුකියා කියා සිටියේ ගිය අවුරුද්දේ ඩෙංගු වලින් 119 මියගියත් රට නොවැසූ බවය. කොරෝනා වලින් 7 දෙනෙකු මියගොස් සිටින විට රට වසා තැබීමේ අවශ්‍යත්වයක් ඔහුගේ බුකී මොළයට තේරෙන්නේ නැති ලු. ඒ අතර උන්ට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නෝ අත් අඩංගුවට ගනිති.  ඒ ඔක්කොටම හපන් දෙයක් පෙන්නුවේ ගූ කන දෙරණ නාලිකාවයි. ඔවුන් අපුරු ප්‍රස්ථාර සටහනක් ඉදිරිපත්කර තිබුණි. එය මෙහි දැක්වේ. එහි Y අක්ෂයේ දැක්වෙනුයේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි. එය මාර්තු 11-17, 18 -24, 25-31, 01-07. 09-17 ලෙස අනු කාන්ඩ කොට ඉන්පසු අ‍ප්‍රේල් 5, 16, 17 දින සඳහා වෙනම අගයන් පෙන්වා තිබුණි. මේ පෙන්වන්නේ ඔවුන්ගේ නොදන්නාකම නොවේ. නොදන්නා බහුතරයක් ගොනාට ඇන්දීම නම් වූ විජ්ජාව ය.

මා සිටිනා රටේ කොරෝනා  රෝගය බොහෝ පැතිරී ඇත. ඒත් ඒ පිට දමා රජය ලකුණු දමා ගන්නේ  නැත. එකාධිපති වීමට දඟලන්නේ නැත. රටින්පිට සිටින තම පුරවැසියන් ගුවන් යානා යවා හෝ ගෙන්වා ගනිති. VIP කියා කෙනෙක් නැත.  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන්නේ  නැත. කෙසේ හෝ තම වැසියන් බේරා ගෙන යලි නැගිටීමට උත්සාහ දරති.  ලංකාවේ මාධ්‍ය කියන්නාක් මෙන් මිනිසුන් මැරෙන්නට දී බලා සිටින්නේ නැත. පුළුවන් උපරිමයෙන් හැමෝම එකාමෙන් මේ උවදුරෙන් ගොඩ ඒමට උත්සාහ කරති.

සෙස්ස පස්සට

-රට ගිය බයියා-

---------------------------
by     (2020-04-19 13:15:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links