(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.13, ප.ව.10.30) කොරෝනාවෙන් ගැලවීම සඳහා ආරක්ෂාකාරී විය යුතු නමුත් අනවශ්‍ය ලෙස තැතිගැන්මට ලක්වීම මෝඩ ක්‍රියාවක් බව පහත දැක්වෙන දත්ත වලින් තේරුම් ගත හැකිය. එය කොරෝනාවෙන් වැඩිම ගණනක් මිය ගිය චීනයේ වෛරස නාශක මධ්‍යස්ථානයේ දත්ත අනුව සැකසුවකි.
ළදරුවන් සහ කුඩා ළමුන් මෙම වෛරසයෙන් මිය යෑම ඉතාමත්ම විරලය.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 10 - 39 දක්වා අය මිය ගොස් ඇත්තේ 0.2% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 40- 49 දක්වා අය මිය ගොස් ඇත්තේ 0.4% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 50- 59 දක්වා අය මිය ගොස් ඇත්තේ 1.3% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 60- 69 දක්වා අය මිය ගොස් ඇත්තේ 3.6% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 70- 79 දක්වා අය මිය ගොස් ඇත්තේ 8% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 80 ට වැඩි අය 14% ක් මිය ගොස් ඇත. අනෙක් අය සුව වී තිබේ.
මේ අනුව ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නේ ප්‍රතිශක්තිය හීන වන වයස් කාණ්ඩ වෙත යද්දී මිය යන ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වන බවයි. වයස 80 වැඩි අය කොරෝනා නොව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව නරක් වීමෙන් වුව මරණයට ලක් වීමේ අවදානම වැඩිය.
වෛරසය වැළඳුනුු පුරුෂයන්ගෙන් මිය ගොස් ඇත්තේ 2.8% ක් වන අතර ගැහැණු අය මියගොස් ඇත්තේ 1.7% කි. අනෙක් අය සුව වී තිබේ.
මිය ගිය අයගෙන් 35.7% ක්ම වෛරසය වැළඳීමට පෙර සිට විවිධ රෝග තිබූ අය වීම ද විශේෂත්වයකි. ඉන් හෘදය ආශ්‍රිත රෝගීන් 10% කි. දියවැඩියා රෝගීන් 7.3% කි. නිධන්ගත ශ්වසන රෝගීන් 6.3% කි. අධික රුධිර පීඩනයෙන් පෙළුණු අය 6% කි. පිළිකා රෝගයෙන් පෙළුණුුු අය 5.6% කි.
මේ දත්ත සහ අනෙකුත් රටවල දත්ත අනුවද පෙනී යන කාරණයක් වන්නේ මෙම වෛරසය වැළඳුණු අයගෙන් මිය යන සංඛ්‍යාව අතිශය අඩු ප්‍රතිශතයක් වන බවයි. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ ඊයේ (12) වන විට රෝගය වැළඳුනු අය 596 ක් සොයාගෙන තිබූ නමුත් ඉන් මිය ගොස් තිබුනේ 10 ක් පමණි. ඒ අයද වෙනත් රෝග තිබූ සහ/හෝ වයසින් 80 ට වැඩි අය වෙති.
අනෙක මතක තබාගත යුතුම කාරණයක් වන්නේ අතිශය වැඩි බහුතරයක් මෙය වැළඳී සුව වන්නන් බවත් මෙය වෛරස රෝගයක් බැවින් සුව වූ පසුව යළි වැළඳීමට ඇති ඉඩ කඩ ඉතාමත්ම විරල බැවින් (පැපොල සේ) බිය නොවිය යුතු බවයි.
මේ නිසා "ඔබත් මාත් මේ සිනාසෙමින් ගත කරන්නේ ජීවිතයේ අන්තිම දින කිහිපයයි" ආදී ගොං මතවාද ජනගත නොකර පිස්සු හදාගන්නේ නැතිව රෝගය වැළඳීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධිමත් විය යුතුය.
ලංකාවේ මීට වඩා වැඩි ප්‍රතිශතයක් රිය අනතුරු වලින් මිය යති.
---------------------------
by (2020-03-13 18:05:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි