(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.19, ප.ව.11.30) ගණිකා වෘත්තිය වු කලී ලෝකයේ පරණම රස්සාව යැයි සමාජයේ මතයක් ඇත. විශේෂයෙන්ම ලංකාව වැනි රටක ගණිකාවන් එසේත් නැතිනම් ලිංගික ශ්‍රමකයින් දෙස බලන්නේ වපර ඇසිනි. බොහෝ දෙනා සිතන්නේ ලිංගික ශ්‍රමිකයින් බවට පත් වන්නේ කාන්තාවන් පමණක් බවය. නමුත් එය එසේ නොවේ. විදේශයේ නම් ගණිකා වෘත්තියේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද යෙදෙති. ලංකාවට එය තරමක් නුහුරු නමුත් මේ වන විට ලංකාවේ ඇතැම් පිරිමින්ද ලිංගික ශ්‍රමිකයින් ලෙස සේවයේ යෙදෙති. බොහෝ විට ඔවුන්ගේ සේවය ලබා දෙන්නේ සංචාරක කලාප වල සංචාරය කරන විදේශිය කාන්තාවන් හෝ පිරිමින් වෙනුවෙනි.
මේ ලිංගික ශ්‍රමිකයින් ගැන ලංකාවේ සියලු දෙනාගේ එතරම් ප්‍රසාදයක් නැති වුවත් පහුගිය දිනෙක කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අපූරු නඩු තීන්දුවක් ලබා දී තිබේ. ඒ ශ්‍රී ලංකාව තුල ගණිකා වෘත්තියේ යෙදිම වරදක් නොවන බවට 1923 ජුලි මස 27 දා ප්‍රකාශයට පත් කරන ලද SAIBO V.CHELLAM නඩු තීන්දුවේ ප්‍රකාශ කර ඇති බවත් එම නඩු තීන්දුවෙන් පසු යම් පනත් මඟින් හෝ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස දක්වා නොමැති බවත් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම අයාල ආඥා පනත 1841 වර්ෂයේදි හඳුන්වා දී ඇති අතර එය අවසාන වශයෙන් සංශෝධනය වී ඇත්තේ 1947 දී බවත් එම සංශෝධනයේද ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස කිසිදු ස්ථානයක හඳුන්වා දී නැති බවද ප්‍රකාශ කර ඇත. ඒ අනුව දැනට පවතින නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීමත් යම් ස්ත්‍රියක් ගණිකා වෘත්තියේ යෙදෙමින් තමා විසින්ම යම් ආදායමක් උපයා ගැනීමත් වරදක් නොවන බව නඩු තීන්දුවක් ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ. නමුත් වෙනත් අය ගණිකා වෘත්තියේ යොදවමින් ආයතන පවත්වාගෙන පුද්ගලයා හෝ කාන්තාව වරදකරුවෙකි.
2015 වසරේදි කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි තිදෙනෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහි අවසානයේ නඩු තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම ප්‍රකාශය කර තිබුණි.
ගණිකා වෘත්තියේ යෙදෙන බොහෝ දෙනොගේ ජිවිත කථා දෙස බැලුවහොත් ඔවුන් මෙකී වෘත්තියට පිවිසෙන්නේ ජිවිතය වරද්දා ගනිමිනි. නැතහොත් බඩගින්නේ සිටින දරුවන්ගේ කුස පිරවීමටය. කිසිවෙකුත් මෙම වෘත්තිය ආසාවෙන් කරන්නෝ නොවෙති.
ඇතැම් විට ගණිකා වෘත්තියේ යෙදීම නිසා ඔවුන්ට සුව කළ නොහැකි රෝගාබාධද වැළදේ. නමුත් ඔවුන්ට ඒ වන විටත් ජිවිතේ ආපස්සට යා නොහැකි තරමට වැරදී ඇත. මෙකි ලිංගික ශ්‍රමිකයින් අත්අඩංගුවට ගැනීමේදි ඔවුන් සතුව ඇති පවුල් සංවිධාන පෙති, උපත් පාලන කොපු ආදිය නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛ යවා තිබුණේ මීට වසර කිහිපයකට පොරොතුවය. ඒ පොලිස් නිලධාරින් විසින් දිගින් දිගටම උපත් පාලන උපකරණ නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම නිසාය. නමුත් ඇතැම් පොලිස් නිලධාරින් තවමත් ඒ වැරැද්ද කරන බව පෙනී යයි.
වරෙක මේ ලිංගික ශ්‍රමය නීති ගත කිරිම කෙරෙහි පාර්ලිමේන්තුවේද අවධානය යොමු වු නමුත් එය පසුව වැලැක්විණි. ගණිකාව කියා මහ දවල්ට හංවඩු ගසමින් කථා කරන බොහෝ දෙනෙකු රාත්‍රිය පහන් කරන්නේද මේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ තුරුලේය.
ලිංගික ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන ඇයව ගණිකාවක් ලෙස හංවඩු ගසනවාට වඩා ඇයව එම තත්ත්වයට පත් වු මුල බීජය සොයා ඇයට ඉන් මිදීමට සහාය දිමට මේ සමාජයේ කිසිවෙකුගෙත් අවධානය යොමුව නැත. නමුත් සිදු විය යුත්තේද එයය. ලිංගික ශ්‍රමිකයින් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ ශ්‍රමය සුරා කෑම වැලැක්විය යුතුය.
(අයිතියට ලියූ ලිපියකි)
---------------------------
by (2020-02-19 22:06:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි