කීර්ති රත්නායක ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.02, ප.ව.7.15) කිලී මහාරාජා ප්රභාකරන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන අයෙකි. නමින් මහාරාජා වුවද කිලී කල්ල තෝනියෙකි. දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” . ඔරුවලින් ලංකාවට හොරෙන් පැමිනෙන උන්ට කල්ලතෝනීන් කීවේ එහෙයිනි. කිලීගේ මුල් පුරුක් ඉන්දියාවේ සිට ඔරු වලින් හොරෙන් ආවේ දුම්රිය මාර්ග කම්කරුවන් ලෙසිනි. ඉන් පසු සුළු කොන්ත්‍රාත්කරුවන් විය. අනතුරුව පයිප්ප බට කර්මාන්තයට අත ගැසුවේය. යහමින් මුදල් රැස් කරගත් පසු ජන මාධ්‍ය ක්ෂේත්රයට පිවිසියේය. අවසානයේ දේශපාලනයට අත ගැසුවේය.
සිරස මාධ්‍ය ජාලයේ සහාය අවශ්‍ය නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 3ක් තමාට ලැබිය යුතු බව වරෙක කිලී රනිල්ට කීවේය. මන්ත්‍රී ධූර 3 ට හිලව් වන පරිදි මාධ්‍ය හරහා රනිල් එසවිය හැකි බව කිලී කීවේය. නමුත් රනිල් ඊට එකඟ නොවීය. කිලී එදා පටන් රනිල්ට පන්න පන්නා පහර දෙයි. සිරිසේන ජනපති වීමත් සමග කිලීට හොඳ කළ දසාවක් ආවේය. කෝටි ගණනක් වටිනා ගුවන් විදුලි සංඛාත නොමිලේ ලබා ගත්තේය. හමුදාවට යුධ උපකරණ ගෙන්වන කොන්ත්‍රාත් ලබා ගත්තේය. රුසියානු යුධ නැව් ජාවාරමට එරෙහි වූ ට්‍රැවිස් සින්නයියා මාස 3 න් ගෙදර යැවූයේ මොවුන්ය.
සිරස මාධ්‍ය භාවිතය ගුජුප්සාජනකය. පවුල් සංස්ථාව කඩා බිඳ දමා වල්මත් පරපුරක් බිහි කිරීම සිරස යටි අරමුන බව එහි භාවිතය නිරීක්ෂනයෙන් මනාව පැහැදිලි වෙයි. මල නොතලා රොන් ගන්නා සේ කිලී මෙම සාහසික වැඩ පිලිවෙල මෙහෙයවයි. සිය පවුල් ජීවිතය කඩා බිඳ වැටුනු නිසා එම ඉරනම අනෙකාගේ පවුලටත් අත් විය යුතු යයි කිලී සිතනවා විය හැක. ලංකාවේ දහස් ගණනක් මිනිසුන් මරා දැමූ තවත් දහස් ගණනක් රෝගී කළ ග්ලයිෆෝසෙට් අයිතිකරුවා කිලීය. කිලීගේ 'සත්ගුණවත් භාවය' පෙන්වීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.
යහපාලන රජය පත්වූ විගස ‘සිරස’ ගාලු මුවදොර පැය විසි හතර පුරා කැමරා අටවාගෙන චීන පෝට් සිටි ව්‍යාපෘතියට විරෝධයක් පෑවේය. රටේ නැති පාරිසරික ගැටලු මවා පෑවේය. සිරස මාධ්‍ය ජාලය පරිසරය වෙනුවෙන්ම කැපවන බව පෙන්වමින් පෝට් සිටි ව්‍යාපෘතියට උදේ සිට රෑ වනතුරු පහර දුන්නේය. කිලී එන පොට තේරුම් ගත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක Dr. Lin ඩොලර් මිලියන 25 කොන්ත්‍රාත්තුවක් සිරසට දුන්නේය. මෙය පෝර්ට් සිටියේ ප්‍රතිරූපය ඉහල නැවීම වෙනුවෙන් කළ ව්‍යාපාරික ගණුදෙනුවක් විය. කිලීගේ බ්ලැක් මේල් කලාව ව්‍යපාරික ගණුදෙනුව සඵල කළේය.
කිලීට කුට්ටිය ලැබීමත් සමග එතෙක් මහ භයානක ව්‍යාපෘතියක් වූ පෝර්ට් සිටිය එක රැයින් මහා අනර්ඝ ව්‍යාපෘතියක් විය. එතැන් පටන් කිලී තම මාධ්‍ය ජාලය හරහා පෝර්ට් සිටියට සුදුහුණු ගෑවේය. සිරස විසින් එම ව්‍යාපෘතිය හැදින්වූයේ ‘රන්බිම ව්‍යාපෘතිය’ වශයෙනි. සිරස ගමින් ගමට ගොස් රන්බිම ව්‍යාපෘතිය ඔස්සේ ගඩොලින් ගඩොල ඉදිවන සාම ස්මාරකයක් ගැන බොරු පම්පෝරියක් ගැහුවේය. ඉදිවන සාම ස්මාරකය නෙළුම් කුළුනට වඩා උස එකක් බව කීවේය. දවස පුරා සිරස පොර්ට් සිටියේ ගුණ වැයුවේය. කිලී යනු සිය මාධ්‍ය ජාලය හරහා එවැනි අසද්ද බොරු ජනගත කරන අමනයෙකි.
රටේ අවාසනාවට සජිත් ප්‍රේමදාස එහෙව් කිලීගේ වහලෙක් වීය. කිලී සිය මාධ්‍ය ජාලය රනිල්ට ගහන විට සජිත් ආශ්වාදයෙන් බලා සිටියේය. 2015 ලැබුනු හැට දෙලක්ෂයක ජනවරම සිරිසේන ශිරාල් හරහා කිලී හයි ජැක් කළේය. රට වල පල්ලට ගියේය. මිනිසුන් කබලින් ලිපට වැටුනි. නමුත් සිරිසේන සහ කිලී බිලියනපතියන් විය. සජිත්, සිරිසේනගේ සහ කිලීගේ අතකොළුවක් විය. ජනවාරි 8 ජනතා අභිලාෂ ගැන ඔවුන් කිසිවෙක් වද නොවීය. රනිල් ගෙදර යවා එජාපය සහ ආන්ඩුව දෙකම තම යටතට ගැනීම කිලීගේ සැලසුම විය. සිය පටු අරමුණු වෙනුවෙන් ජනපති අපේක්ෂකත්වය සජිත්ගේ ඇඟේ ගැහුවේය.
මහ පොළොවේ මිනිසුන් කිලී- සජිත් සඳළුතල නඩයට අමතක නොවන පාඩමක් ඉගැන්වූයේය. කොතලාවලට අත්වූ ඉරණම කිලී කරා නොපැමිනීමට හේතු නැත . මේ ගත වෙන්නේ බංකොලොත් ගැට්ටේ කිලීගේ අවසන් හෝරා ටිකය. කිලීට ඇත්තේ තව එක කොළයකි . ඒ සජිත්- ගොඨා ජාතික ආන්ඩුව පමණි. ශෙවාන් ඩැනියෙල් ඇතුලු බත් බැලයන් පාර්ලීමේන්තු යවන්න තටමන්නේ ඒ වෙනුවෙනි. ශෙවාන්ට එජාපයේ තනතුරු ඉල්ලන්නේ ඒ වෙනුවෙනි. සිරිසේනත් කිලීගේ කුමන්ත්රණයේ සාමාජිකයෙකි. සිරිසේන සන්ධාන ගැන කථා කරන්නේ සම සභාපති ධූර ඉල්ලන්නේ ඒ වෙනුවෙනි. නමුත් පුරවැසියන් ඊලඟ ඡන්දයේ දී ඔරුවෙන් හොරෙන් පැමිණි කිලීගේ දේශපාලන ගණිකා ව්‍යාපාරයට තිත තැබීමට සූදානමින් සිටී.
හිටපු හමුදා බුද්ධි නිලධාරී
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/48
---------------------------
by (2020-02-02 14:01:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි