~

කොරෝනා වසංගතය මඩින්න දැක්මක් ඇති විරුවා පරිප්පු සැමන් මිල අඩු කරයි..! තීරණය දැනගත් ලෝක බලවතුන් හොල්මන්..!

අඹයාගේ ඇඹුල

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.18, ප.ව.5.20) අපේ රටේ කොරෝනා රෝගීන් දවසෙන් දවස වැඩි වෙන්නේ මේම මේම කරද්දී. අනේ අපේ දියසෙන් කුමාරයා මේ විපතක් තියෙන වෙලාවේ රටම අවුලක ඉද්දී ජාතිය අමතනවා කිව්වම අපේ පවුලේ සේරමයි ගමේ අයයි ඔක්කොම පට්ට මෙව්වා එකෙන් ටී.වී. එකට ලඟට වෙලා හිටියා. කිව්ව වෙලාවට පැයකට විතර පස්සේ ලොක්කා පෙනී හිටියා ටීවී එකේ. ආච්චි ටීවී එකටත් වැන්දා හරියට අර ආනන්දේ කොලුවා වගේ.

කිසි කෙනෙක් මීක් නෑ, සර් අමතන්න ගත්තා ජාතිය."ශක්තිමත් ආණ්ඩුවක් නැතුව මුකුත් කරන්න බෑ, ඒකට මගේ අයියා අගමැති කරලා 2/3 ආණ්ඩුවක් එක්ක ජනවරමක් දෙන්න. තාම රට ලොක් ඩවුන් කරන්න ඕන නෑ. මේ ලෙඩ්ඩු ටිකක් හිටියට තාම එහෙම කරන්න ඕන නෑ. කොරෝනා වසංගතය මඩින්න පරිප්පු රුපියල් 65ට දෙනවා, සැමන් 100ට දෙනවා. මගේ සෞභාග්‍යයේ දැක්ම අනුව වැඩ කරනවා"

ආච්චි තාමත් ටීවී එකට වැඳගෙන, ලොක්කා දිගටම කැම්පේන් ටෝක් එකේ. කෝකටත් කියලා මං එළියට ගියා. පාරට බහිනකොටම අප්පුහාමි මාමා මොන මොනවදෝ කියව කියව එනවා. "මං ජේ.ආර් ගේ ඉඳං ජනාධිපතිවරු දැකලා තියෙනවා, ඒත් මෙච්චර වටින ප්‍රවෘත්තියක් දෙන්න කාටවත් ජාතිය අමතන්න අමතක උනා. පරිප්පු අඩු කරන්න ජාතිය අමතනවා කියන එකම කොච්චර දෙයක්ද.." කිය කිය අප්පුහාමි මාමා ගියා.

ඔහොම ඉද්දි ආවේ ගමේ ජාතිමාමක දේශහිතෛශී සිරිල් මාමා. මිනිහා හෙන කල්පනාවක ආවේ.

"මාමේ මොකෝ මේ බර කල්පනාවක?" 

"අහ් නෑ බං මං මේ කල්පනා කරේ ඇමෙරිකාව අද එන්නතක් හොයාගෙනලු කොරෝනා වලට. හෑ.. හෑ..දැන් උන්ගේ මහලොකු බෙහෙත රෝල් කරලා ගහගන්න වෙන්නේ උන්ට. ලෝකේම හෙල්ලෙන්න අපේ සෑර් වසංගත තත්ත්වය පාලනය කරන විදිය කිව්වනේ. වරෙන්කෝ එක සුද්දෙක් සාඩිං ටිං එකක් ඉල්ලන්, දෙන්නේ පයින් පරදේසක්කාර හැත්තට. උඹ දන්නවද පුතේ වසංගතේ නවත්තන්න ඇයි සැමන් මිල අඩු ‌කෙළේ කියලා.?"

"නෑ මාමේ.."

"යකෝ මිනිස්සු නිතරම සැමන් කෑවහම අතේ තියෙන පිළී ගඳ යන්න නිතරම අත සබන් දාල ‌හෝදන්න ‌වෙනවා. ඉතිං වයිරසේ නිකම්ම මැ‌රෙනවා..  බලහන්කෝ පුතේ දැක්මක් තියෙන නායකයෙක්ගේ වටිනාකම. යන්නං පුතේ." කියාගෙන මාමා ගියේ හරියට නිදහස් උත්සවේ මාච් පාස්ට් එකක් යනවා වගේ හෙන උජාරුවෙන්.

ඔහොම ඉද්දී අපේ ගේ ඇතුලෙන් හෙන ගාල ගෝට්ටිය, බැලින්නං මාමාට ඌරු ජුවල් නැගලා ටීවි එක ඕෆ් කරන්න හදනවා ආච්චී තාමත් වැදගෙන ඉන්නවා. ටීවි එකට නෙවෙයි මාමාට ඕෆ් කරන්න එපා කියලා.

දැන් තමයි මාමා ජාතිය අමතන්න ගත්තේ "මහ ලොකුවට හිටියා බලාගෙන, ඔය කිව්වේ වසංගතේ ගැන. ලොන්තපෝල් අයියා ආපහු කවුන්සිලේට එවන්නලු. එක අතකට ඇත්ත ඉතිං ඒකත් වසංගතයක් නේ. බෝම්බේ පුපුරපු වෙලාවේ මේ යෝදයා කැම්පේන් එක පටන් ගත්තා, වසංගතේ ආපු වෙලාවේ අයියා අගමැති කොරන කැම්පේන් එක පටන් ගත්තා. කලිං හාදයා ඉද්දී අඩු ගානේ පොයින්ට් එකට කතාව හරි කරා. ඒකට මෙන්න හාදයා මුළු ලෝකෙම වසංගතේට පිළියම් හොයනවා, මේකා සැමන් පරිප්පුවක් ගැන කියෝනවා. බලං ගියාම මිනිහට පපුවේ අමාරුව විතරක් නෙවෙයි තිබිලා තියෙන්නේ ඔලුවේ අමාරුවකුත් තිබිලා".

ලිව්වේ අඹයා

---------------------------
by     (2020-03-18 11:58:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links