(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.09, ප.ව.7.00) රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට සැබවින්ම හසුවී ඇත්තේ කවුදැයි ජනතාව තීරණය කළ යුතු බවත් සහෝදර මන්ත්‍රීවරුන් විවේචනය කරමින් දේශපාලනය කිරීමට තමා සූදානම් නැති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජේවර්ධන පැවසීය. ඔහු ඒ බව කීවේ අද සිරිකොත පැවැති මාධ්‍ය හමුවක දී ය.
මෙරට දේශපාලනය තුළ පක්ෂ දෙකඩ කරමින් තම පවුලේ දේශපාලන කඳවුර ආරක්ෂා කර ගැනීම සඳහා රාජපක්ෂලා කටයුතු කර ඇති බවත්, කිසිලෙසකින් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඉඩ නොතැබිය යුතු බවත් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන මහතා කීය
පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් රාජපක්ෂලා විසින් කඩා බිඳ දමා ඇති බවත් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් මෙන්ම නායකයින්ද මෙම තත්වය අවබෝධකර ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම මතු කළ රුවන් විජයවර්ධන මන්ත්‍රීවරයා කිසිවිටෙකත් රාජපක්ෂලාගේ පවුල් බලය තහවුරු කිරීමේ උපක්‍රමයන්ට හසුවෙමින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම නොකළ යුත්තක් බව ද අවධාරණය කෙළේ ය
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කටයුතු කළ, අද මත ගැටුම් හේතුවෙන් වෙනත් මගක ගමන් කරමින් සිටින සමගි ජන බලවේගයට සම්බන්ධ කිසිදු සහෝදර මන්ත්‍රීවරයෙකු විවේචන කිරීමට තමා උත්සාහ නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා රාජපක්ෂලාගේ වුවමනාවන් හොඳින් අවබෝධ කර ගනිමින් බුද්ධිමත් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව නැවත වතාවක් සියලු දෙනාහට සිහිපත් කරන බව ද කීය.
---------------------------
by (2020-03-09 16:43:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි