~

තනිකඩ රන්ජන්ගේ නිවසේ ‘ඩබල් බෙඩ්’ ඇයි..? රන්ජන් ‘ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම්’ බැලුවාම රාජපක්ෂලා බඩ වෙනවාද? නන්දසේන සිරිසේන පරදයි..! රන්ජන් ඇප මත නිදහස්..!

(ලංකා ඊ නිව්ස් -2020.ජන.05, ප.ව.6.10) ඇමැතිවරයෙකුට රජයෙන් නිකුත් කරන ලද පුද්ගලික ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී තිබුනා කියා ඊයේ අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද සවස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙළේය.

ඒ අනුව රු. ලක්ෂ 05 ක් වටිනා ශරීර ඇප දෙකක් මත නිදහස් කළ රන්ජන්ට විදෙස් ගමන් තහනමක් ද පනවන ලදී. වාර්ෂික බලපත්‍රයක් කල් ඉකුත්වූවා කියා විදෙස් ගමන් අත් හිටුවන්නේ ඇප පනතේ කුමන වගන්තියක් යටතේදැයි නොදනී. පුද්ගලයෙකුගේ මෝටර් රථයක වාර්ෂික බලපත්‍රය කල් ඉකුත් වූ විටක දීත් පොලිසියෙන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ විට ඒ පුද්ගලයාගේ විදෙස් ගමන් අත් හිටුවනවා ද කියා නඩු කාරයා ජනතාවට පැහැදිලි කළ යුතුය.

රන්ජන් ‘ඇඩ්ල්ස් ඔන්ලි’ චිත්‍රපටි බැලූ විට රාජපක්ෂලා බඩ වෙනවාද? 

රන්ජන්ගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන සහිත ඩීවීඩී හසුවුනා යැයි කුඩු නාලිකාව ප්‍රචාරය කරයි. රන්ජන් නළුවෙකි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. නිෂ්පාදකයෙකි. වයස අවුරුදු 50 ක් ඉක්මවූ වැඩිහිටියෙකි. රන්ජන් ‘ඇඩ්ල්ස් ඔන්ලි’ චිත්‍රපටි බැලූ විට රාජපක්ෂලා බඩ වෙනවාද කියා පොලිසිය හෝ කුඩු නාලිකාව හෝ පැහැදිලි කළ යුතුය. 

රන්ජන් තනිකඩයෙකු වී රන්ජන්ගේ නිවසේ ඩබල් බෙඩ් ඇඳන් තිබෙන්නේ මන්ද කියා ද පොලිසිය ප්‍රශ්න කර තිබිණ. 

යහපාලන ආණ්ඩුව බලයට ආ පසු පළමුවෙන්ම අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කෙළේ විපක්ෂයේ මන්ත්‍රීවරු නොව තමන්ගේම මන්ත්‍රීවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම ය. ඒ ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ප්‍රචන්ඩ හැසිරීමක් හේතුවෙනි. රාජපක්ෂලාගේ වනචර දශකයේ මැති ඇමැත්තෝ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේ දෙකයි පනහේ හේතු මත නොව සැබෑ හොරකම් වංචා මිනීමැරුම් සම්බන්ධයෙනි. 

නන්දසේන සිරිසේන පරදවයි..

එසේ නමුත් නන්දසේනට හදිස්සි වී චම්පික දඩයම් කෙළේ අවුරුදු 4 ක් පරණ නඩු අසා අහවර කළ ඇක්සිඩන්ට් එකකට ය. රාජිත දඩයම් කෙළේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ය. දැන් රන්ජන් දඩයම් කෙළේ ලයිෂන් එකක් පරණ වූවා කියා ය. මේ ‌චෝදනා ‌දෙකයි පනහක් වටින්නේ ද නැත. නමුත් මේ සියළු දෙනාටම විදේශගත වීම තහනම් කර තිබේ. ඒ කියන්නේ නන්දසේන බිය වී ඇත්තේ යම් යම් තොරතුරු දන්නා අය විදේශ ගත වීම පිළිබඳව විය යුතුය. 

සිරිසේන ජෝකරයෙකු වූවාට කලින් නන්දසේන ජෝකරයෙකු වන ලකුණු පෙනෙන්නට තිබේ.

---------------------------
by     (2020-01-05 13:52:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links