වසංගත රෝග සහ ජෛව සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය ග්‍රේටා බයර්ගේ අතිශය වැදගත් අනතුරු ඇඟවීම
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.14, පෙ.ව.10.30) කොරෝනා වෛරසය පැතිර යන අතරතුර, ග්‍රේටා බයර් වැනි වසංගත රෝග පිළිබඳ වියතුන් ඉතා වැදගත් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට යොමු වී තිබේ. වෛරසය ආසාදිත ව පණ බේරා ගත්තවුන් එයින් මුළුමනින් ම සුවපත් වූවන් ලෙස සැළකිය හැකි ද? යන්න එවන් එක් වැදගත් ප්රශ්නයකි.
ඔවුනොවුන්ගෙන් ඈත්ව සිටීම නොතකා කටයුතු කරන හෝ රෝගී වූවන් නිරෝගී තැනැත්තන්ට නිරාවරණය වන සේ, 'පැපොළ සාද' පැවැත්වීමෙන් (පැපොළ රෝගයට හේතුවන වෛරෙල්ලා සොස්ටර් වෛරසය මර්දනයට එන්නතක් සොයා ගැනීමට පෙර, හිතාමතා ම නිරෝගී දරුවන්, ආසාදිත ව සිට සුවපත් වූ දරුවන් සමග එකතු කර රෝගය වැළඳීමට සැළැස්වීම හරහා නිරෝගී දරුවන් තුළ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකර විය හැකි ය යන මිත්‍යා විශ්වාසයෙන් දෙමාපියන් සංවිධානය කෙරුණ සාද විශේෂයකි.) කොරෝනා වෛරසය ආසාදනය නොවූවන් ද ආසාදනය වී සුවපත් වූවන් හා එක් ව එකිනෙකා ගැටෙන්නට සැළැස්වෙන සේ සාද පැවැත්වීමට යොමුවීමක් පිළිබඳ හා හෝවක් මට ඇසී තිබේ.
සමහරෙකුට, එය කෝවිඩ්-19 වෛරසයෙන් බරපතළ උවදුරකට ලක් නොවූ වයස් කාණ්ඩය වන තරුණ ප්‍රජාවට රෝගය වැළඳීමට සළස්වා එමගින් මහජනතාව අතර ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ අදහස පෙරදැරි කරගත් 'සාමූහික ප්‍රතිශක්තිකරණ උපක්රමයකි.' නිවෙස්වල ම රැඳෙමින් තැති ගැන්මෙන් බලා සිටින අතර ම, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙහි ලා යමක් කරන අතර ම, ආපසු රැකියාවන්ට යොමු වී, තම ප්රජාවන්ටත් කිසියම් මෙහෙයක් ඉටුකර ලීමට අවස්ථාවක් සළසා ගන්නා අතරතුර, තම සමීපතමයන් ද ආරක්ෂා කර ගැනෙන වැඩ පිළිවෙළක් ලෙසත් මෙවැන්නක් විශ්වාස කරන්නවුන් ද නැත්තේ නොවේ.
මෙම ලෝක ව්‍යාප්ත අර්බුදයට ප්‍රතිචාර දැක්වීම් වශයෙන් තැතිගැන්ම, බිය සහ විසඳුමක් සෙවීම සාමාන්‍ය දෙයක් වන අතර ම, හිතාමතා ම කොරෝනා රෝගියෙකු වීමේ වියරු අදහස ඇතිකර ගැන්ම සැබවින් ම බියකරු දෙයක් ය යන්න වටහා ගැනීමට තුඩුදෙන හේතූන් 7 ක් මේ වනවිට පෙනෙන්නට තිබේ.
ඒ හැමෙකක් ම තවමත් අප නොදන්නා දේ ගැන ය.
මෙම රෝගය වැළඳී සුවපත් වූවන් තුළ දිගුකාලීන ප්‍රතිශක්තියක් ඇති වන්නේ ද යන්න කිසිවෙකුත් තවම සත්‍ය වශයෙන් තහවුරු කරගෙන නැත. සාමූහික ප්‍රතිශක්ති කරණ වැඩ සටහනක් මුළුමනින් ම සැළසුම් කෙරෙන්නේ එවන් තිරසාර ප්‍රතිශක්තියක් මත වන අතර, එවැන්නක් ඇතිදැයි තවමත් අප නිශ්චිත සොයාගෙන නැත. එසේ වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතර, කීමට තිබෙන්නේ සෑහෙන කලක් සුවපත් වූවන් පිළිබඳ ව කෙරෙන අධ්‍යයනයන්ගෙන් තොර ව එය දැනගත නොහැකි වනු ඇති බව ය.
රෝගයෙන් සුවපත් වී යයි සැළකෙනවුන් පරීක්ෂා කිරීමේ දී නැවත ආසාදිත ව සිටි බව හෙළි වූ අවස්ථාවන් වාර්තා වී තිබේ. එය කෙටිකාලීන ප්‍රතිශක්තියක් වත් ඇතිවන්නේ ද යන්න සැක කිරීමට හේතුවක් වී තිබේ. නැවත ආසාදනය වීම පිළිබඳ ව අසන්නට ලැබෙන මේ තොරතුරු රෝගය සමනය වීමක්, නැවත නරක අතට හැරීමක් මෙන් ම, වැරදි පරීක්ෂණ වාර්තා නිසා සිදුවන්නක් ද විය හැකි ය. කෙසේ වුව ද, මෙම රෝගීන් තුළ සිදුවන්නේ සහ දැක ගැන්මට ලැබෙන්නේ කුමක්දැයි හඳුනා ගැනීමට පර්යේෂකයන්ට තව කාලය අවශ්‍ය ය.
සුවපත්වීමෙන් නොබෝ දිනකට පසු නැවත ආසාදනය වීම විය නොහැක්කක් යයි තීරණය කෙරුණ ද, තවදුරටත් අප දැන සිටිය යුත්තේ 'ප්‍රතිශක්තිය සෘතු අනුව වෙනස් වන්නක්' නිසා, වෛරසය ද නැවත නැවතත් ආසාදනය විය හැකි බව ය. නැවත ආසාදනය වීම නිශ්චිත ව විය හැකි වූවක් වේ නම්, රෝගය නැවත ඇතිවන්නේ එතරම් දරුණු නොවන ආකාරයට ද, එසේ නැතහොත්, ඉතාමත් දරුණු ලෙසට ද යන්න දැන ගැන්ම අවශ්‍ය ම ය. කලින් වැළඳුණ අවස්ථාවෙහි ඇති වූ ප්රතිදේහයන් සාමාන්‍යයෙන් අවදානම අව ම කරනු ඇති නමුත්, ඩෙංගු වෛරසය වැනි ඇතැම් වෛරස වර්ග නැවත ඇති වීමේ දී දුස්සාධ්‍ය හෝ සමහර විට මරණීය විය හැකි බව පෙන්වා දී තිබේ.
සුවපත් වූ රෝගීන් කෙරෙන් වෛරසය මුළුමනින් ම තුරන් වන්නේදැ යි අපි තවමත් නොදනිමු. බොහෝ වෛරසයන් මිනිස් සිරුරෙහි ම සකසා ගැනෙන රහසිගත කඳවුරුවලට වී නිහඬව සැඟව සිට, ජීවිතයේ පසු කලෙක මතු වී ඒ තැනැත්තා රෝගී කරවනු අපට දැකිය හැක. නිදසුනක් ලෙස පැපොළ වෛරසය (වෛරෙල්ලා සොස්ටර්) හර්පීස් වශයෙන් නැවත මතුවන අතර, කහ උණ වැළඳීමට හේතුවන 'හෙපටයිටිස් බී' වෛරසය වසර ගණනාවක් පසු වී අක්මාවේ පිළිකා සාදවයි. අප දැනට දන්නේ, හොඳින් ම සුවපත් වූ සමහර කොරෝනා රෝගීන්ගේ අසුචි සමග මෙන්ම ලේ වලත් වෛරසය හඳුනා ගත හැකි ව තිබෙන බව පමණි. කොරෝනා වෛරසය සිරුරෙහි රැඳී සිටින්නේ ද, එසේ නොවන්නේ නම් මේවා ඒවායින් ඉතිරි වූ වැදගැන්මකට නැති කුඩා කොටස්දැයි තවමත් අපි නොදනිමු.
රෝහල් තුළ කෝවිඩ්-19 රෝගීන් සඳහා ඇඳන් සහ අනෙකුත් උපකරණ මේ දිනවල අවශ්‍ය වන්නේ ක්ෂණිකව ය. ලා බාළ නිසා, වෛරසය වැළඳුණ ද දරුවන් රෝහල් ගතකර වීම අවශ්‍ය නොවන්නේ යයි කිසිවෙකුත් තමන් ව රවටා නොගත යුතු ය. ඇමරිකා එක්සත් ජනපදයෙහි වසංගත පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇස්තමේන්තු ගත කරන ආකාරයට රෝහල් ගත කරවීමට සිදු වූ සෑම ආසාදිතයන් පස් දෙනෙකුගෙන් ම එක් අයෙකු අවුරුදු 20 - 44 අතර වයසේ පසු වූවෙකි. රෝහල් ගත වීම වළක්වා ගත හැකි වූවන් රෝගය වැළඳීම වළක්වා ගත නොහැකි වූවන් සතු බොහෝ වටිනා දේ පැහැර ගනියි.
රෝගය පැතිරුණ මුල් කාලීන තොරතුරුවල අවධානය විශේෂයෙන් යොමු වී තිබුණේ, වෛරසයේ මරණීය අවදානම කෙරෙහි ය. එනිසා, කෝවිඩ්-19 වෛරසයේ අනෙකුත් බලපෑම් පිළිබඳ තවමත් අපි කිසිත් නොදනිමු. හොඳින් ම දැනෙන එක් කරුණක් වන්නේ, කලින් ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවුණ වුන්, දිගුකාලීන ව ආබාධිත වූ පෙනහළු සහ හෘද රෝග සහිත ව නිවෙසට පැමිණි බව පමණි.
සැළකිල්ලට භාජනය වූ බොහෝ රෝගීන් වෙහෙසකර කැස්ස, කල්පනාව අවුල්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව ආදියෙන් පෙළුණ ද, හඳුනා ගැනුණ රෝගීන්ගෙන් 80% ක් 85%ක් පමණ දෙනා, අප සිතන පරිදි සාමාන්‍ය තත්වයෙන් සිටියේ යයි සැළකුණ ද, එසේ නොවූ බව සහතික ය. කෝවිඩ්-19 පිළිබඳ පරීක්ෂණ කරන්නන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 'සාමාන්‍ය' යන්න යොදා ගන්නේ රෝහල් ගත කිරීම අවශ්‍ය ම නැත, යන අදහසිනි. සාමාන්‍ය තත්වය සාමාන්‍ය ලෙස ම තිබෙනු ඇති අතර ම, එහි නිව්මෝනියාව ද ඇතුළත් ව තිබිය හැකි අතර ම, එය කුරිරු මෙන් ම බිය ජනක ද විය හැකි ය.
සාමුහික ප්‍රතිශක්තිය ලබාදීමේ දී ජනගහණයකින් සෑහෙන ප්‍රමාණයකට ප්‍රතිශක්තිය ලැබීම සිදුවිය යුතු ය (විවිධ ආසාදනයන් අනුව ප්‍රතිශතය වෙනස් වෙයි). එහෙත්, එය ලබා දිය හැක්කේ ඉතා සෙමෙන් මෙන් ම, ආදර්ශවත් ලෙස වැක්සීන මගිනි. වෛරසය හිතුමතේ පැතිරෙමින් බොහෝ දෙනෙකු රෝගී වන මේ අවස්ථාවෙහි සිදු වන්නේ, රෝහල් හිරිහැරයට භාජනය වීම, දරුණු ලෙස රෝගී වීම සහ මරණයයි. හිතුමතේ පැතිරෙන මෙවන් වෛරසයක් 'උපක්රමික පැතිරවීමක්' යයි සිතීමට තවමත් ඉක්මන් නොවිය යුතු ය.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම හුදෙක් අපට ලබා දෙනු ඇත්තේ ඉදිරි මාස ගණනාවකට ජීවිත සුරක්ෂිත කිරීමට අවස්ථාවක් පමණක් නොවනු ඇත. එය අපට පිළියම් සොයා ගැනීමට මෙන් ම, කෝවිඩ්-19 රෝගීන් වෙනුවෙන් රෝහල් පහසුකම් තව තවත් පුළුල් කිරීමට ද අවස්ථාව ලබා දෙයි. ඉන් අදහස් වන්නේ, පසුව රෝගී වන්නන්ට ඵලදායක ඖෂධ සමග හොඳ රැකවරණයක් සැළසෙනු ඇති බව ය. ඇත්ත වශයෙන් ම එය, අපට වඩාත් නිවැරදි පරීක්ෂණ ක්‍රම සහ ධාරිතාවන් වැඩි දියුණු කිරීමටත්, වැක්සීනයක් සකසා ගැනීමටත් කාලය ලබා දෙනු ඇත.
විද්‍යාත්මක පර්යේෂණ මේ අවස්ථාවෙහි වේගවත් වී තිබෙන බව අප සිහියේ තබා ගැනීම අවශ්‍ය ම වන අතර, එක් දෙයක් ගැන හැදෑරීමට මේ සා විශාල පිරිසක් ජාත්‍යන්තර ව සහභාගි වූ අවස්ථාවක් මින් පෙර සිදුවී නැත.
දැනට ඉවසිලිවන්ත වීම නම් පහසු දෙයක් නොවන මුත්, මෙයින් ගැළවීමට තිබෙන හොඳ ම ක්‍රමය තව මාසයකින් හෝ දෙකකින් අපට දැන ගැන්මට ලැබෙනු ඇත. ඒ අතරතුර, වැදගත් වන්නේ අප නොදන්නා ප්‍රතිඵල වෙනුවෙන් අනවශ්‍ය අවදානම් නොගෙන සිටීම ය. රෝගය වැළඳීම වළක්වා ගත හැකි යමක් වේ නම්, සැබැවින් ම දැනට අප කළ යුත්තේ එයයි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි 2020 අප්‍රේල් 8 දා පළවූ Please, Don’t Intentionally Infect Yourself ලිපියේ සිංහල පරිවර්තනය ලංකා ඊ නිව්ස් වෙත සකස් කළේ
---------------------------
by (2020-04-14 05:06:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි