~

රාජපක්ෂ යුගයේ සල්ලිකාර දූෂිතයන් බේරා ගැනීමට රන්ජන් FCID ලොක්කාට, අධිකරණ ඇමැතිට දුන් දුරකථන ඇමැතුම් කෝ..?

(ලංකා ඊ නිව්ස් -2020.ජන.09, ප.ව.8.00) හඬ පට නිසා තකතීරු‌වෙකු වී සිටින  රන්ජන් රාමනායක විසින් රාජපක්ෂලාගේ වනචර දශකයේ සල්ලිකාර දූෂිතයන් බේරා ගැනීම සඳහා ඉහළ පොලිස් නිලධාරීන්ට අධිකරණ ඇමැතිලාට කතා කළ හඬ පට හෙළි නොකරන්නේ මන්දැයි නීති ගරුක පොලිස් නිලධාරීහු ප්‍රශ්න කරති.  

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි රාජපක්ෂලාගේ වනචර දශකයේ සල්ලිකාර දූෂිතයන් වූ කෝටිපති ව්‍යාපාරික නිමල් පෙරේරා, අජිත් නිවාඩ් කබ්රාල් සහ දිලිත් ජයවීර ආදීන්ට යහපාලන ආණ්ඩු කාලයේ එල්ල වූ මූල්‍ය අපරාධ චෝදනා වලින් ඔවුන් බේරා ගැනීම සඳහා සුදනා සේ කතා කරන රන්ජන් රාමනායක ඉදිරිපත් වී තිබේ. ඔහු ඉහත කී තිදෙනා බේරා ගැනීම සඳහා එකල FCID ප්‍රධානියා වූ ජ්‍යෙ.නි.පොලිස්පති රවි වෛද්‍යලංකාරට දුරකථනයෙන් කිහිප වතාවක්ම අමතා තිබේ. FCID ප්‍රධානියාට අමතරව ඔවුන් බේරා ගැනීම සඳහා රන්ජන් එවක අධිකරණ ඇමැති වූ විජේදාස රාජපක්ෂට ද දුරකථන ඇමැතුම් ලබා දී තිබේ. 

එකී දුරකථන සංවාදයන්ද අද සීසීඩීය භාරයේ තිබෙන නමුත් පොලිසිය ඒ සංවාද එළියට දමා නැත. ඇප ලබා පිටවෙද්දී රන්ජන් රාමනායක “කාගේ කාගේත් හොඳ ඒවා මගේ ලඟ තියනව, ඒවා මම ඉස්සරහට දාන්නම්” යි  මාධ්‍යයට පවසයි. එනම් පොලිසිය භාරයේ තිබෙන ඒවාට අමතරව තවත් පිටපත් රන්ජන් ලඟ තිබෙන බව  එහි අදහසයි. 

නීති ගරුක පොලිස් නිලධාරීන් පවසන්නේ රවි වෛද්‍යලංකාර, විජේදාස රාජපක්ෂ සමග කරන ලද රාජපක්ෂලාට අවාසි වන සංවාද සීසීඩීය හෙළිකරන්නේ නැතිනම් අඩු ගණනේ රන්ජන් හෝ ඒවා එළිදැක්විය යුතු නමුත් රන්ජන්ට ද රාජපක්ෂලා සමග ඩීල් තිබෙන නිසා ඒවා එළි‌නොදක්වන බවයි. 

ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කෙළේ මෙම හඬ පට පොලිසිය අතට පත් කිරීම රන්ජන්ගේම කුමන්ත්‍රණකාරී ක්‍රියාවකැයි එජාප නායකයත්වයට සැක පහළ වී තිබෙන බවය. 

කෙසේ වෙතත් අධිකරණයේ පොලිසියේ ස්වාධීනත්වය ගැන ගිරියේ නහර පුප්පාගෙන කෑ ගැසූ රන්ජන් රාමනායක විනිසුරුවරුන්ට පොලිසියේ ඉහළ නිලධාරීන්ට කතා කරමින් ඒ ඒ ආයතන වල ස්වාධීනත්වයට බලපෑම් කර ඇති බව දැනට හෙළි වී තිබෙන හඬ පට වලින් පැහැදිලිය. නමුත් ඒ සඳහා ඔහුට හිටපු ජනාධිපතිගේ හෝ අගමැතිගේ හෝ අනුග්‍රහයක් අනුමැතියක් තිබූ බවක් දැනට හෙළි වී ඇති හඬ පට වල දැක්වෙන්නේ නැත. රන්ජන් තිබූ ආණ්ඩුවේ අධිකරණ ඇමැති ‌හෝ ‌පොලිසිය බාර ඇමැතිද ‌නොවීය. 

සබැඳි පුවතක්
මෝඩ තකතීරු රන්ජන් නිසා රැසක් විපතට; හඬ පට පොලිසියට අල්ලා දීම රන්ජන්ගේම කුමන්ත්‍රණයක්දැයි සැක..!

---------------------------
by     (2020-01-09 13:38:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links