~

හාංදුරුවරුන්ගේ "උණ්ඩෙ පුස්සන" වැඩේ..?

තිලක් දෙමටමල්පිටිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.ජන.06, ප.ව.2.30) අපි කුඩා කාළයේ සමහරුන් පුංචි අපිට  තුන් තේරවිලි ඉදිරිපත් කරයි.

“හා.. පුලුවන්නම් කියන්න.. මේක තුන් තේරවිල්ලක්, “හාංදුරු නැට්ට..”  පුලුවන්නම් තෝරන්න..?” 

අපි දිව විකාගෙන කල්පනා කෙරුවත් එහි අර්ථය වැටහෙන්නේ නැත.

හාංදුරුවරුන්ට අපහාස වන වචනයක් ඇහුනත් අපේ අම්මලා තාත්තාලාට ඩෝං යන්ඩ වැඩිවේලාවක් නොයයි..

“මොකක්ද බොල කිව්වේ .. හාංදුරු නැට්ට.. හාංදුරුවරුන්ට කොයින්ද නැට්ටවල්.. හතර මහා අපායේ යන කතා කියන්ඩ එපා හාංදුරුවරුන්ට අපහාස කරළා...”  අපි එතැනින් එහාට කිසිවක් කියන්නට යන්නේ නැත. තුන් තේරවිල්ලද ලත් තැනම ලොප් වෙති. “හාංදුරු නැට්ට”  අපිට අමතකම වී යයි.

එහෙත් මේ දිනවල ඇතැම් ස්වාමීන්වහන්සේලා කරන කියන දෑ දකින විට ඒවා කිසිසේත්ම ආගම ධර්මයට අනුකූල ඒවා නොවේ. කොටින්ම කිව්වොත් ඇතැම් හාංදුරුවරු හැසිරෙන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ ජනාධිපතිවරයා පත් කළේම හාංදුරුවරු පිරිසක්  බවට ඒත්තු ගන්වමින් සිටින බවයි. ජනාධිපතිවරණයේ දී ගෝටාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නත් නැතත් එතුමා දැන් මුලු රටේ ම රාජ්‍ය නායකයායි. ඒ නිසා ජනාධිපතිවරයා පිළිබඳව අයිතිය ඇත්තේ ඡන්දය දුන්න තමන්ට පමණක් යැයි කෙනෙක් හිතන්නේ නම් එය මරි මෝඩකමකි. 

ඇතැම් හාංදුරුවරු කරන කියන දෑ නිසා අවසානයේ සිදුවන්නේ මේ රටට නැති ප්‍රශ්න සමුදායකට මුහුණ දීමට සිදුවීමය.  

රාජිත අත්අඩංගුවට ගන්නා විට එම කාරණය සාධාරනීකරණය කරන්නේ හාංදුරුවරුය. චම්පික අත්අඩංගුවට ගන්නා විට එය සාධාරනීකරණය කරන්නේ ද හාංදුරුවරුය. රංජන් රාමනායක අත් අඩංගුවට ගත්විට එය ද සාධාරනීකරණය කරන්නේත් හාංදුරුවරුය. උතුරේ දෙමළ නායකයින් තම අයිතින් ගැන කතා කරන විට ඊට ප්‍රතිඋත්තර දෙන්නේ හාංදුරුවරුය. මුස්ලිම් මිනිසුන් තම අයිතිවාසිකම් ගැන කතා කරන විට ඔවුන් එළවා දැමිය යුතු යැයි කියන්නේ ද මොවුන්මය.  

හාංදුරුවරුන්ගේ හිත්වල ඇවිළෙන වෛර ගින්දර

එපමණක් නොව අනාගතයේ හිරේ විළංගුවේ දැමිය යුත්තේ කව්දැයි තීරණය කරන්නේ ද හාංදුරුවරුය.ඉදිරියේ දී අත්අඩංගුවට පත්වීමට නියමිත හිටපු දේශපාලකයින්ගේ නම් ලැයිස්තුවක් මේ දිනවල එකී හාංදුරුවරු විසින් ඉදිරිපත් කරමින් සිටින්නේ බුදුහාමුදුරුවන් විසින් ඉවත දමන්නැයි දේශනා කරන ලද ඊර්ශ්‍යාව, තරහාමරහා හා වෛරය සමාජය තුළ ගිනිදැල්ලක් සේ පතුරවමිනි.

අපේ ඇතැම් හාංදුරුවරුන්ගේ හිත්වල ඇවිළෙන වෛර ගින්දර කෙතෙක් යත් එම මහා ගිනිකන්ද ඕස්ට්‍රේලියාවේ ඇවිළෙන ලැව් ගිනිවලටත් වඩා දරුණුය. එමනිසා මිනිස් සිත්සතන් සිසිල් දිය දහරින් නිවනවා වෙනුවට තවත් තවත් අවුලුවන ඔවුන් අදහන බුදුදහම කුමක්දැයි විමසිය යුතුය. 

දේවදත්ත කුළයේ හාංදුරුවෝ..

රංජන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමග අත් අඩංගුවට ගත් භාණ්ඩ ලැයිස්තුව මාධ්‍යයට ඉදිරිපත් කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකශකයා නොව හාංදුරුවරුය.

අසභ්‍ය සීඩී තොගයක්. බලපත්‍ර නැති පිස්තෝලයක් සමග තවත් බඩු ලැයිස්තුවක නම් මෙන්ම පිස්තෝලය සමග ගත් උණ්ඩ තොගය ද 127ක් බව එක් හාංදුරුනමක් දේශනා කළහ.

“රංජන් රාමනායක සමග අත් අඩංගුවට ගත් භාණ්ඩ ලැයිස්තුවේ බලපත්‍ර නැති පිස්තෝලයකුත් තිබුනා. මන්ත්‍රී කෙනෙකුට ලැබෙන්නේ අවුරුද්දටම උණ්ඩ දහයයි. එතකොට එකසිය විසිහතක් තිබුනේ කොහොමද? අපි හිතමු ඒකෙන් “උණ්ඩ දෙකක් පුස්සව්වා”   කියළා. එතකොට ඊලඟ අවුරුද්දේ ලැබෙන්නේ උණ්ඩ දෙකයි. එතකොට 127ක් තිබුනේ කොහොමද? “

ගිනි අවි භාවිතය පිළිබඳව විශේෂඥයෙක් මෙන් එකී දේවදත්ත කුළයේ හාංදුරුවෝ කියන කතාව අහන විට හිතට දැනෙන්නේ ජුගුප්සාවකි. 

බුදුදහම ව්‍යාප්ත කරන්නට පැවිදි බිමට පිළිපන් හාංදුරුනමක් සෙක්ස් ගැන කතා කිරීම මෙන්ම අවි ආයුධ  මෙන්ම පිස්තෝලයකට දැමිය හැකි උණ්ඩ සම්බන්ධව කතා කිරීම පැවිද්දෙකුට ඔබින දෙයක් නොවන බව පැහැදිලි කළ යුතු නැත.

සාමනේර හිමියන්ගේ ගුදය ඉරී..

මින් පෙර තවත් හාංදුරුවරු පිරිසක් ලිංගික අධ්‍යාපනය ගැන කතා කළේය”. “හතේ අපේ පොත”  කියවීම තුළින් ළමයින් වැඩිහිටියන් දෙස සැක සහිතව බලන්නට පිලිවන් බවත්, එමගින් අපේ සංස්කෘතිය සම්පුර්ණයෙන් විනාශ වෙනවා යැයි එම හාංදුරුවෝ දෙසා වදාරා සතියක් යන්නට මත්තෙන් හාංදුරු නමකගේ අභව්‍ය ලිංගික ක්‍රියාවකට ලක් වු සාමනේර හිමි නමක් බරපතල තුවාල සහිතව රෝහල් ගත කිරීමට සිදු වු බව පසුගිය සතියේ වාර්තා විය. එම හාංදුරුවන්ගේ  ලිංගික ක්‍රියාව නිසා කුඩා සාමනේර හිමියන්ගේ ගුදය ඉරී ගොස් තිබිනි. නාගොඩ විමලසිරි නැමැති එම හාංදුරුවෝ වයස 71ක් තරම් බුඩ්ඩ පබ්බජිතයෙකි. ඔහු විසින් ලිංගික අතවර කර තිබුනේ වයස 13 ක් තරම් කුඩා සාමනේර හිමි නමකටය. 

එතකොට රංජන්ගේ, චම්පිකගේ, රාජිතගේ චෝදනා ගැන කතා කරන මේ උන්නාන්සේලා එවැනි හාංදුරුවරුන්ගේ ක්‍රියා විවේචනය කරන්නේ නැත. මෙවැනි බුඩ්ඩ පබ්බජිතයින් විසින් දිනපතා ගෝල හාංදුරුවරුන්ට කරන ලිංගික හිංසා අඩන්තේට්ටම් නිමක් නැත.

මාගල් කන්දේ උන්ඩේ පුස්සා..

එමෙන්ම මෑතක දී ජනමාධ්‍ය අරක්ගෙන සිටින මාගල් කන්දේ සුදත්ත නැමැති දේවදත්ත නිකායේ හාංදුරුවෝ මුලින්ම  රා කට්ට ගැන කතා කළේය

ඉන්පසුව හෙතෙම රාජිත ගේ හා චම්පික  අත් අඩංගුවට ගැනීම දේශපාලනික පලිගැනීමක් නොවේ යැයි කීවේය. ඉන්පසුව නැවත වරක් කතා කළේ රංජන්ගේ පිස්තෝලයේ උණ්ඩ ගැනය.

විශ්ව විද්‍යාලයේ සිටිය දී උපැවිදි වූ , දැන් ඉහළ තනතුරක සිටින මගේ හිතවතෙක් ඊයේ (05) මා සමග අපුරු කතාවක් කීවේය.

“ඔය අප් හතේ පන්තියේ පොතට විරුද්ධ වෙච්ච සමහර හාංදුරුවරු ඒකට  විරුද්ධ වුනේ වෙන දෙයක් හන්දා නොවෙයි කුඩා සාමනේර හාංදුරුවරුන්ට ගල කපන්ඩ බැරිවෙන හන්දා. ඔය පොත කියෙව්වාම උන්නාන්සේලාත් දැනුවත් වෙනවනේ.. ඒකයි.. එතකොට ඒ වැඩේ ලේසි වෙන්නෑ..”

බලාගෙන ගියාම මෙකී විරෝධයන්ට හේතුව අන් කිසිවක් නොව තමන්ට ලැබෙන වාසි අහිමි වන නිසා බව පැහැදිළිය. වැටත් නියරත් ගොයම් කයි නම් ඒ අමාරුව කාට කියන්නදැයි කියන්නේ මෙවැනි වැඩ වලටය. 

කෙසේ වුවද මාගල්කන්නේ සුදත්ත රංජන්ගේ උන්ඩේ පුස්සා දැන් අවසන් ය. රංජන් දැන් නිදහස්ය. එහෙත් රංජන්ගේ උණ්ඩේ පුස්සන්නට ගොස් අවසානයේ වැදුනේ අන් කාටවත් නොව හිරුටය. රංජන් ගාව තිබුනු අසභ්‍ය සීඩී තැටියේ හිටියේ කව්දැයි දැන් රටම දනී. 

“බැරි සිල් නොගනු අබරෝ” යැයි සුදත්තට කිව යුත්තේ ඒ නිසාය.

අපි කුඩා කාලයේ තුන් තේරවිල්ලේ අන්තර්ගත වුයේ “හාංදුරු නැට්ට”  කියායැයි මම මුලිම්ම කීවෙමි. ආනන්තරිය පාපකර්ම සිදු කරගන්නවා යැයි අපේ අම්මා කියුවද එම තුන් තේරවිල්ලේ එවැන්නක් නැත. 

හාංදුරු නම් “සංඝ”

නැට්ට නම් “බාව”

“සංඝ+බාව”

“ගංසබාව” 

රට තනිකරම සංඝසභාවක්..

ඇත්තටම දැන් අපේ රට දිහා බලන විට නම් පෙනී යන්නේ මේ රට තනිකරම සංඝසභාවක් බවයි. සංඝයාවහන්සේලා විසින් අනවශ්‍ය ලෙස දේශපාලනයට යොමුවීම නිසා සැබෑ බෞද්ධ භික්ෂුන්වහන්සේලා සම්බන්ධව පවා මහජනතාව තුළ පවතින අති මහත් භක්ත්‍යාදරය ගිලීහී යන බව නම් සැබෑය.

හාංදුරුවරුන්ගේ කාර්යය විය යුත්තේ රා කට්ට ගැන, ලිංගික ක්‍රියාවන් ගැන හෝ පිස්තෝලයට හෝ වෙනත් ගිනි අවිවලට කතා කරන උණ්ඩ ගැන හෝ පැලෝපීය නාලය තියෙන්නේ ගර්භාෂයේ කොතැනද කියා කරුනු පැහැදිලි කිරීම නොවේ. 

ඒවා ගැන කතා කිරීමට ගිහි සමාජය තුළ විවිධ පුද්ගලයින් සිටිති. එහෙත් මෙවැනි හාංදුරුවරුන්ගේ ප්‍රකාශවලින් සිදුවන්නේ රජය හෑල්ලුවට ලක්වීම හා  බුදුදහමේ  ගරුත්වය පළුදු වීම පමණි.

මේ වනවිට මාධ්‍ය ආයතන කිහිපයක් හාංදුරුවරුන්ගේ වොයිස් කට් ප්‍රචාරය කිරීම අත්හිටුවා තිබේ. එය ඉහළින්ම පැමිණි බලපෑමක් මත සිදුවූවකි. එමනිසා මෛකී දේවදත්ත පරපුරේ කටවල් පාලනයට ඒ අන්දමින් හෝ වැට බැඳීම ද හොඳ කටයුත්තකි. 

තිලක් දෙමටමල්පිටිය

---------------------------
by     (2020-01-06 09:06:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links