~

කොරෝනා මර්දනයට පක්ෂ නායකයෝ රැස්වෙති..! හිටපු අගමැති රනිල්ගෙන් වටිනා උපදෙස් (Video)

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.24, ප.ව.9.45) රටට අද අත්‍යාවශ්‍ය වී තිබෙන වෙන්ටිලේටර්ස්, මුව ආවරණ සහ විශේෂ ඇඳන් ලංකාවේ නිපදවිය හැකි බවත් ඒ සඳහා හමුදාව මෙන්ම පුද්ගලික අංශයද සහභාගී කර ගත හැකි බවත් අයිඩීඑච් රෝහලේ තව ගොඩනැගිල්ලක් පෙර නිපැයුම් ක්‍රමයට ඉක්මනින් හදා ගත යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද ආණ්ඩුවට උපදෙස් දුන්නේ ය. 

කිහිප වතාවක්ම විපක්ෂ නායකයන් විසින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමෙන් පසු පෙර පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මැදුරේ දී රැස්වූ අවස්ථාවේ දී හිටපු අගමැතිවරයා මේ උපදෙස් ලබා දුන්නේ ය.

මෙම පක්ෂ නායකවරුන්ට ජනාධිපති ගේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායත් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවට අගමැති මහින්ද පෙරොන්දු විය.

මේ අතර කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්ක 3 ඇතුළු බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කළ රජය එහි නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවෙන බව නිවේදනය කළේය.

අදාල වීඩියෝව පහත 

---------------------------
by     (2020-03-24 19:48:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links