(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.19, ප.ව.8.10) ලංකාවේ අත්දැකීම් බහුලතම තවමත් සක්‍රීය ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු දේශපාලනඥයන් තිදෙනෙක් වෙති. ආර්. සම්බන්ධන්, රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ඒ තිදෙනා ය. ඉන් මහින්ද රාජපක්ෂ යනු සිංහල බෞද්ධ ජනතාව ආගමක් ලෙස සලකන ජනප්‍රිය නායකයෙකි. දේශපාලන නායකයෙකුගේ මුහුණ තම සිරුරේ පච්චා කොටා ගත් එක් මිනිසෙක් නොව රාශියක් වේ නම් ඒ මහින්ද රාජපක්ෂගේ මුහුණ මිස ලොව අන් මුහුණක් නැත. ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ ද දිනෙක ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු දේශපාලනඥයෙකු වනුවා ඇත. මන්ද යත් තවමත් තිස් තුන් වැනි වියේ සිටින ඔහුගේ මීලඟ පාර්ලිමේන්තු නියෝජනය තුන්වන වරට සිදුවන නියෝජනය වන බැවිනි. අප කැමැති වුවද අකමැති වුවද සත්‍ය එයයි.
එහෙව් මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දේශපාලනයෙන් එළවා දැමීමට වහසි බස් දොඩමින් ඔවුන්ගේම පහණින් එළිය දුටු අතුරලියේ රතන පසුගියදා ‘අපේ ජන බල පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් අරඹමින් ගලගොඩ අත්තේ ඥානසාර සමග කළ එළි බැස්සාහ. මහින්ද රාජපක්ෂ දැන් විශ්‍රාම ගත යුතු යැයිද, බේබිලා රජ කරවන්නට සූදානම් නැතැයිද හේ වහසි බස් දෙඩුවේ ය. මීට මාස 3 කට පෙර ජනාධිපතිවරණයේ දී තමන් කෙළේ මහින්ද අගමැති කිරීමත් බේබිලා රජ කිරීමත් නොවේදැයි රතනගෙන් කිසිවෙකු ප්‍රශ්න කෙළේ නැත. රතනගේ කැරැල්ලේ පසුබිමේ සිටියේ අන් කිසිවෙක් නොව ජනාධිපති ගෝඨාභය ය. ජනපති ගෝඨාගේ හයිය පමණක් නොව ඔහුගේ හමුදා බුද්ධි අංශයේ රහස්‍ය ගිණුමේ මුදලින් රතන ඥානසාර ප්‍රමුඛ සංඝ සැට් එක මෙවර ඡන්දයට ආවේ දෙදෙනා පාර්ලිමේන්තුවට ගොස් අගමැති මහින්දට පිටුපා ජනපති ගෝඨාභයට අවශ්‍ය කුමන්ත්‍රණ ඉටු කරන්නට ය.
නමුත් අහෝ සිදුවූයේ අනෙකකි. රතන නායකත්වය දරණ පක්ෂයේ අක්මීමන දයාරතන සිටි කොළඹ ලැයිස්තුවද, ඥානසාර සිටි කුරුණෑගල ලැයිස්තුව ද , මොණරාගලින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප විය. රතන සිටි ගම්පහ ලැයිස්තුව බේරුනේ ය. කලක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ රතනට නිවැරදිව නාමයෝජනා පත්‍රයක් සකස් කර ගැනීමට නොහැකිවීමෙන්ම බුවාගේ තරම සිතා ගත හැකිය.
ලංකා දේශපාලනයේ අති දුෂ්ඨ අවස්ථාවාදී බොහොඬුන් දෙදෙනෙකු වන අතුරලියේ රතනට සහ ගලගොඩඅත්තේ ඥානසාරට අද සිදු වූ සන්තෑසියත් සමග තමන් සිවුරු අඳිද්දී ඉගෙන ගත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැන අලුතින් අවබෝධයක් ගත හැකි වූවා විය යුතු ය.
සාධූ සාධූ සාධූ..!
---------------------------
by (2020-03-19 15:33:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි