(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.10, ප.ව.4.15) පසුගිය 2020.මාර්තු.09 දා ලංකා ඊ නිව්ස් වෙත ජේලර් පොඩ්ඩා විසින් "කැරෝකේ වසන්තගේ නිවසින් නීති විරෝධී ගිනි අවි හසුවේ..! කැට්බෝයි පාතාලය සමග එකගෙයි කන STF සිල්වා ඔහු නිදහස් කරයි..!" යන හිසින් කරන ලද හෙළිදරව්වට අභියෝගය කරමින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරෝකේ වසන්ත ලංකා ඊ නිව්ස් ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා තිබුනි.
"ඔයා සඳරුවන් ඉන්නේ එංගලන්තයේ ... නමුත් ඔයාට කියන්න කැමතියි ......ඔය කියන සිදුවීමක් වෙලා නැත ...අනිත් කාරනය තමුන් මා ගැන හරියටම දැනගෙනද මේ චෝදනා කරන්නේ..... මොන උසාවියෙද මම වරද කරුවෙකු වෙලා තියෙන්නේ ...page කලාට කමක් නෑ මඩ ගැහුවත් ප්‍රශ්නයක් නෑ .. .. නමුත් තමුන්ට ඔප්පු කරන්න පුලුවන් නම්.... තමුන් බය නැත්නම් මට කතා කරනවා massenger hari නැත්නම් අංකයක් මම දෙන්නම්. තමුන් එරාජ් හම්බන්තොට නගරාධිපතිගේත් යාලුවෙක්නේ.... තමුසේ පිරිමියෙක් නම් මෙයට පිලිතුරු දෙයි... මහින්ද සර් වෙනුවෙන් මම ඔ්නැම දෙයක් කරනවා .... ඒ රට බේරා ගත් ගෞරවයට.. පොන්නයෙක් වෙන්න එපා"
-සුරේන්ද්‍ර වසන්ත පෙරේරා
2020 මාර්තු 10 පෙ.ව. 4.00
කැරෝකේ වසන්ත පාන්දර බී මරගාතේ අනාගත් තැන නම් මෙම හෙළිදරව්ව කරන ලද්දේ ලංකා ඊ නිව්ස් ප්‍රධාන කතෘ සඳරුවන් මහතා විසින් යන්නයි. මෙය සඳරුවන් මහතාගේ හෙළිදරව්වක් නොව 'ජේලර් පොඩ්ඩාගේ' හෙළිදරව්වකි. ජේලර් පොඩ්ඩාගේ හෙළිදරව්ව පිළිබඳව කැරෝකේ වසන්ත කරනු ලැබූ අභියෝගය ජේලර් පොඩ්ඩා බාර ගැනීමට සූදානම්ය.
පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුන ඔත්තුවකට අනුව අධිකරණය විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් අංශයේ උප පොලිස් පරීක්ෂක එච්. එම්.ජී. කේ ද සිල්වා ප්රමුඛ නිලධාරීන් පිරිසක් 2020. 03. 05 දින අංක 2C , සුකුස්ථාන් ගාඩ්න් , වෝඩ් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පිහිටි කැරොකේ වසන්තගේ නිවසේ තිබී බෝර දොලහේ ගිනි අවි දෙකක් රිපීටර් තුවක්කුවක් සහ 3/8" වර්ගයේ පිස්තෝල සඳහා භාවිතා කරනු ලබන වර්ගයේ උන්ඩ 45 ක් සොයා ගන්නා ලදහ. බෝර දොලහේ එක් ගිනි අවියක් 2018 සහ අනෙක් අවිය 2019 දෙසැම්බර් මාසයේ බලපත්‍ර කල් ඉකුත් වී තිබුනි. 3/8 උන්ඩ භාවිතා කරන ලද පිස්තෝලය සෙවීම පොලිස් පරීක්ෂක එච්. එම්.ජී. කේ ද සිල්වා විසින් සිතාමතාම පැහැර හැර ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවගෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් කට උත්තරයක් පමනක් ගෙන ඇයව මුදා හැර ඇත.
මීට වඩා විස්තර දැන ගැනීමට අවශ්‍ය අයෙක් වෙතොත් මෙම මෙහෙයුම ප්‍රඥාවෙන් පටන් ගෙන ආන්දයෙන් අවසන් කළ STF මූලස්ථානයේ විශේෂ වැටලීම් අංශයේ පොලිස් පරීක්ෂක එච්. එම්.ජී. කේ ද සිල්වාගේ 0711384638 දරණ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමෙන් දැන ගත හැකිය.
මෙම ලිපිය පළවීමෙන් පසු ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලයට කතා කළ නම හෙළි නොකළ පොලිස් නිලධාරියෙක් කියා සිටියේ සිද්ධිය යටපත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා නොකරන ලෙසත් කැරොකේ වසන්තට එරෙහිව ක්‍රියා කිරීම වහාම නතර කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට තර්ජනය කරන ලද බවයි. පොලිස් කණ්ඩායමට වැටලීමේ නියෝග දුන් සහකාර පොලිස් අධිකාරී වරයාට එරෙහිව ක්‍රියා කරන බවද අගමැති මහින්ද තර්ජනය කර තිබිණි.
ජේලර් පොඩ්ඩා ප්‍රශ්න කර සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අදාල වූ නීතිය ඊට වඩා අතිශයින් විශාල වරදක් කළ කැරෝකේ වසන්තට අදාල නොවුයේ ඇයිද? යන්නයි. රන්ජන්ට බ්‍රේකින් නිව්ස් දැමූ මාධ්‍ය මාෆියාව මේ ගැන හාන්කවිසියක් නෑසුන ගානට හිටියේ මාධ්‍ය පාතාලයින්ට සහ උන්ගේ මහ එවුනට කැරෝකේ වසන්තගෙන් ලැබෙන නාරිමාංශ නිසාද ?
මෙම සිද්ධිය පිළිබඳව වාර්තාවක් සැකසීමට සැරසුන මාධ්‍යවේදියෙකුට ඔහු සේවය කරනු ලබන ජාතික පුවත්පත් කඩමාල්ලේ ගහක නමක වත්තකින් කෙළවර වෙන ප්‍රධාන කතෘවරයා පැවසූවේ "අපෝ මේක කොහේ දාන්නද, මේ අපේ වසන්තයානෙ. අනෙක මේවා දාලා ලොක්කයි ලොක්කගෙ කොල්ලොයි ඔක්කොම අපේ ඔලුව කයි. වසන්තයා තමයි රජ පරපුරටම රජ බඩු දෙන රාජකීය පිම්පියා" යනුවෙනි.
එසේ පැවසූ කතෘ ගොයියාද රෑට රෑට කැරෝකේ වසන්තගේ ගුබ්බෑයම්වලට රිංගන නිත්‍ය සාමාජිකයෙක් බව එය අසා සිටි මාධ්‍යවේදියා හොඳින් දනී.
සඳරුවන් හම්බන්තොට නගරාධිපති එරාජ්ගේ යාළුවෙක් නේද යයි කැරොකේ වසන්ත කියයි. එරාජ් ප්‍රධාන කර්තෘ වරයාගේ යාළුවෙක් වුවද ඔහු කලකට පෙර එරාජ් පිස්තෝලයක් ගෙන මන්ත්‍රී කණ්ඩායමකට එරෙහිව නැටූ නාඩගම ගැන 'සෙල්ලම් පිස්තෝල නගරාධිපති' යනුවෙන් නම් කරමින් එරාජ්ට එරෙහිව ප්රවෘත්ති රාශියක් පළ කළ බව කැරොකේ වසන්ත මතක තබා ගත යුතුය. ලංකා ඊ නිව්ස් ට වැරැද්දේ දී යාළුකම් නැත.
මේ රට බේරාගත් වීරයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන වග පවසන කැරෝකේ වසන්ත සත්‍ය හෙළිකලවුන්ට "පොන්නයා" යැයි තමනට හුරු භාෂාවෙන් පවසයි. ඒ පිළිබඳව කීමට ඇත්තේ සෑම පට්ට පඳුරු පාදඩ හොරෙකුගේම අවසන් නවාතැන්පොල රට බේරාගත් විරුවාගේ දෙපරහැන්ද අස්ස වන අතර කාමතුරයන්ට ගම්වල අහිංසක දුප්පත් කෙල්ලන් මුදලට විකුනා සුර සැප විඳින පිංපියෙකුට වඩා පොන්නයින් නම්බුකාර බවයි.
කැරෝකේ වසන්තට ඕනෑ නම් වල තව ගැඹුරට හාරන්නට 'ජේලර් පොඩ්ඩා' සූදානම් අතර එවිට බඩු සහ අවි විතරක් නොව කුඩුද වලෙන් එළියට එනු නියතය.
---------------------------
by (2020-03-10 11:12:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි