හිටපු හමුදා බුද්ධි නිලධාරී කීර්ති රත්නායකගේ හෙළිදරව්ව
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.12, ප.ව.5.45) ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති කොරෝනා නිරෝධායන සාකච්ඡාවේදී රාජපක්ෂ පවුලේ අළුයට ගිණි එළියට ආවේය. මඩකලපු සරසවිය නිරෝධායනයට යොදා නොගන්නා ලෙස මහින්ද නියෝග කළ බව ශවේන්ද්‍ර ප්‍රකාශ කිරීමත් සමග ගින්න පත්තු විය.
“අගමැතිතුමා හිතාගෙන ඉන්නේ තාම එයා ජනාධිපති කියලා වෙන්න ඇති. නමුත් මමයි දැන් ජනාධිපති’’ ගෝඨා කීවේය . මෙය මහින්ද දෙකේ කොළයට දැමීමක් පමනක් නොව සෘජු අනතුරු ඇඟවීමකි.
ගෝඨාගේ අරමුණ හිස්බුල්ලාගේ සරසවිය රජයට පවරාගත් බව පෙන්වා දේශපාලන වාසියක් ලැබීම යයි කෙනෙකු සිතිය හැක. කෙහෙළිය වැනි පුංචි මොළ එලෙස සිතීමෙහි අරුමයක් නැත. හිස්බුල්ලාගේ සරසවිය නිරෝධායනය සඳහා යොදා ගැනීම අහිංසක නැත, හිතන තරම් දේශප්‍රේමී ද නැත. අද බොහෝ දෙනෙකුට අමතක වුවද ගෝඨා යනු සොහොන් නඩුවට වරදකරු වී හිරේ යන ගැට්ටේ සිටි අයෙකි. ඉන් බේරුනේ පාස්කු ප්‍රහාරය නිසාය, ජනපති අපේක්ෂකත්වය ලැබුනේ පාස්කු ප්‍රහාරය නිසාය, 69 ලක්ෂයක් ඡන්ද ලැබුනේ පාස්කු ප්‍රහාරය නිසාය. IS බිල්ලා ගෝඨාගේ ගැලවුම්කරුවා විය. ගෝඨාගේ පැවැත්මට IS බිල්ලා අවශ්‍යය.
හිස්බුල්ලාගේ සරසවිය නිරෝධායනය සඳහා යොදා ගැනීම බිහිසුණු කුමන්ත්රණයකි. දෙරණ නාලිකාව හිස්බුල්ලාගේ සරසවියට හමුදාව ඇතුල් වන දර්ශන පෙන්වන්නේ නන්දිකඩාල් සටන ජය ගත් ආකාරයෙනි. ගෝඨා සරසවිය නිරෝධායනයට යොදා ගත්තේ සිංහළ මුස්ලිම් ගින්න ඇවිලීමට ය. සරසවිය පවරා ගැනීමට එරෙහිව හිස්බුල්ලා කරන උද්ඝෝෂණ කුමන්ත්රණයේම පිටුවකි. හිස්බුල්ලාට අවශ්‍ය සරසවිය බේරා ගැනීම නම් ඔහු කළ යුත්තේ උද්ඝෝෂණ කිරීම නොව නඩු මගට බැසීමය. විදෙස්ගත ශ්‍රමිකයන් මඩකලපුව වැනි දුෂ්කර පෙදෙසකට පැටවීමට පොට පාදා ගත්තේද ශූක්ෂම අයුරිනි. හැඳල උද්ඝෝෂණය සංවිධානය කළේ ගෝඨාමය. නිරෝධායනය ඕනෑම තූත්තුකුඩියකට ගෙන යාම සඳහා පසුබිම හැදීම අරමුණ විය.
ගෝඨා ජනපති වූ දා පටන් කළේ සිංහළ මුස්ලිම් ජනයා අතර සංහිඳියාව ඇති කරන වැඩ නොව වාර්ගික ගින්න අවුළුවන වැඩය. වත්තල ආර්පිකෝවේ නිකාබ් සිද්ධිය පළමු වෙඩි මුරය විය. එය සුරේෂ් සැලේ විසින් නිර්මානය කළ ජවනිකාවකි. අදාල මුස්ලිම් කාන්තාව සුරේෂ් සැලේ පැල කළ තැනැත්තියකි. නිකාබ් වීඩියෝව වයිරල් වෙත්ම අස්ලාම් ආසිෆ් නැමැත්තෙක් ඇඟ පත නිරාවරණය වන පරිදි අඳින සිංහළ කාන්තාවන් වීඩියෝ කළ යුතු යයි කීවේය. අස්ලාම් ආසිෆ් අලි සබ්රිගේ ගෝලයෙකි. ඉන් අනතුරුව හරක් මැරීමට එරෙහිව තරුණයෙකු ගිණි තබා ගන්නා ව්‍යාජ වීඩියෝවක් නිකුත් විය. එම ගිනි තබා ගැනීම පරිඝනක ග්‍රැෆික් වැඩකි. එම වීඩියෝව වාර්ගික ගින්න ඇවිලීම සඳහාම සැකසූ එකකි. ගෝඨාගේ අරමුණ රට නිවීම නම් ICCPR යටතේ මොවුන් අත් අඩංගුවට ගත හැකිව තිබුණි.
විදේශ විනිමය ඉපයීමේ මහඟු කාර්ය මුලුමනින්ම පාහේ කරනුයේ විදේශ ගත ශ්රමිකයන්ය. වර්ෂයකට රැකියා වෙළඳ පොලට ලක්ෂ 3ක් පමන පිවිසිය ද රජය සහ පුද්ගලික අංශය රැකියා දෙන්නේ විසි පන්දාහකට අඩු ගණනකි. සෑම වසරකම 250,000 ක් පමන රට යයි. ගෝඨා ජාතිවාදය සැලසුම් කළා මිස ශ්‍රමිකයන් ගැන බැලුවේ නැත. දිනකට රු 7500ක් අය කිරීමට නියෝග දුන්නේ එනිසාවෙනි. ශ්‍රමිකයන්ට රක්ෂණයක් ඇත. රට යන විට ගාස්තු අය කරයි. මොවුන්ට පහසුකම් සැලසීම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වගකීමකි. කටුනායක සහ මඩකලපුව යනු බටහිරට නැගෙණහිර අන්ත දෙකකි. ඒ අතර ගමන් බිමන් දුෂ්කරය. පැය ගණනක ගමන් විඩාවකින් ගුවන් යානයෙන් බසින ශ්‍රමිකයා තවත් පැය ගණනක් දිගු බස් ගමනක රටේ ඒ කොනේ සිට මේ කොනට යෙදිය යුතුය. හම්බන්තොට ආසන්නයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඇත. චීන ආධාර මත ඉදි කළ ගොඩනැගිලි ඇත. අධිවේගී මාර්ග ඇත. නිරෝධායනය එම ප්‍රදේශයේ වඩා හොඳින් කළ හැකිව තිබුනි.
තම අතින් සිදුවූ අඩුව වසා ගැනීමට විදෙස් ශ්‍රමිකයන්ට පහර දීම කණගාටු දායකය. විදෙස් ශ්‍රමිකයන්ට හමුදාවේ කොට්ට්ට මෙට්ට දුන්නා යයි ශ්‍රවේන්ද්‍ර කී කථාව හෙලා දැකිය යුතුය. වහල් සේවයට ගිහිල්ලා ඒ.සී කාමර ඉල්ලනවා යයි කමල් ගුණේ කියන කථාව පිළිකුලින් හෙලා දැකිය යුතුය. 'අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න' යි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ රටට ආ රට විරුවන්ට කියන කතාව පාහර කතාවකි. ගෝඨා වෙනුවෙන් ඡන්දය දැමීමට ජාතික කොඩි රැගෙන රටට ආ ශ්‍රමිකයන් දැන්වත් රාජපක්ෂලා කව්දැයි තේරුම් ගත යුතුය.
අවුරුද්දකට අපේ රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 26 ක මුදලක් වැය වෙයි. අපනයන වලින් උපයා ගන්නේ ඩොලර් බිලියන 14 කි. ඩොලර් බිලියන 12ක පමන වෙළද හිඟයක් ඇත. මේ හිඟය පියවා ගැනීමට ඩොලර් බිලියන 8 ක් සපයන්නේ විදෙස්ගත ශ්රමිකයන්ය. ඉඳිකට්ටක් නොහදන රටේ භාන්ඩ ආනයනයට මුදල් සොයා දෙන්නේ විදෙස් ශ්රමිකයන්ය. ගෝඨාගේ කමල්ගුනේගේ ශවේන්ද්‍රගේ ලංකට් එකට පවා යොදවන්නේ රට විරුවන්ගේ ඒ මුදල් බව සිහි තබා ගත යුතුය
හිස්බුල්ලාගේ සරසවිය නිරෝධායන කටයුතු වලට යොදා නොගන්නා ලෙස මහින්ද කීවේ ගෝඨාගේ යටිකූට්ටු වැඩ ගැන ඉව වැටුනු නිසාය. 19 වැනි සංශෝධනය අනුව රාජ්‍ය පාලනයේ සුක්කානම මහින්ද සතුය. කැමති වුවද අකමැති වුවද ගෝඨා යනු මහින්ද යටතේ වැඩ කළ යුතු පියන් කෙනෙකි. ගෝඨා තමන් වෙත නැති බලයක් ආරූඪ කර ගනිමින් වැඩ කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ගෝඨාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා මහින්ද ඉවසා සිටියද නාමල් නොඉවසයි. ගෝඨා 69 ලක්ෂයක ජනවරමක් ලද බව සත්‍යකි . දෙකෝටියක ජන වරමක් ලැබුවද ව්‍යස්ථාවට ඉහලින් යා නොහැක. ඉදිරියේදි අයියා හෝ මල්ලී පියන් වීම නොවැලක්විය හැක. නාමල් සාධකය නිසා මල්ලී පියන් වීමට ඇති බර වැඩිය. නාමල් ගෝඨාට අභියෝගයකි.
පසුගිය පෙබරවාරියේ තමිල්නාඩුවේ ප්‍රාන්ත බුද්ධි අංශය ලංකාවේ දේශපාලනයේ විය හැකි ලේ වැගිරීමක් ගැන රහස්‍ය ලියවිල්ලක් මධ්‍ය රජයට එවා තිබුනි. එම ලියවිල්ල එවා තිබුනේ චෙන්නායි හි 'Q අංශයේ' නියෝජ්‍ය කොමසාරිස්වරයා ය. ( Deputy commissioner ) නාමල් රාජපක්ෂ සහ කරුණා අම්මාන් ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඉන් හෙළිදරව් කර තිබුණි. එම කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ මන්නාරම හිටපු මුහුදු කොටි නායකයෙකු වූ 'තම්බි අන්නා' ටය. සහරාන් ඉන්දියාවට රැගෙන ගිය බවට සැක කරන පුද්ගලයාද ඔහුය. 'තම්බි අන්නා' අද වැඩ කරන්නේ කාටදැයි අපිට වඩා මහින්ද නාමල් දනිති. ඝාතන කුමන්ත්‍රණය පිලිබඳ තොරතුරු නාමල්ට වාර්තා වීමත් සමග ගෝඨාගේ හමුදාවට පරිබාහිරින් ආරක්ෂාව සලසා ගැනීමට නාමල් කටයුතු කොට ඇත. කාල්ටන් නිවසේ මහින්ද සහ ගෝඨා අතර පැවති සාකච්ඡාවක් අතර තුර මහින්ද පුටුව පොළොවේ ගැසූ බව මේ ලියුමකරු පසුගිය ලිපියෙන් හෙළි කෙළේය. එම ලිපිය පල වී සතියක් ගතවීමට මත්තෙන් ගෝඨා මහින්දට එරෙහිව එළිපිට වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
හිටපු හමුදා බුද්ධි නිලධාරී
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/48
---------------------------
by (2020-03-12 12:23:03)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි