~

නන්දසේනගේ කොමිසමයම සහ අධිකරණය, නීතිපතිය යුද්ධයක..! පිස්සු පූසාගේ කොමිසමයං ලේකම්ට අධිකරණයෙන් වරෙන්තු සහ රට ගමන් තහනම්..! පිස්සු පූසාගෙන් නීතිපතිට නොතීසි..!

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.06, ප.ව.6.40) ජනාධිපති නන්දසේනගේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන උපාලි අබේරත්න හෙවත් පිස්සු පූසාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමයමේ ලේකම් පර්ල් කේ. වීරසිංහ නමැත්තිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේ ය.

ඒ , අද විකුම් කළුආරච්චි , ධම්මික ගනේපොල , ආදිත්‍ය පටබැදිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවූ ‘නිරාජ් රෝෂාන්’ හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී ය. ලංකා ඊ නිව්ස් පෙර වාර්තා කළ පරිදි සීඅයිඩීය භාරයේ තිබූ අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩු වාර්තා ඇතුළු ලිපි ගොනු 37 ක් නන්දසේනගේ හමුදාව පැමිණ රැගෙන ගොස් තිබිණ. ඒවා රැගෙන ගොස් තිබුනේ නන්දසේනගේ ඉහත කී දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන කොමිසමයමට බාර දීම සඳහා යැයි කියමිනි. අධිකරණයේ විභාග වන අලි රොෂාන්ගේ නඩුව පවා ඔවුන් විමර්ශනය කරන්නේ ඒවා දේශපාලන පළිගැනීම් යයි කියමිනි. කොමිසමයමේ විමර්ශන අහවර වන තුරු නඩු විභාග අත්හිටුවන්නැයි කොමිසමයම නීතිපතිවරයාට දැනුම් දුන්නද නීතිපතිවරයා කියා සිටියේ ජනාධිපති පත් කරන කොමිසමකට නීතිපති වරයාට නියෝග දීමට හෝ අධිකරණයේ විභාග වන නඩු නතර කිරීමට හෝ බලයක් නොමැති බවයි. 

ඒ අනුව අලි රොෂාන්ගේ නඩුවට අදාල ලිපි ගොනුවත් රැගෙන අද දිනයේ අධිකරණයේ පෙනී සිටින්නැයි කොමිසමයමේ ලේකම් පර්ල් කේ. වීරසිංහ නමැත්තියට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. 

ඇය අධිකරණයට නොපැමිණෙන බවට දැනුම්දීමක් හෝ කර නොතිබුණු බැවින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කිරීමක් කළ බවට තීරණය කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ය.

පර්ල්. කේ වීරසිංහ නමැත්තිය වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අධිකරණය ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය.

ලේකම්වරිය වැළැක්වුයේ බක පණ්ඩිත පිස්සු පූසා..

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ඇය අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට උත්සාහ කළද ඇය වළක්වා ඇත්තේ නන්දසේනගේ කොමිසමයමේ සභාපති උපාලි අබේරත්න හෙවත් පිස්සු පූසාය. 

“මම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, මහාධිකරණයේ අය කොහාමද මට විරුද්ධව නියෝග දෙන්නෙ? මං බලා ගන්නම් ඒක” යයි බක පණ්ඩිත කතා කී ඔහු ඇයව වළක්වා ඇත. 

උපාලි අබේරත්න වනාහී හීනමානයෙන් පෙළන මෝඩ තකතීරුවෙක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයකට නුසුදුසු ඔහු ඊට පත් කෙළේ ද මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ ඔහුගේ සට්ටැඹියෙකු වූ නිසාත් බව ලංකා ඊ නිව්ස් මීට පෙර හෙළි කර තිබේ. ඔහුට ජනාධිපති කොමිසමක බලතල ගැන පවා නිසි අවබෝධයක් නැත.

ජනාධිපති කොමිසමයං සහ විශේෂ ජනාධිපති කොමිසම් වල වෙනස..

ඉහත කී නන්දසේන පත් කළ පිස්සු පූසාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන කොමිසම සාමාන්‍ය ජනාධිපති කොමිසමයමකි. එය විශේෂ ජනාධිපති කොමිසමක්ද නොවේ. ඒ දෙක අතර පැහැදිලි වෙනසක් තිබේ. විශේෂ ජනාධිපති කොමිසමකට පත් කළ යුත්තේ දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ය. ඒවායේ විමර්ශන අනුව ඍජුවම අධිකරණයේ නඩු පැවරිය හැකිය. නමුත් සාමාන්‍ය ජනාධිපති කොමිසමයං වලට ජනාධිපතිට ඔ්නෑම පිස්සු වාහේ කෙනෙක් පත් කළ හැකිය. ඒවාට එවැනි බලතලයක් නැත. කළ හැක්කේ තම තීන්දු ගැන ජනාධිපතිට වාර්තාවක් ඉදිරිපත් කිරීමත් යම් වරදකරුවෙක් ‌වේ නම් ඔහු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම පමණි. දඬුවම් කළ හැක්කේ  අධිකරණ ක්‍රියාවලියකින් පමණි. 

මෝඩයා නීතිපතිට නොතීසි නිකුත් කරලා..

ඒ කිසිවක් නොදන්නා නන්දසේනගේ ජනාධිපති ඌෂ්නය ඉහට ගසා ඇති හීනමානයෙන් පෙළෙන උපාලි අබේරත්න හෙවත් පිස්සු පූසා ලේකම්වරියට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව පිස්සුව තද වී නීතිපතිවරයාට එරෙහිව නොතීසියක් නිකුත් කර තිබේ. එනම් කොමිසමේ කටයුතු වලට බාධා කිරීම ගැන කොමිසම ඉදිරියට පැමිණ කරුණු දක්වන ලෙසයි. එයද පිස්සුව තද වීමකි. මෙවැනි කොමිසමයමක පුද්ගලයෙකුට නීතිපතිවරයාට නොතීසි නිකුත් කළ නොහැකිය. එවැනි බලයක් ද නැත. 

ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන්නේ විධායකයෙන් පමණක් නොවේ..

නීතිය හෝ ව්‍යවස්ථාව ගැන හෝ කිසිදු අවබෝධයක් නොමැති නන්දසේන තමාට ලැබුණු 69 ලක්ෂයක ජන වරම යනු සියල්ල මට්ටු කළ හැකි කෙවිටකැයි සිතාගෙන සිටී. අඩුම ගණනේ තමා දිව්රුම් දුන්නේ රටේ පවතින ව්‍යවස්ථාව ආරක්ෂා කරන බව කියා හෝ ඔහුට මතක නැත. ව්‍යවස්ථාවක් හෝ නීතියක් වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව හෝ ඔහු දන්නේ නැත. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන්නේ විධායකයෙන් පමණක් නොව ව්‍යවස්ථාදායකද, අධිකරණයද, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ද හරහා ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන බව මෝඩ වාහේලා සහ ගෝල බාලයෝ දැන ගත යුතුය.

චන්ද්‍රප්‍රදීප්

සබැඳි පුවත්
* ආයතන 4 කින් දේශපාලන පළිගැනීම් කළායැයි සෙවීමට පට්ට දූෂිතයන් තුන් දෙනෙකුගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිසමක්..!
* පුදුමයි ඒත් ඇත්තයි…! නන්දෙගේ හමුදා බැලයන් සීඅයිඩිය රේඩ් කර එක්නැලිගොඩ නඩුව, තජුඩීන් නඩුව, සිසුන් පැහැර ගැනීමේ නඩුව ඇතුළු සංවේදී අපරාධ නඩු ලිපි ගොණු 37 ක් පැහැරගෙන ගිහින්…!

---------------------------
by     (2020-03-07 07:36:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links