(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.22, ප.ව.7.45) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරනු ලැබ ඇත.
එම නිවේදනයේ සඳහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.
මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
විරාජ් අබේසිංහ
(මාධ්‍ය ලේකම්)
---------------------------
by (2020-03-22 14:33:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි