~

හමුදාවේ 8 කට කොරෝනා වැළඳේ

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.16, ප.ව.8.10) යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සෙබළු හය දෙනෙකු ඇතුළු 8 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග පවසයි. 

මේ පිරිස කන්දකාඩු නිරෝධායන කඳවුරේ සහ කටුනායක ගුවන් තොටුපොලේ සේවයේ නියුතු වූවෝ වෙති.

මේ පිළිබඳ සත්‍ය යුද හමුදාව සහ ආණ්ඩුව මහජනතාවගෙන් වසන් කරමින් සිටිති. 

බොහෝ රටවල් කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට යුද හමුදා කැඳවා නැත. ඔ්ස්ට්‍රේලියානු රජය කියා සිටියේ හමුදාව කැඳවිය යුතු වන්නේ තත්ත්වය බරපතල වන්නේ නම් පමණක් බවයි. 

ලංකාවේ රෝගීන් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් පුහුණුව  ලත් ස්වේච්ඡා සේවකයන් රාශියක් රතු කුරුස සංගමයේ, සෞඛ්‍යදාන ව්‍යාපාරයේ, ශාන්ත ජෝන් ගිලන් සේවයේ ආදී ස්වේච්ඡා සංවිධාන වල සිටිති. ඒ අය යොදා ගැනීම පසෙක ලා වැඩ (අල) කරන විරුවා ප්‍රථමයෙන්ම හමුදාව යොදා ගත්තේ ය.

---------------------------
by     (2020-03-16 15:32:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links