~

හූ මුත්තගේ අයියගේ කතාව...!

අප්පු-ආමි ‌ගේ ‌කොළම

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.11, ‌ප.ව.6.40) මුත්තා යැයි අපේ රටේ ව්‍යවහාරයේ පවතින්නේ තාත්තාගේ තාත්තාගේත් තාත්තාය. ඇතැම් ප්‍රදේශවල අම්මාගේ අම්මාගේත් අම්මාට මුත්තා කියනු අසා ඇත්තෙමි.

මම මින් පෙර “හූ මුත්තා”  ගැන ලියු ලිපියක් ගැන ඔබට මතක ඇතැයි සිතමි. මුත්තා යනු  බොහෝ ඇසූ පිරූ තැන් ඇති නිවුනු ගුණ සහිත, යමක් දෙස උපේක්ෂා සහගතව බැලිය හැකි තෑනත්තෙකි. එහෙත් මේ හූ මුත්තාගේ අයියා එවැන්නෙක් නොවේ. ඔහු තන්හාව ඉහවහා ගිය ලොංපොල් පොරකි.

නමුත් අපේ රටේ සංස්කෘතිය තුළ මුත්තා යනු හැමෝගේම ගෞරවාදරයට පත් වන තැනැත්තෙක් වේ. 

මම අද කියන්නට යන මුත්තගේ කතාව එදා මම ලියු හූ මුත්තාගේ ම ඥාතියෙකි. ඔහු හු මුත්තාගේ වැඩිමල් සහෝදරයායි.  ගමේ භාෂාවෙන් ලොකු අයියා යැයි කිව්වද, මේ ලොකු අයියා අවුරුදු පනහක් හැටක් දේශපාලනයේ සිටියත් තමන් නියෝජනය කරපු හම්බන්තොටට කළ දෙයක් නැත. ඔහු හැමදාම කළේ අනුන්ගේ පහනෙන් එළිය බැලීම පමණි. 

හම්බන්තොට මිනිස්සු “මුත්තා”  යැයි කියන්නේ චමල් රාජපක්ෂටය. චමල් රාජපක්ෂ යනු රාජපක්ෂ පවුළේ ලොකු අයියායි. හම්බන්තොට සිටින මගේ මිතුරෙක් දේශපාලන කතාබහක දී මට රාජපක්ෂ පවුල ගැන බොහෝ දේවල් කිවේය. රාජපක්ෂ පවුළේ සිටින සාර්ථකම රාජපක්ෂවරයා මහින්ද රාජපක්ෂ මහතායි. අන් සියලු දෙනාම සිදු කළේ ඔහුගේ පහනින් එළිය බැලීමය. චමල් රාජපක්ෂ ද  එවැන්නෙකි. මැතිවරණයක් පැවැත්වෙන විට කොහේ  හෝ සිට හම්බන්තොටට කඩා පාත් වෙන ඔහු හම්බන්තොට මහජනතාවගේ ඡන්ද ටිකට කෙළින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම විකුණමිනි. 

හම්බන්තොට ඇත්ත කතාව..

හම්බන්තොට ඇත්ත කතාව නම් මුලු රාජපක්ෂ පරම්පරාවේ ඉන්න සියලු දෙනාට නාම යෝජනා ලැබුනු පසු තවත් අයෙකුට ඉඩක් නැත. චමල්, මහින්ද, නාමල්, නිරූපමා අජිත් රාජපක්ෂ ඇතුලු පිරිස ඉල්ලන විට තවත් අයෙකුට අවස්ථාවක් නැත. මේ  නිසාම මැතිවරණයක කිහිපයක සිට මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලට විතැන් වුයේ වෙනත් කළ හැකි කිසි දෙයක් නැති නිසාය. 

මහින්ද රාජපක්ෂ මහතාට ලංකාවේ කොයි දිබ්බාගයෙන් ඉල්ලුවත් ඔහුට පාර්ලිමේන්තුවට යාම අසීරු දෙයක් නොවේ. එහෙත් හැකි නම් චමල් ට එසේ ඉල්ලන්න යැයි කිවහොත් කුමක් වේදැයි සිතා ගත හැකිය. 

කෙසේ වුවද චමල් හම්බන්තොට අත්හරින්නේ නැත. ඔහුගේ දැන් වයස අසූව පැන ඇත. නමුත්  ඔහුගේ තන්හාවේ කෙළවරක් නැත. හරිනම් දැන් ඔහු කළ යුත්තේ බණක් භාවනාවක් කරමින් යන තැනකට වැඩක් කර ගැනීමය. උපන්තේකට හම්බන්තොට මිනිස්සුන්ට කිසිවක් නොකළ ඔහු ඇමැතිකම් ගණනාවක් දැරූවද ඒ එකකින්වත් වැඩක් ඇති දෙයක් අපේ රටට සිදු කර නැත.

මේ වැඩේ චමල් මහත්තයාගේ වැඩක් යැයි කිවහැකි කිසිවක් කර ඇත්නම් එසේ පෙන්විය හැකි කිසිවක් ඔහු හම්බන්තොටටවත් රටටවත් සිදු කර නැත.

ශ්‍රී ලංකා කාරයන්ට ඡන්දෙ ‌දෙන්න එපා..

එහෙව් මුත්තා ඊයේ අපුරු කතාවක් කළේය. ඔහු මෙවර මැතිවරණයේ දී ඡන්දය දිය යුත්තේ පොහොට්ටුවන්ට පමණක් යැයි කීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් ඡන්දේ දෙන්න එපා යැයි කී ඔහු ඊයේ ප්‍රකාශයෙන් සිදු කළේ ඔහුගේ වයසට හෝ අඩු තරමින් මුහුකුරා ගිය දේශපාලන ඥානයටවත් නොගැලපෙන කතාවකි. 

පාරට හුජ්ජ කරන චමල්..

මම මෙතැන දී මුහුකුරා ගිය දේශපාලන ඥානය යැයි කිව්වද ඔහුට ඇති දේශපාලන ඥානයක් නැත.

හම්බන්තොට දී මට මුනගැහුනු මගේ මිතුරා කීවේ මෙවැනි කතාවකි.

"ඔය මනුස්සයා ඒ කාලයේ  උදේට සරම කැහැපට ගහගෙන පාරට එනවා සිගරැට් එකත් පත්තු කරගෙන. ෂර්ට් එකක් අඳින්නෑ. ඒ ඇවිත් පාරේ යන එන මිනිස්සු එක්ක කතා කරනවා.. එතකොට කරන්නේ මිනිස්සුත් එක්ක කතා කර කර පාරට හුජ්ජ කරන එක. එහෙම හිටපු ඒකා තමයි දැන් පොර වෙලා තියෙන්නේ."

එහෙම හිටපු චමල් මුත්තා මේ පාරත් ඡන්දෙට ඉල්ලන්නේ අර පරණ තැටියම ගහමිනි. මං රාජපක්ෂ පවුළේ වැඩිමලා. ඒ් හින්දා මට දිස්ත්‍රික්කයේ පළවැනියා වෙන්ඩ ඡන්දේ දෙන්න ඔ්නෑ. මේ ඔහු ගහන වැල් බයිලාය.

මුත්තා අමරවීරට ‌දෙවැනි වු‌නොත්..

මේ දවස්වල හම්බන්තොටින් පළවැනියා වෙන්න පොර කන අතරේ එහි සිටින අනිත් රාජපක්ෂ නාමල්ය. ඔහුත් මුත්තාත් අතර ඇත්තේ සිතල යුද්ධයකි. ඒ අතරේ දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ  මහතාට පසු ජනප්‍රියම දේශපාලකයා වන මහින්ද අමරවීර ද සිටි. මහින්ද අමරවීර යනු මහින්ද රාජපක්ෂගෙන් පසු හම්බන්තොට මහජනතාවට ඇඟට දැනෙන්ට යම් වැඩ කොටසක් කළ පුද්ගලයෙකි. 

ඇත්තටම චමල්ලා නාමල්ලා ඡන්දේ ඉල්ලන්නේ රාජපක්ෂලා වීමේ සාධකය මත පමණි. එසේ නැතිව ඔවුන් හම්බන්තොට ජනතාවට කළ ලබ්බක් නැත. මුත්තාගේ ඉහට ගසා ඇති තන්හාව කොතෙක් ද යත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ට ඡන්දේ දෙන්න එපා යැයි කියන තැනට තල්ලු වී සිටින්නේ තමන් මහජනතාවට කිසි දෙයක් නොකළ හෙයින්  පරාජයට පත් වේ යැයි බියෙනි. 

මහින්ද අමරවිරට දෙවැනි වෙන්නට වුවහොත් ඔවුන්ට සිදු වන්නේ බඩ කපාගෙන නහින්නටය. 

බුඩාගේ පූල් එක සහ බීඑම්ඩබ්ලිව්..

ඒ් නිසා චමල් රාජපක්ෂ වැනි  බුඩ්ඩන් (මොනරාගල වචනයකි. බුඩා යනු මහල්ලාය. බුඩ්ඩ පබ්බජිත යැයි බුදුදහමේ සඳහන් වන්නේ මහළු පැවිද්දන්ටය)  දැන් කළ යුත්තේ ගුත්තිල ඇදුරා අනුගමනය කිරීමය.

“මට මහළු වයසේ- බැරිය වෙණ ගායනා පෙර සේ” යැයි ගුත්තිල ඇදුරා කීවාක් මෙන් අනුන්ට ඇණ ඇද ඇද ඉන්නවාට වඩා ඔහු කළ යුත්තේ ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීමය.

මෑතක දී නුගේගොඩ පිහිටි චමල්ගේ නිවසට ගිය මගේ මිතුරෙක් කිවේය. “මචං... ඒක ගෙයක් නොවෙයි සාගරයක්. පැත්තක ස්විමිං පුල් එකක්. ගෙදර සාලේ තියෙන දැවැන්ත වීදුරුවෙන් එහා පැත්තේ පූල් එක  ලස්සනට පෙනෙනවා. ගෙයි ඉස්සරහා BMW කාර් 08 ක් තිබ්බා. තවත් වාහන කිහිපයක් තිබුනා . ඔක්කොම හයිෆයි වාහන...” 

මැතිවරණයක් එනකොට හම්බන්තොට මතක් වෙන මේ බුඩා ඡන්දෙ ගත්තට පස්සේ හම්බන්තොට පැත්ත පලාතක යන්නේ නැත. පාර්ලිමේන්තුවට වී බකං නිලාගෙන සිටින ඔහු මෙම රජය යටතේ කෘෂිකර්ම ඇමැතිවරයාය.

පොහොර ටිකවත් ‌දෙන්න බැරි බුඩා..

එහෙත් අඩු තරමින් කළට වේලාවට ගොවීන්ට පොහොර ටිකවත් දෙන්නට ඔහුට නොහැකි විය. පසුගිය මාස් කන්නයේ ගොවීන් පොහොර ටික ගන්න වින්දේ අපා දුකකි. පො‌හොර  හිඟය ගැන කියන විට විදුර වික්‍රමනායක නියෝජ්‍ය ඇමැති කිව්වේ නිලධාරින්ගේ වැරැද්ද කියායි. එහෙත් ඔහු පසුව කිව්වේ ඇමැති පුටුව අරක් ගෙන ඉන්න බහුබූතයා කිසි දෙයක් කරන්නට ඉඩ නොදෙන බවයි. 

ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ වැනි මොවුන් තවත් පාර්ලිමේන්තුවට පත් කර එවීමෙන් රටටවත් හම්බන්තොටටවත් වැඩක් නැත. එම කාරණය හම්බන්තොට ජනතාව වටහා ගත යුතුය. 

පොළොන්නරුවේ අප්පු-ආමි

---------------------------
by     (2020-03-11 13:20:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links