(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.27, පෙ.ව.7.15) ජනාධිපති යැංකි නන්දසේන ශ්‍රී ලංකා පොලිසිය මිලිටරීකරණය කිරීමේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින් 1797 දී ෆෙඩ්රික් බැරන් මයිලියස් ගෙන් මහජනතාවගේ සිවිල් කටයුතු සඳහා ආරම්භ වූ ශ්‍රී ලංකා පොලිස් සේවයේ අනභිබවනීය කොට්ඨාශය වූ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හෙවත් ‘සීඅයිඩිය’ මිලිටරියේ හස්තයට යට කරමින් සීඅයිඩිය සතුව තිබූ අපරාධ නඩු ලිපි ගොණු 37 ක් පෙරේදා (25) රාත්‍රී හමුදා බුද්ධි අංශය විසින් නීති විරෝධී අන්දමින් පැහැරගෙන ගොස් ඇති බව සාතිශය යුක්ති සංවේගයෙන් යුතුව ශ්‍රී ලංකාවේ නීති ගරුක සමාජයට වාර්තා කිරීමට සිදුව තිබේ.
මෙම සිදුවීම වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සීඅයිඩියේ විමර්ශණ අධීක්ෂනයට කියා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් ගේ ප්‍රධානත්වයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් සීඅයිඩියට ඉහලින් පත් කිරීමෙන් දිනකට පසුව ය. ලංකා ඊ නිව්ස් එහි පවත්නා නීති විරෝධී භාවය සහ විකෘති ස්වභාවය සම්බන්ධයෙන් අනතුරු අඟවා දිනකට පසුව ය.
සීඅයිඩිය සතුව ඇති අතිශය රහස්‍ය අපරාධ ලිපි ගොණු මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ හේතු ලෙස අමුතු කතාවක් කියමිනි. ඒ නම් අගමැති මහින්ද පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ කමිටුව අකර්මන්‍ය කරමින් ජනාධිපති නන්දසේන විසින් පත්කළ, අති දූෂිතයන් වූ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න හෙවත් පිස්සු පූසා, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක හා ජනාධිපති කොමිෂන් දෙකකින් වරදකරු කර ඇති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් සමන්විත දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන නන්දසේන ජනාධිපතිගේ කොමිසමේ නියෝග මත යැයි කියා මෙකී ලිපි ගොණු පැහැර ගෙන ගොස් තිබේ.
ජනාධිපති කොමිසමකට එවැනි බලතල නැත. සීඅයිඩිය සතුව ඇති ලිපිගොණු පොලිස්පතිවරයාටවත් ඉන් ඉවත් කළ නොහැකි නමුත් මෙකී ලිපි ගොනු පෙරේදා රාත්‍රී ගෙන යද්දී ගෙන ගිය නිලධාරියෙකුගේ නමක් හෝ සටහන් කර නැත.
සීඅයිඩිය තුල තිබූ මෙකී ලිපි ගොණු 37 ට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදහන් කිරීමේ අපරාධය පිලිබඳ ලිපිගොණුව, තජුඩීන් ඝාතනය සම්බන්ධ ලිපිගොණුව, සිසුන් 11 දෙනා පැහැරගෙන ඝාතනය කිරීමේ ලිපිගොණුව ඇතුළු ලිපිගොණු රැසක් ඇතුලත් ය.
ඒ මදිවාට පැහැරගෙන ගොස් ඇති ලිපිගොණු අතර ඉහත කී අපරාධ නඩුවල නඩු භාණ්ඩ ඇතුලත් PR හෙවත් ප්‍රඩක්ෂන් රෙජිස්ට්‍රි පවා ඇත.
මෙහි ඇති ඛේදනීය තත්ත්වය වන්නේ ඉහත කී ප්‍රධාන ඝනයේ අපරාධ 3 පිළිබඳ මේ වන විට අධිකරණයේ නඩු විභාග වන බැවින් නඩු වලදී සීඅයිඩියට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවන්නේ ඒ අපරාධ සම්බන්ධයෙන් දිගු කාලීනව විමර්ශන කළ තමන් සතු ලිපිගොණු රහිතව වීම ය. ප්‍රඩක්ෂන් රෙජිස්ට්‍රිය පවා නොමැතිව ය
ජනපති නන්දසේන ජනාධිපතිධූරයට පත් වූ සැනින් කෙළේ පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනාශ කිරීමය. ඒ වන විට එහි අධ්යක්ෂ ලෙස සිටි ලංකාව බිහිකළ කීර්තිමත් රහස් පරීක්ෂකයා ශානි අබේසේකර ඉන් ඉවත් කර සාමාන්‍ය පොලිස් සේවයේ පියුං තනතුරකට දැමීය. ඉන් පසු ව්‍යාජ චෝදනා නගා ඔහුගේ වැඩ තහනම් කෙළේය.
සීඅයිඩියේ සමස්ථ කාර්ය මණ්ඩලය ලෝකයාට හෙළිදරව් කරමින් ඒ සියල්ලගේම විදේශ ගමන් තහනම් කෙළේය. ඒ අතර සීඅයිඩියේ සේවයෙන් විශ්‍රාම ලබා ගෙදර ගොස් සිටි 11 දෙනෙකු ද වූහ. ඉන් අනතුරුව කෙළේ රහස් පොලිසියේ සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ වෘත්තික නිලධාරීන් රටේ විවිධ පළාත් වල සාමාන්‍ය පොලිස් සේවයට මාරු කර රාජපක්ෂලාගේ අංගාරක්ෂක සේවයේ සිටි සැලියුට් පොලිස් කාරයන් 43 දෙනෙකු සීඅයිඩියට ඇතුළු කිරීමය.
ඒ අතරින් ප්‍රධාන චරිතයක් වන්නේ රාජපක්ෂලාගේ වාහන වල දොරවල් අරින්නට සැලියුට් ගහන්නට සහ සට්ටැඹිකමට අති දක්ෂයෙක් වූ, ජීවිතයට අපරාධ පරීක්ෂණ ගැන ක්‍රියා කර නැති MSD, PSD යේ පමණක් සේවය කර ඇති ‘සේරම්’ නමැත්තා සීඅයිඩියේ මිනීමැරුම් සහ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස පත් කිරීමයි.
පෙරේදා නන්දසේනගේ හමුදා හෙංචයියන් විසින් පැහැරගෙන ගියේ ඉහත කී සේරම් යටතේ තිබූ අපරාධ ලිපි ගොණුය.
මේ නීති විරෝධී, අපරාධකාරී, බහුබූත විකෘතියට විරුද්ධව කට ඇරීමට විපක්ෂයේ එක වෘක්ෂ සුනඛයෙක් නැති වීම කණගාටුදායක ය. මීට එරෙහිව කඩුව අතට ගත යුතු නමුත් මේ වන විට කිලී මහාරාජා හරහා නන්දසේනලා සමග නිදි වදින විපක්ෂ නායකයා නිද්‍රා සහගතව සිටීම හේතුවෙන් ඔහු ගමන් බිමන් යද්දී හෙණ වැදීමෙන් වළක්වාලන අකුණු සන්නායක් සහිත විශේෂ හෙල්මටයක් පැළඳ ගන්නැයි අපි ඔහුට අනතුරු අඟවා සිටිමු.
---------------------------
by (2020-02-27 11:19:01)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි