~

රාජපක්ෂවාදී මහාචාර්ය භික්ෂුව අනාථයි: “හතේ අපේ පොත” දරුවන්ගේ මානසික වර්ධනයට ඉතා වැදගත්: මානව හිමිකම් ‌කොමිසම පාර්ලිමේන්තුවට කියයි..!

ලෝකාචාර්ය ජනගුප්ත ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.12, ‌පෙ.ව.1.00) මහාචාර්ය කෙනෙක් යැයි කියා ගන්නා මැදගොඩ අභයතිස්ස භික්ෂුව මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා  සිදු කළ විරෝධතාවයක්  හේතුවෙන් සමාජය තුල මහත් කතාබහට ලක්වූ "හතේ අපේ පොත"  පාසල් පොතක් ලෙසින් භාවිතයට ඉතා සුදුසු බව  ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩුගමගේ අත්සනින් යුතුව 2020 පෙබරවාරි මස 25 දින යොමු කර ඇති එම ලිපි‌යෙන් පෙන්වා දී ඇත්තේ සිය කොමිෂන් සභාවේ නිගමනය පරිදි එම අත්පොත පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම දරුවන්ගේ මානසික වර්ධනයට මෙන්ම පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත් වන බවයි.

"මෙම අත්පොතේ අන්තර්ගතය මෙම කොමිෂන් සභාව විසින් දකිනුයේ ළමා සංවර්ධනයට අවශ්‍ය තොරතුරු විද්‍යාත්මක පදනමකින් හා විධිමත් අධ්‍යාපනය තුළින් දරුවන් වෙත ලබා දීමේ ප්‍රශස්ත වෑයමක් ලෙසයි,” යනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ හා කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුසිතා විජේමාන්න වෙත යොමු කර ඇති ලිපිය මගින් අවධාරණය කර ඇත.

නිර්මාණශීලී, ඉහල ආත්ම විශ්වාසයකින් හෙබි, මානසික හා කායික සුවතාවයෙන් ඉහල මට්ටමක සිටින දරුවන් බිහි කිරීම ඕනෑම සමාජයක මුඛ්‍ය අරමුණ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාව පිළිගෙන ඇති ළමා අයිතිවාසිකම් වල මුඛ්‍ය අරමුණ වන්නේද එයම බව සිහිපත් කර දී තිබේ.

මෙම අත්පොත නිර්මාණය කර ඇත්තේ සෞඛ්‍ය සන්නිවේදන සහ ජීවන නිපුනතා පිළිබද මනා දැනුමක් ඇති වෛද්‍යවරුන් පිරිසක් බව අමතක නොකළ යුතු බවද අවධාරණය කරන ආචාර්ය දීපිකා උඩුගම සිය නිරීක්ෂණය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවල කාරුණික සැලකිල්ලට ගන්නා ලෙසද ඉල්ලා සිටින්නීය.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා වට පවත්වන්නේ නම් මානව හිමිකම් කොමිෂන් සභාවට ද කරුණු දැක්වීමට අවස්ථාව සලසා දෙන මෙන් ඇය එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මැදගොඩ අභයතිස්සගේ විරෝධය..

ළමා මනස දුෂණය කරන  ග්‍රන්ථයක් ලෙසින් "හතේ අපේ පොත"  හෙලා දුටු මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව පසුගිය ආණ්ඩුව සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති එම පොත වහාම එය අවලංගු කළ යුතු බවට මාධ්‍ය හමුවක් පවත්වමින් මුල්වරට විරෝධතාවයක් පළ කර තිබුනි.

ඒ 2019 වසරේ දෙසැම්බර් මස  24 දින  පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා අකිල විරාජ් කාරියවසම් ගේ මැදිහත් වීම මත නව යොවුන් විය පිළිබඳ ලබා දුන් 7 ශ්‍රේණියේ පෙළ පොත එම වයසේ දරුවන්ට නොගැළපෙන අතර එය  දරුවන්ගේ ගුණධර්ම වලට  බරපතළ ලෙස බලපෑම් එල්ල කරන අයුරින්  සකසා ඇති බව එම හිමියන්ගේ චෝදනාව විය.

මෙය හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවු වැරදීමක් නොවන අතර මෙය හිතා මතා සිදුකර ඇති සංස්කෘතික විනාශයේ එක් කොටසක් බව එම හිමියන්ගේ මතය විය.

ලොරිවලට ආපසු  දෙන්න..

"හතේ අපේ පොත" සිසුන් වෙත බෙදා හැරීම නොකළ යුතු බවට භික්ෂු විරෝධයෙන් අනතුරුව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලුම විදුහල්පතිවරුන් සහ සියලුම මධ්‍යස්ථානාධිපතිවරුන් වෙත පසුගිය වර්ෂයේ අවසාන කාර්තුවේදී  උපදෙස් ලබා  දී තිබුණි.

'හතේ අපේ පොතේ' සියලු පිටපත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොරිවලට ආපසු  ලබා දෙන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් ජයන්ත වික්‍රමනායක එහිදී  උපදෙස් දී තිබුනි.

දැනට මෙම පොත පාසැල් දරුවන්ට ඉගැන්වීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු මගින් අදාළ විශේෂඥයන් හා සිවිල් ක්‍රියාධරයන් සමග සාකච්ඡා පැවැත්වු බවත් ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාව දැන ගත් බව ආචාර්ය දීපිකා උඩුගම පාර්ලිමේන්තුවට වැඩි දුරටත් දන්වා තිබේ.

-‌ලෝකාචාර්ය ජනගුප්ත-

ලියුම්කරුගේ ‌පෙර ලිපි
https://www.lankaenews.com/category/63

---------------------------
by     (2020-03-12 11:15:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links