(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.14, ප.ව.6.30) ස්වීඩනයේ සිට පැමිණි විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනියකට කොරෝනා වෛරසය වැළඳී ඇති අතර එය ආණ්ඩුව මහජනතාවගෙන් වසන් කර තිබේ. ඇයගෙන් අමාත්‍යාංශයේ විශාල පිරිසකට මෙන්ම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ද දැනටමත් රෝගය වැළඳී ඇතැයි සැක පහළ වී තිබේ.
රෝගියෙකුගේ නම හෙළි කිරීම මාධ්‍ය සදාචාරය නොවන බැවින් ඇයගේ නම හෙළි නොකරන නමුත් ඇය මේ වන විට රහසිගතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නීය. ඒ බව ආණ්ඩුවට රහසක් නොවන නමුත් ආණ්ඩුව ඒ වග හෙළි නොකරමින් විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සහ ඇමැති දිනේෂ් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටී.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ඇයට රෝගය වැළඳී ඇත්තේ ස්වීඩනයේ දී වන අතර ලංකාවට පැමිණි ඇය ඒ බව නොදැන පසුගිය දින දෙකක් තිස්සේ අමාත්‍යාංශයේ සෑම අංශයකම පාහේ අය සමග සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වා තිබේ. රෝග ලක්ෂණ පිළිබඳ සැක පහළ වී අද ඇය පරීක්ෂණයකට යොමු වූ පසු කොරෝනා පොසිටිව් බව හෙළි වී ඇත. ඉන්පසු ඇය රහසිගතව රෝහල් ගත කර තිබේ.
පසුගිය දින දෙක පුරා ඇය අමාත්‍යාංශයේ ඇසුරු කළ පිරිස විශාල අතර ඇමැති දිනේෂ් ගුණවර්ධන ද ඒ අය අතර වේ.
වියපත් අයට කොරෝනා රෝගය දරුණු වන බැවින් 71 වැනි වියේ පසුවන දිනේෂ් ගුණවර්ධනට රෝගය වැළඳී ඇත්නම් තත්ත්වය දරුණු විය හැකි ය. ඔහුට රෝගය වැළඳී ඇත්නම් එමගින් කැබිනට් මණ්ඩලයට ද රෝගය වැළඳීමේ අනතුරක් ද නැත්තේ නොවේ. දිනේෂ්ට කොරෝනා පොසිටිව් වුවහොත් ඔහු ලංකාවේ රෝහලකින් ප්‍රතිකාර ලබයි ද? නැතිනම් ලංකාවේ දේශපාලනඥයන්ට සුපුරුදු සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ඇතුලත් වෙයිද? සිංගප්පූරුව කොරෝනා රෝගියෙකු බාර ගනීවිද? යන්න ගැටළුවකි.
මේ අතර අද තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
---------------------------
by (2020-03-14 13:09:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි