~

කැරෝකේ වසන්ත‌ගේ නිවසින් නීති විරෝධී ගිනි අවි හසුවේ..! කැට්බෝයි පාතාලය සමග එකගෙයි කන STF සිල්වා ඔහු නිදහස් කරයි..!

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.09, ප.ව.4.00) අවි ආයුධ, මත්ද්‍රව්‍ය පාතාලය  සහ ගනිකා ව්‍යාපාරය  එක් තැනකට එක් වූ විට ලබාගත හැකි  බලය සුපර් ට්‍රිබල්ය. 

පසුගියදා  පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුන ඔත්තුවකට  අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් අංශයේ උප පොලිස් පරීක්ෂක ජී. කේ ද සිල්වා සමග නිලධාරීන් පිරිසක් කොළඹ  මත්ද්‍රව්‍ය පාතාලය , ගනිකා නිවාස සහ රාත්‍රී සමාජශාලා ක්ෂේත්‍රයේ සුපතල සුපර් ට්රිබල් බලැති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරෝකේ වසන්තගේ කොළඹ නිවස තුල තිබී නීති විරෝධී ගිනි අවි කිහිපයක් සොයා ගත්හ. 

ඒ අතර වසර තුනකින් බලපත්‍රය අලුත් නොකරන ලද බෝර දොල‌හේ (Gauge 12) ගිනි අවි දෙකක්ද විය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් රාමනායකට සිය අරක්ෂාව සඳහා රජයෙන් ලබා දී තිබූ ගිනි අවිය බලපත්‍ර කල් ඉකුත් වීම නිසා සිර ගත වීමට සිදුවුවද කැරෝකේ වසන්තට ඒ නීතිය අදාල නොවීය. ඒ තබා කොළඹ හතේ ජීවත් වෙන කැරෝකේ වසන්තට වගා ගොවියන්ට සිය වගාවන්  වල් අලින්ගෙන් සහ වල් ඌරන්ගෙන් බේරා ගැනීමට රජයෙන් නිකුත්කරන ලද බෝර දොල‌හේ තුවක්කු මොන මගුලටදැයි වීශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක  ජී. කේ ද සිල්වා හෝ වෙනත් කිසිම නිලධාරියෙක් විමසුවේ ද නැත. ඒ කැරෝකේ වසන්ත වනචර දේශපාලකයන්ගේ සහ වනචර නිලධාරීන් ගේ මනදොළ  සපුරන්නට ඇති තරම් රුවැත්තියන්  සැපයීම  වෙනුවෙන්  හිමිකර ගත් බලය නිසාය . 

කැරෝකේ වසන්ත අත් අඩංගුවට  ගෙන උසාවිය වෙත ඉදිරිපත් කරනවා වෙනුවට සිදුවූවේ අල්ලාගත් නීති විරෝධී ගිනි අවි ටික කැරෝකේ වසන්තටම බාර දී  වසන්තගෙන් ලැබුන ආරාධනාව අනුව මෙහෙයුමට සම්බන්ධ වූ සියලුම  විශේෂ කාර්ය බලකා නිලධාරීන් පසුදින රාත්‍රියේ දී කැරෝකේ වසන්ත ගේ  නයිට් ක්ලබ් එකේදී හමුවීමේ පොරොන්දුව මත සතුටින් විසිර යෑමයි.

විශේෂ කාර්ය බලකායත් පාතාලය ගිල ගනී..

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමෙදී ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකායට කවදත් යම් ප්‍රමානයක හොඳ නමක් තිබුනි.  එකී හොඳ නම   ඉතිහාසයට එක් කරමින් දැන් කිරි කලයට ගොම ගුලියක් එක් වී ඇත. මෙතෙක් පොලීසිය, බන්ධනාගාරය  ආක්‍රමණය කර තිබුන මත්ද්‍රව්‍ය සහ ගනිකා මඩම් පාතාලය මේ වනවිට  විශේෂ කාර්ය බලකාය ද ආක්‍රමණය කරමින් සිටිති. පොලිස් විශේෂ කාර්ය බලකා  මූලස්ථානයේ උසස් නිලධාරීන් පවා අභිබවා යමින් රංගනයක යෙදෙන විශේෂ වැටලීම් අංශයේ උප පොලිස් පරික්ෂක  ජී. කේ ද සිල්වා යනු  කුඩු දුමින්ද ගේ "කැට්බොයි කාටෙල්"  පාතාලයේ ප්‍රධාන කුඩු සැපයුම් කරුවා වන වෙලේ සුදාගේ බල ප්‍රදේශය වූ දෙහිවල අත්තිඩිය බඩෝවිට  ප්‍රදේශවල වෙලේ සුදා වෙනුවෙන් මත්කුඩු සිල්ලර වෙලදාම බන්ධනාගාරයේ සිට මෙහෙයවන මර්වින් ජානාගේ කල්‍යාණ මිත්‍රයාය. 

සැබෑ මිතුරන් දුකේදිත් සැපේදිත් සෙවනැල්ල සේ නොසෙලී සිටින්නා සේ,ජී. කේ ද සිල්වා "කැට්බොයි කාටෙල්" පාතාලයින්ගේ  කුඩු නොබන  සහ ඔවුන්ගේ කුඩු  විකුණන්නේ නැති එවුන් තෝරා බේරා ගෙන අල්ලා  සිර ගෙදරට පටවයි.  මේ වන විට කොළඹ  ප්‍රදේශයේ පමණක් කුඩු දුමින්ද ගේ  "කැට්බොයි කාටෙල්"  පාතාලයට අවනත නොවූ තරුණයන් පනහකට වැඩි පිරිසක් ජී. කේ. ද සිල්වා විසින් අත් අඩංගුවට ගෙන සිරගත කොට ඇත.  කිහිප ‌දෙනෙකුට වෙලේ සුදාගේම කුඩු දමා උසාවියේ වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ තීන්දු පවා ලබා ගෙන ඇත. 

කුඩු විකිණීමට හෝ බීමට සම්බන්ධ වූවන් පමනක් නොව වෙලේ සුදා, මර්වින් ජානා ප්‍රමුඛ  කැට්බෝයිස්ලාට අවනත නොවන පෞද්ගලික සතුරන්ද අතින් කුඩු දමා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලබයි. මෙම අව නීතිය විසින් සිය ජීවිතයම අසරණ කරන ලද තරුණයන් පිරිසක් බන්ධනාගාරයේ නිරපරාදේ මේ වන විට දුක් විඳිති.

එකම රටක එකම පොලීසියක් රන්ජන් ගේ තුවක්කුවටත් කැරෝකේ වසන්තගේ තුවක්කුවලටත්  නීති දෙකක් වාගේම වෙලේ සුදාගේ කුඩු සහ අනෙකුත්  කුඩ්ඩන්ගේ කුඩු වලටද නීති දෙකකින් සලකන්නේ ඒවා පසුපස තිබෙන දේශපාලන බලය නිසාය. නිර්මානය වී තිබෙන තත්වය පිළිබඳව  පැහැදිලි අවබෝධයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණ දෙන නිලධාරී  නියෝජ්‍ය පොලිස්පති එම්.ඩබ්ලිව්.ජී.එල්. ගුණතිලක මහතාට ඇතැයි සිතිය නොහැකි වුව ගෝලයින් සෘජුව කරනු ලබන ජරා වැඩ වලට  ජනතාව වෙත පිලිතුරු සැපයීමට සිදුවන්නේ  ඔහුටය. 

ජේලර් පොඩ්ඩා

---------------------------
by     (2020-03-09 10:44:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links