~

දිනෙන් දින වර්ධනය වන වෛරසය හරහා දේශපාලනය කරමින් නැසෙමු ද ?

සුන්දරා අසයි

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.21, ප.ව.5.40) රජයේ වගකීම් විරහිත ක්‍රියාත්මක වීම තුළින් අසරණ වන ජනතාවගේ ක්‍රියාකාරිත්වය තවදුරටත් කොරොනා උවදුර ව්‍යාප්ත වීමට හේතුවෙමින් පවතින බව ඊ‌යේ දින තුල ජනතාව නගර, කඩ පොල, බස් රථ, දුම්රිය තුල තදබදයට ලක්වීම තුළින් නැවත පෙන්නුම් කරන ලදී.

⁣මෙම වෛරසය මෙරටට පැමිණීම වැලැක්වීම පිනිස හෝ වෛරසය ⁣මෙරටට පැමින ඇති බවට හෙලිදරව් වූ අවස්ථාවේදී හෝ මෙම වෛරසයේ ව්‍යාප්තීය මැඩලීම පිනිස වන පූර්ව තක්සේරුවක් නොමැතිව එදිනෙදා තත්වයන් මත දෛනිකව තීන්දු තීරණ ගන්නා තත්වයක් රට තුල උද්ගතව ඇති බව පෙනේ.

කොටි ත්‍රස්තවාදීයාගේ ගරිල්ලා යුද්ධයට මුහුන දුන් අයුරින් මෙම වෛරසයද මර්දනය කළ හැකි බවට පුරසාරම් දොඩවමින් ප්‍රජා සෞඛ්‍ය හෝ බෝවන රෝග මර්දනය සම්බන්ධ වෛද්‍ය විශේෂඥ උපදෙස් නොතකා හරිමින් රජය විසින් කටයුතු කිරීම තුල වෛරස‌යේ ව්‍යාපෘතිය තීව්ර කර තිබේ.

සැලසුම් සහගතව ජනතාව එක් රැස්වීම පාලනය කිරීම සහ ජනතාව⁣ගේ ගමනාගමනය පාලනය කිරීම, හැකිතාත් ජනතාව වෙන්  වෙන්ව සිටීමට සැලැස්වීම සහ ග්‍රාම සේවක කොට්ඨාස වලටත් වඩා කුඩා ප්‍රදේශ ආවරණය වන ලෙස සෞඛ්‍ය  කමිටු පිහිටුවීම ⁣වැනි කිසිදු ප්‍රායෝගික ඵලදායී වැඩපිළිවෙළක් වෛරස ව්‍යාප්තිය ට එරෙහිව සිදුකිරීමට රජය අපොහොසත් වී ඇත.

දුම්රිය ගමනාගමන සීමා කිරීම තුල දුම්රිය මගී තදබදයක් ඇති කිරීම, රජයේ නිවාඩු දින තුනක් ප්‍රකාශ කර ඊට පසු දිනයට පසුව එළැඹෙන ඊලඟ දිනය සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම තුල ප්‍රවාහන කේෂ්ත්‍රය තුල ද, වෙළඳසල් ආශ්‍රිතව ද  ඇතිකළ තදබදය තුල වෛරස‌යේ ව්‍යාප්තිය ප්‍රබල ලෙස වැඩි කරලීමට රජය අමනොඥ ලෙස ක්‍රියා ‌කෙළේය.

විදේශවලින් පැමිණි පුද්ගලයන් නිරෝධායනයට නොයවා නිවෙස් තුල රඳවා කරන නිරෝධායන බොරුව තුළින් ජනතාව අනතුරකට ලක්කර ඇත්තේ මේ හදිසි අවස්ථාව තුල එම තැනැත්තන්ද බැංකු, වෙළඳසල් ආදී තදබදය පවතින ස්ථාන වෙත පැමිණීම සිදුවන බැවිනි.

මෙසේ ඊ‌යේ දින රජය විසින් ඇතිකරන ලද රෝග ව්‍යාප්තිය මත ඇඳිරි නීතිය බලපවත්නා දිනයන් තුල අසාධ්‍ය වන රෝගීන්ට ඇති එකම පිලිසරණ1990 ගිලන් රථ සේවාව වනු ඇත.

පූර්ව තක්සේරුවක් නොමැතිව විවිධ අයුරින් රෝග බෝවීම  මර්දනය සඳහා වන ඊනියා වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම වෙනුවට තදබදයකින් තොරව කටයුතු කිරීමට හැකිවන අයුරින් පාසල් වැසීම, කාර්යාල සේවා සීමා කිරීම, කාර්යාල වැසීම, කාලසටහන් ලෙස පූර්ව දැනුවත් කිරීමකට හොඳටම කාල වේලා පැවතිනි.

⁣රටම දින කීපයකට අක්‍රීය කිරීම වෙනුවට ජනතාව නිවාස තුලම විවේක ගන්වන වැඩසටහන් ලෙස මහජන ඇඳිරි නීතියක් පැනවීමටත්, ඊට පෙර,  සුපිරිවෙලඳ සල්, ආර්ථික මධ්‍යස්ථාන පැය 24 ම විවෘත කර තැබීම, ටෝකන් වැඩපිළිවෙළක් මත ඇතුල්වීම සහ ඒවායේ ගතකරන කාලය සීමා කිරීම, පුන්‍යායතන හෝ සමෘද්ධි ව්‍යාපාරය ආශ්‍රිත කරගෙන අසරණ ජනතාවට යම් සහන හෝ ආධාර සැලසීම ආදියට ප්‍රමානවත් තරම් කල් පැවතියද ඒ වෙනුවෙන් කිසිදු නායකත්වයත් ආණ්ඩුව වෙතින් ⁣හෝ ජනපති වෙතින් රටට අහිමි වී ඇත.

ජනපති ඇතුළු රටේ නායකයන් පමනක් නොව ඔවුන් ගේ දේශපාලන වහලුන් බවට පත්ව සිටින බහුතර ජනතාව ද මෙම කෝවිඩ්-19 වෛරස‌යේ මාරන්තික බව නොසලකා ඒ මතින් දේශපාලනය කිරීමට,  දේශපාලනය කථා කිරීමට පෙළඹීමක් ද දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ අප සමාජය තුල දක්නට ලැබේ.

මේ අභාග්‍ය සම්පන්න මිදෙන මගක් ජාතිය හමුවේ නොමැතිකම අප රට මුහුණ දී ඇති බරපතල ඛෙදවාචකයකි.

සුන්දරා

ලියුම්කරුගේ ‌පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/57

---------------------------
by     (2020-03-21 12:18:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links