(ලංකා ඊ නිව්ස් -2020.ජන.10, ප.ව.6.25) යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂලාගේ වනචර දශකයේ සිදුකරන ලද දූෂන සෙවීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග වලින් දේශපාලන පළිගැනීම් සිදු කරන ලද බව සඳහන් කරමින් ඒ ගැන සෙවීම සඳහා පට්ට පල් හොරු තුන් දෙනෙකුගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිසමක් නන්දසේන ජනාධිපතිවරයා විසින් ඊයේ පත් කර තිබේ.
ඔවුන් විමර්ශනය කරනු ලබන්නේ හිටපු අගමැතිවරයා යටතේ පත් කරන ලද දූෂණ විරෝධී ඒකකය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, පොලිසියේ එෆ්සීඅයිඩිය සහ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය (එස්අයියූ) යන ආයතන පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ කළ ක්‍රියා පිළිබඳවයි.
ඒ ආයතන මගින් කිසියම් තැනැත්තෙකුට අලාභයක් පීඩාවක් සිදුකළාද? ඒ ආයතන කිසිවෙකුගේ බලපෑමක් අනුව ක්‍රියා කර තිබේද? දේශපාලන පළිගැනීම් සිදුකරද්දී දූෂණයක් සිදුකර තිබේද? ආදිය නව ජනාධිපති කොමිසම මගින් විමර්ශනය කිරීමට බාර දී තිබේ.
9 වෙනිදා නිකුත් කළ මේ සම්බන්ධ විශේෂ ගැසට් නිවේදනය අනුව ඉහත ආයතන දේශපාලන පළිගැනීම් සිදුකළා යැයි පූර්ව නිගමනයක සිටිමින් ක්‍රියා කර තිබේ. “….කිසියම් නීතියක් පසිඳලීම හෝ යුක්තිය පසිඳලීමට අදාළව කිසියම් තැනැත්තෙක් දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක් කිරීමේ දී බලය අනිසි ලෙස යෙදවීමක්, අවභාවිත කිරීමක්, දූෂණ හෝ කිසියම් වංචනික ක්‍රියාවක් සිදු කර තිබේ ද….” ආදී ලෙස එහි සඳහන් වේ. ඉන් ඇඟවෙන්නේ දේශපාලන පළිගැනීම් සිදුකළා යැයි පූර්ව නිගමනයක සිටින බවයි.
මෙහි ඇති සැබෑ විගඩම නම් අල්ලස් හෝ දූෂන කොමිසම වැනි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව විසින් අනුමත කොට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමක් ගැන සෙවීමට නන්දසේන ජනාධිපතිගේ හිතුමතයට පත් කරන ලද පට්ට දූෂිතයන් තුන් දෙනෙකුට බාර දීමයි.
කොමිෂන් සභාවක් වැරදි කළා දැයි සෙවීමට තවත් කොමිෂන් සභාවක් පත් කිරීමෙන් නන්දසේන ලෝක වාර්තාවක් තබා ඇත.
නන්දසේනගේ අපූරු විශේෂ ජනාධිපති කොමිසමේ සාමාජික පට්ට දූෂිතයන් තිදෙනා නම් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) , විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු වෙති.
උපාලි අබේරත්න අධිකරණ ක්ෂේත්රයේ අය හඳුන්වන්නේ “පිස්සු පූසා” යන අන්වර්ථ නාමයෙනි. උපාලි අබේරත්න යනු මහින්ද රාජපක්ෂ විසින් 2014 දෙසැම්බර් 17 වෙනිදා ජනාධිපතිවරණය කටේ තිබියදී නීති විරෝධී ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද විනිසුරුවරයෙකි. නීති විරෝධී වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය යුත්තේ විනිසුරුවරුන් 11 ක් වුවද 12 වැනියා ලෙස එදින මොහුව පත් කිරීමයි. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින් තවත් දෙදෙනෙකු සිටියදී කණිෂ්ඨයෙකු වූ අබේරත්න මහින්ද රාජපක්ෂ විසින් පත් කෙළේ ඔහු දැඩි රාජපක්ෂවාදියෙකු වූ බැවිනි. එය කෙතරම්ද යත් ඇයගේ දියණියකගේ විවාහ උත්සවයකට පවා අත්සන් කිරීමට ආවේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. සදාචාරවත් විනිසුරුවරු තම පුද්ගලික උත්සව වලට දේශපාලකයන් කැඳවන්නේ නැත.
චන්ද්‍රසිරි ජයතිලක යනු විනිසුරු පුටුවේ සිටියදී අමු අමුවේ පගාව අරන් හසුවූවෙකි. ඔහු නඩු තීන්දුවක් සඳහා රුපියල් මිලියන දෙක හමාරක් පගාව ගත් බවට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කළ නමුත් දේශපාලන උදව් වලින් විමර්ශන වලින් ගැලවී සිටියෙකි. එකී පැමිණිල්ලේ දී ඔහු රාජකාරි කළ උසාවියේ ආරච්චිල පවා ඔහු පගාව ගත් බවට සාක්කි කියා තිබිණ. අනෙක් අතට චන්ද්‍රසිරි ජයතිලක නඩු ඇසූ යුගයේ අධිකරණයේ සේවය කළ කාන්තාවන් සමග අයථා ලිංගික සම්බන්ධතා පවත්වා හසුවූවෙකි. ක්‍රිෂාන්ති නම් එක් කාන්තාවක් සමග පැවැත්වූ අයථා සම්බන්ධතාවක් හෙළි වී ඇයගේ සැමියා දික්කසාද විය.
නන්දසේන ගේ අපූරු ජනාධිපති කොමිෂන් සාමාජිකයා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ය. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති යුගයේ පත් කරන ලද ජනාධිපති කොමිසමකින් බලය අයුතු ලෙස භාවිතා කිරීම යටතේ වරදකරු වූවෙකි. චන්ද්‍රා ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. අත් අඩංගුවට පත් වූවන් ආයුධ පෙන්වීමට කියා ගෙන ගොස් මරා දැමීමේ තියරිය හඳුන්වා දුන්නේ චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති වූ සමයේ දී ය. නන්දසේන ආරක්ෂක ලේකම් යුගයේ දී සිදුකරන ලද අතොරක් නැති නීති විරෝධී ඝාතන වල ගොඩ් ෆාදර් වූයේ චන්ද්‍රා ප්‍රනාන්දු ය.
ජනාධිපති කොමිසමකින් වරදකරුවක් වූ අයෙක් ජනාධිපති කොමිසමක සාමාජිකයෙකු ලෙස පත් කිරීමෙන්ම නන්දසේනගේ ජනාධිපති කොමිසමේ තරම වටහා ගත හැකිය.
උපාලි අබේරත්න ගැන ලංකා ඊ නිව්ස් පෙර සඳහන් පුවත් කිහිපයක් පහත දිගුවෙන් කියැවිය හැකිය.
* ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීති විරෝධී විය
* ගම්මන්පිල නිදහස් කරන හැටි බලාගන්න..! මරාවාදී විනි-සොරා ‘පිස්සු පූසා‘ නඩු ඇසීමටත් පෙර තීන්දුව ගැන කටමැත දොඩවයි
* විශාකා විදුහලට දැරියන් ඇතුලත් කර ගැනීමේ මාෆියාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් උදව් කරලා: අගතියට පත් දෙමාපියන් අසරණ වෙලා
* විශාකා මාෆියාව වෙනුවෙන් ‘පිස්සු පූසා‘ සිසිර ආබෘෘ විනිසුරු සමග අඩව්ව
---------------------------
by (2020-01-10 13:22:32)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි