හිටපු හමුදා බුද්ධි නිලධාරී කීර්ති රත්නායක හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.19, පෙ.ව.2.45) කොරෝනා වෛරසය සකල ලෝ වාසීන් දුෂ්කර අඩියකට හෙලා ඇත. නමුත් ලංකාවේ පාලකයා බිහිසුණු උවදුරට වඩා තම බලය වෙනුවෙන් පවත්වන මැතිවරණයට මුල් තැන දී ඇත. ඒ පිළිබඳ කෙස් කෙලින් කරන කථාවක් අප වෙත වාර්තා වී ඇත. පොහොට්ටුවේ වරකාපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රසන්න ධම්මික කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලට ඇතුළත් කර ඇත. ඊට පෙර දින කිහිපය තුල පොහොට්ටුවේ පොකට් මීටීන් ගණනාවකට මොහු සහභාගි වී ඇත. දැදිගම ආසනයේ පොහොට්ටු සංවිධායක උදයකාන්ත ගුණතිලක නාමයෝජනා අත්සන් කරන අවස්ථාවටද මොහු සහභාගි වී ඇත. ඒ අනුව මෙම පුද්ගලයා වෛරසය පතුරුවා ඇති ප්‍රමාණය සිතා ගැනීම ඔබට බාරය.
මෙකී පුද්ගලයාට රෝගය තහවුරු වූ පසු ඔහු ලඟින් ඇසුරු කළ දැදිගම පොහොට්ටු සංවිධායක උදයකාන්ත ගුණතිලකට සහ වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසිරි ඇතුළු පුද්ගලයින් ගණනාවකට හුදෙකලාව සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් ඇත. නමුත් අද දිනයේත් එකී සියලු දෙනා වගකීම් විරහිත ලෙස මහමැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වී තිබේ. (සේයාරූ සාක්කි අඩංගුය) ලිපිය ලියන විට වරකාපොල නගරය ''ලොක් ඩවුන් '' කොට ඇති බව වාර්තා විය. ගෝඨාගේ බල කාමය වරකාපොල දැදිගම ජනතාව සහ මුළු රටම අනතුරේ හෙලා ඇති බව සංවේගයෙන් දැනුම් දීමට සිදුව ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව චීනයේ කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙදී ය. නමුත් ආර්ථිකයට සිදු වන බලපෑම සලකා චීනය එය ලොවට වසන් කළේය. එහි ප්‍රති විපාක ලෙස වසංගතය රට පුරා සීග්‍රයෙන් පැතිර ගියේය. නොවැම්බර් මාසය වන විට වෛරසය තමන්ට පාලනය කළ නොහැකි මට්ටමට පත් විය. නොවැ 17 සවුත් චයිනා මෝර්නිං පොස්ට් පුවත්පත කොරෝනා උවදුර ගැන මුල්ම ලිපිය පල කළේය. මිය ගිය ගණන, රෝගීන් ගණන චීනය තව දුරටත් වසන් කළේය. චීනයේ මුග්ධ ප්‍රතිපත්තිය වෛරසය ලොව පුරා පැතිර යාමට ප්‍රධානම හේතුව විය. ලෝ.සෞ .ස (WHO ) කොරෝනා උවදුර පිළිබද දෛනික තත්ව වාර්තාවක් ප්‍රකාශයට පත් කරයි. https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/situation-reports. තනි ඉලක්කමින් වාර්තා වන රෝගීන් සහ මරණ තුන්වන හතර වන සතිය වන විට ඉලක්කම් 3 හෝ 4 දක්වා වර්ධනය වන ආකාරය බිහිසුණුය.
ගෝඨාගේ මුග්ධ ප්‍රතිපත්ති ලංකාව විනාශය කරා රැගෙන යමින් සිටියි. ගෝඨාභයට ජනවාරි මාසයේදී කොරෝනා මාතෘකාවක් විය. නමුත් සැබැවින්ම ගෝඨාභයට මාතෘකාව වූයේ කොරෝනා උවදුර නොව තමන්ට ලකුණු දාගත හැකි වූහාන් මෙහෙයුමය. එය වීරකාව්යක් ලෙස පෙන්වා දේශපාලන වාසි ලැබීමට ගෝඨා උත්සාහ කළේය. ආන්ඩුවේ බත් බැලයෝ වූහාන් මෙහෙයුම දිවා රෑ වර්ණනා කළහ. ගෝඨා, ලොන්ඩරි මාධ්‍ය, හමුදාපති සිසුන් බේරාගැනීම අතිශයෝක්තියට නැගුවා මිස ලඟ ලඟ එන තර්ජනය දුටුවේ නැත. චීනයට කොරෝනා හැදුනේ මීයන් අමුවෙන් කන නිසා යයි ගෝඨාගේ ආධ්‍යාත්මික නායක කිරිබත්ගොඩ සාදු වැදෑරුවෝ ය. 'චීනුන්ට කොරෝනා හැදුනාට අපිට හැදෙන්නේ නෑ, අපිට කොරෝනා ඉඹින්නත් පුළුවන්' යන උද්ධච්ඡ මුග්ධ කල්පනාව පාලකයන් සහ පූජකයන් තුල විය. ඔවුහු එය ජනගත කෙළෝය.
වූහාන් සිසුන්ට ලැබුන අනුග්‍රහය ඉතාලියේ සිරවුනු මිනිසුන්ට, කොරියාවේ සිරවුනු මිනිසුන්ට නොලැබුණි. අද ලංකාවේ තානාපති කාර්යාල සමහරක් අගුළු දමා ඇත. වූහාන් සිසුන්ගේ ප්රශ්නය ගල් පිළිම සහ බොල් පිළිම මැනෙවින් පසක් කළේය. පකිස්ථානයේ ඉම්රාන් ඛාන් වූහාන් සිසුන් රැගෙන ඒමට ගුවන්යානා යැව්වේ නැත. එම කාලයේදී ඔහු දැඩි විවේචන වලට මුහුණ දුන්නේය. නමුත් පසුගියදා ඔහු සිය හඬ අවධි කළේය.
"චීනයේ වූහාන් සිටි සිය ගණනක් සිසුන් වහාම අපේ රටට ගෙන්වා නොගන්නේ ඇයි කියන චෝදනාව දස අතින් මා හට එල්ල වුණා. ඒක මගේ හදවතට දැඩි පීඩනයක් වුණා, ඒත් මාගේ බුද්ධිය මට අවබෝධ කළා, ඔවුන් එහි ආරක්ෂිත බව, චීනයට ඔවුන් ආරක්ෂා කළ හැකි බව. මා එදා ගත් තීරණය නිසා, ඔවුන් ඉතා ආරක්ෂිතව ජීවත් වෙනවා. ඒ වගේම මගේ රටේ මිලියන ගණනක් අහිංසක දුප්පත් මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා, අපේ මිනිසුන් ලෝකයේ හැම තැනම ඉන්නවා. කොටසකට විතරක් විශේෂ වෙන්න අපට බෑ. අපේ රටට ආවා කියලා මේ රෝගයට විශේෂ විසඳුමක් ලැබෙන්නේ නෑ. ඒකයි යථාර්ථය. අද බොහෝ රටවල රෝගය පතුරුවා තිබෙන්නේ තමන්ගේම මිනිසුන්.." ඉම්රාන් ඛාන්ගේ එම වචන අදට වඩා හෙට දිනට වලංගුය
ලෝක සෞඛ්‍ය සංවිධානය නොවැ 18 වසංගතය ගැන නිල වශයෙන් දැනුවත් කළ ද ලංකාවේ රජය ක්‍රියාත්මක වූයේ නැත. ඊට මුහුණ දීමට වැඩ පිලිවෙලක් සැකසුවේ නැත. ගෝඨා කොරෝනා ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම රැස්වීම කැඳවූයේ මාර්තු මස 10 දින තරම් ප්‍රමාද වීය. එම රැස්වීමේදී ගත් තීරණයක් අනුව පසුදා සිට නිරෝධායනය ආරම්භ කළේය. ගෝඨා ස්තාලයේ දොර වසන විට අශ්වයා පැන ගොස් හමාරය. දේශප්‍රේමියා දුර දකින්නෙකි. ගෝඨාබය නියම දේශප්‍රේමියෙක් නම් කොරෝනා වෛරසයට එරෙහි මෙහෙයුම දියත් කළ යුතුව තිබුනේ මාර්තු 10 නොව නොවැ 18 දිනය. ගෝඨාභයට මාර්තු 10 තෙක් වෛරසයේ බිහිසුණු බව වැටහුනේ නැත. එය මැඩීමට ප්‍රබල වැඩපිළිවෙලක් සැකැසිය යුතු යැයි තේරුණේ නැත. කැලිෆෝනියාවේ ගෝඨාගේ මිතුරන් ඔහුට 'මෝඩ ගෝඨා' යැයි නම් පට බැන්දේ නිකම් නොවේ.
රටේ ජීවනාලිය විදේශ ශ්රමිකයන්ය. විදේශ ශ්‍රමිකයන් පෙරුම්පුරාගෙන මව් රටට එන්නේ ගෙදර යාමේ අරමුනින්ය. නමුත් දින 14 ක නීරෝධායනයක් ගැන පූර්ව දැනුම් දීමක් නොතිබුනි. රටට පය ගැසූ පසු එවැන්නක් දැනගත් ගත් විට කලබල වීම අතිශය සාමාන්‍ය දෙයකි. පූර්ව දැනුම් දීමක් නොකිරීම රජය සිදුකළ බරපතල වරදකි. තම වරද වසා ගැනීමට ගෝඨා නොහොබිනා වැඩක් කළේය. කලබල වූ විදේශ ශ්‍රමිකයන් ඉත්තෙකු ලෙස යොදා ගත්තේය. විදේශ ශ්‍රමිකයන්ට වැරදි අර්ථකථනයක් දුන්නේය. රජය ඉතා හොදින් නිරෝධයනය කරද්දී විදේශ ශ්‍රමිකයන් ඊට එරෙහි වන්නේ යයි රටට පෙන්වූයේය. ඔහු ඔවුන් පිළිබඳ ජනතාව තුල වෛරය වැපිරෙව්වේ ය. නමුත් ඇත්ත කථාව ඊට වෙනස්ය. මාර්තු 10 කටුනායකට පැමිණි අයගෙන් කොරෝනා රෝගීන් සිටියේ එකම එක් අයෙක් පමනි. නමුත් ගෝඨාගේ, කමල් ගුණේගේ සහ ශවේන්ද්‍රගේ අවිධිමත් නිරෝධායනය හමුදා සාමාජිකයන් ද ඇතුළුව නිරෝගී මිනිසුන්16 බිලි ගත්තේය. අපි 'සාප වේවා' යයි කිව යුත්තේ කාටද?
විපක්ෂ නායකයා රටේ සහ ජනයාගේ ආරක්ෂාව ගැන නිරන්තර සෝදිසියෙන් සිටිය යුතුය. විපක්ෂ නායකයා දුරවබෝධ මිනිසෙක් විය යුතුය. පාලකයා යම් නොකළ යුත්තක් කරන්නේ නම් හෝ කළ යුත්තක් නොකර සිටින්නේ නම් විපක්ෂ නායකයා විසින් එය ප්‍රශ්න කළ යුතුය. කොරෝනා වෛරය නිල ලෙස ලොවට එළිදරව් වූයේ නොවැ 17 දිනය , පාර්ලිමේන්තුව විසිර වූයේ මාර්තු 2 දිනය. නමුත් කොරෝනා රකුසා ගැන විපක්ෂ නායක සජිත් එකදු වචනයක් පාර්ලිමේන්තුවේ කථා කොට නැත. සජිත් චම්පික සමග එක්ව අලුත් පක්ෂයක් හැදීමට දත කෑවා මිස දෙදෙනාගෙන් එකෙක් හෝ රට ගැන හෝ පුරවැසින් ගැන හෝ සිතුවේ නැත. සජිත් දේශපාලන රැස්වීම් පවත්වමින්, හරසුන් කථා කියමින් මෝඩයෙකු ලෙස හැසිරුනේ ය. සජිත් තවමත් සිටින්නේ සිහින ලෝකයක මිස මහපොළොවේ යථාර්ථය සමග නොවේ. ඒ පිළිබඳව බුද්ධිමත් ජනයා පුදුම විය යුතු ද නැත.
ගෝඨා ජාතිය අමතමින්, "තමන් කියන දේ අහන්නේ නෑ" යයි අමුතු කථාවක් කිවේය. තමා එපා කියද්දී රෝයල්- තෝමස් ක්‍රිකට් තරඟය පැවැත්වූයේ යයි චෝදනා කළේය. රෝයල් - තෝමස් ක්‍රිකට් තරගය ඇද ගනිමින් ගෝඨා පහර දුන්නේ නාමල්ට ය. රෝයල් - තෝමස් ක්‍රිකට් තරඟයට විරෝධය පෑ ගෝඨා ආනන්ද - නාලන්ද ක්‍රිකට් තරඟය බැලීමට ගියේය. මඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායනය යොදා ගැනීම ගැන ඇතිවූ ගැටලුවේදී එළිපිටම මහින්දට පහර දුන්නේය. ගෝඨාභයට බාහිරින් එල්ල වන අභියෝගවලට වඩා අභ්‍යන්තරයෙන් එල්ල වන අභියෝග ප්‍රබල බව අප ලියා ඇත. රට පාලනය කිරීමේ සුක්කානම මහින්ද සතුවීම සහ පක්ෂය බැසිල් සතු වීම ගෝඨා මුහුණ දෙන ප්‍රබලම අභියෝග වෙති. ගෝඨා කොරෝනා ව්‍යයසනය අතර තුර මිලිටරිය යොදවා තම සහෝදරයන් දෙදෙනා යටපත් කරන කුමන්ත්රණයක නිරත ය. වෛරසයට වඩා බල කුමන්ත්‍රණයට වැඩි බර තබා ඇත. ඒ පිළිබඳ කවුරු කවුරුත් අවධානයෙන් හිඳීම කොරෝනා භීතියෙන් පෙළෙනවාට වඩා ඇඟට ගුණය
හිටපු හමුදා බුද්ධි නිලධාරී
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/48
---------------------------
by (2020-03-18 21:22:50)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි