(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.15, ප.ව.9.15) සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය යනු ‘සන්ධානයක්’ නොව තවත් දේශපාලන පක්ෂයක් බවත්, එය හා සන්ධානගතව ක්‍රියා කරන පක්ෂ පිළිබඳව දන්වා නැති බවත් මැතිවරණ කොමිෂන් සභාව ලිඛිතව ප්‍රකාශ කර තිබේ.
කොමිසම මෙම ලිඛිත ප්‍රකාශය කර ඇත්තේ සිවිල් ක්‍රියාධරයෙකු වන ඔ්ෂල හේරත් විසින් කොමිසමෙන් ලිඛිතව කරනු ලැබූ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් නිකුත් කර ඇති ඉහත ලිපියේ සඳහන් වන ආකාරයට පිළිගත් දේශපාලන පක්ෂයකට පිළිගත් දේශපාලන සන්ධානයක් විය හැක්කේ එහි ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පමණි. සමගි ජන බලවේගය එවැනි ව්‍යවස්ථාමය වෙනසක් සිදුකර නැත.
සමගි ජන බලවේගයේ ලකුණ වූ ටෙලිෆෝනය ලකුණ ජනගත කළ උත්සවයේ දී ද සජිත් ප්‍රේමදාස කියා සිටියේ තම සන්ධානය සමග එක්වීමට අවසන් මොහොතේ වුව එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂය පුන පුනා කියා සිටියේ එසේ එක්වීමට නම් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව වෙනස් කරන ලෙසයි. නැතහොත් එක්සත් ජාතික පක්ෂයට ‘අලියා’ ලකුණ අහිමි වන බවයි. අද මැතිවරණ කොමිසම ද ප්‍රකාශ කර ඇත්තේ ඒ කතාවමයි. එජාපයට අලියා රැග ගනිමින් සන්ධාන ගත විය හැකි ලෙස සජිත් සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළේ නැත.
මේ අනුව සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සමග එක්වන සියළු දෙනා ඒ පක්ෂයේ සාමාජිකයන් වනවා මිස තම තමන්ගේ පක්ෂ වල සාමාජිකයන් ලෙස මැතිවරණ කොමිසම නොපිළිගනු ඇත. එසේ තිබිය දී සජිත්ගේ ආරාධනය හුදු ව්‍යාජයක් පමණි. ජනාධිපතිවරණයට පෙර පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට දැඩි සේ විරුද්ධ වූ සජිත් සහ කණ්ඩායම දැන් සන්ධානයක් කියා පක්ෂයක් ගොඩ නැගීමත් එය සන්ධානයක් කියා මවා පෑමත් සැක කටයුතුය.
කෙසේ නමුත් මේ වන විට එජාප බහුතරයක් සජිත්ගේ සමගි ජන බලවේගය සමග එක්ව ඇත. ඒ අය අතර දැඩි එජාප මතවාදයේ සිටි මංගල සමරවීර, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, ආදීහු ද වන අතර මෑතක දී එජාපයට ආ විජිත් විජයමුණි වැන්නෝද වෙති. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ එජාප පහළ ක්‍රියාධරයින් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ප්‍රතික්ෂේප කිරීමයි.
මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හි දේශපාලන විචාරක විමල් ධීරසේකර පවසා සිටියේ සජිත් සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙද්දී පවතින තත්ත්වය අනුව එජාපයට ඊට එක්විය නොහැකි බවත් ඒ අනුව කෙතරම් අවාසියක් වුවද එජාපයට අලියා ලකුණින් තනිව තරඟ කිරීමට සිදුවන බවයි. එසේ නමුත් සමස්ථයක් ලෙස මෙම තත්ත්වය පොදු විපාක්ෂිකයාට වාසියක් විය හැකි බවද ධීරසේකර පවසයි. ඒ මන්ද යත් සජිත්ගේ අඥාන කතා වලට සහ වැඩ වලට අකමැති මධ්‍යම පාන්තිකයාට රනිල්ගේ අලියාට ඡන්දය දීමට හැකිවන අතර රනිල් විරෝධී සජිත්වාදී අයට ටෙලිෆෝනයට ඡන්දය දිය හැකි බැවින් රාජපක්ෂලාට එරෙහි පොදු විපාක්ෂිකයාගේ ක්‍රියාකාරිත්වය පුළුල් විය හැකි යැයි ඔහු පවසයි. අවශ්‍ය නම් ඡන්දයෙන් පසුව කණ්ඩායම් දෙකට පාර්ලිමේන්තුවේ දී එක්විය හැකි බැවින් සුභදායීව මේ ක්‍රියාවලිය දෙස බැලීම හොඳ යැයි විමල් ධීරසේකරගේ මතයයි.
ඔ්ෂල හේරත් මැතිවරණ කොමිසමෙන් කරනු ලැබූ ප්රශ්නාවලියත් කොමිසම ලබා දී ඇති පිළිතුරු ලිපියත් මේ සමග දැක්වේ.
---------------------------
by (2020-03-15 16:09:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි