(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.14, ප.ව.8.30) බුලත්සිංහල ඈගල්ඔය පාරමිතා විහාරයේ විහාරාධිපති වෑවල සීලරතන නම් ගුද දූෂකයා පිළිබඳ සත්‍ය හෙළි කිරීම නිසා බොහෝ දෙනෙක් රංජන් රාමනායක හිටපු ඇමතිවරයා බිත්තියට තබා ඇණ ගැසීමට උත්සාහ කරණ බැවින් පොලිසිය ගුද දූෂකයා පිළිබඳ අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තා වල පිටපත් සහිතව මෙම සත්‍ය තොරතුරු රට හමුවේ හෙළිදරව් කළ යුතු යැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය තීරණය කෙළේය. මන්ද යත් සත්‍ය දූෂණයක් හෙළිදරව් කිරීම හේතුවෙන් කවර හෝ ආගමක් හෝ පුද්ගලයෙකු හෝ වැරදි කරුවෙක් නොවන බැවිනි.
පසුගිය දා රන්ජන් රාමනායක හමුවේ තමන්ට සිදුවූ අතවරයක් පිළිබඳ පැමිණිළි කළ සාමනේර හිමිවරුන්ගේ පැමිණිළි වලට අදාළව බුලත්සිංහල ඈගල්ඔය පාරමිතා විහාරයේ විහාරාධිපති වෑවල සීලරතන නම් සිවුරුකරු පසුගිය දෙසැම්බර් 10 වෙනිදා කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී තිබේ. අවුරුදු 12 ක් වයසැති සුගුනරතන නම් සාමනේර හිමියන් බරපතළ ශාරීරික අපයෝජනයට, කෲරත්වයට සහ ලිංගික හිංසාවට ලක් කිරීම යටතේ මෙම නඩුව ගොනු කර තිබේ. මාසයක් පමණ අධිකරණය මඟ හැර සිටි වෑවල සීලරතන නම් සිවුරුකරු කළුතර මහාධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් ලබා ගත්තේය.
රංජන් රාමනායක හිටපු ඇමතිවරයාගේ මැදිහත්වීම නිමිත්තක් කරගෙන ලබාගෙන තිබූ මෙම අපේක්ෂිත ඇප අයදුමට එරෙහිව අගතියට පත් පාර්ශවය විරෝධතා ගොනු කරනු ලදුව නොවැම්බර් 14 වෙනිදාට විවාදය නියම වුවත් 14 වෙනි දින උදෑසන වෑවල සීලරතනගේ නීතීඥයන් විසින් අපේක්ෂිත ඇප අයදුම ඉල්ලා අස්කර ගත්තේ මෙම නඩුව පරාද වන බව දැනගෙනය. මෙම ඇප අයදුම සඳහා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සිට වෑවල සීලරතන ඉදිරිපත් කර ඇති තොරතුරු සාවද්‍ය බව අගතියට පත් පාර්ශ්වයේ විරෝධතාවය තුළ පෙන්වා දී තිබේ.
අමරගෙදර සුගුනරතන හිමියන් කෲරත්වයට පත් කිරීම සහ ලිංගික හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් බී.ආර්. 800/19 නඩුවට එරෙහිව ලබා ගත් අපේක්ෂිත ඇප අයැදුම ඉවත් කර ගැනීමත් සමග වෑවල සීලරතන ළමා හා කාන්තා කාර්යාංශයේ අත් අඩංගුවට පත් විය. එමෙන්ම මෙම විහාරයේම අවුරුදු 14 වියැති පුත්තලමේ වජිරරතන නම් සාමනේර හිමිනමට බරපතළ ලිංගික අපයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් බී.ආර්.801/19 යටතේ චෝදනාවට ලක් වූ අනෙක් හිමිනම වන බෝතලේගම සිරිරතන 2019.08.02 දින ළමා හා කාන්තා කාර්යාංශය අත් අඩංගුවවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රදේශයෙන් පැවිදි කරගෙන අතවර නිසාම සිවුරු හැර ගිය විමලසූරිය නම් අවුරුදු 14 ක දරුවෙක් 2019.08.02 දින සිය මව සමග පැමිණ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරමින් වෑවල සීලරතන සහ බෝතලේගම සිරිරතන යන හිමිවරුන් දෙදෙනාම තමාට බරපතළ ලිංගික අතවර සහ පහරදීම් කළ බව පවසා අනතුරුව මෙම නඩුව බී. ආර්. 842/2019 යටතේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ.
වෑවල සීලරතන අපේක්ෂිත ඇප යටතේ උසාවිය මගහැර සිටිය දී මෙම විහාරයේ රාජාංගණයේ ඉන්ද්‍රරතන නම් අවුරුදු 15 ක හිමි නමක් තමා වෑවල සීලරතන සහ බෝතලේගම සිරිරතන යන හිමිවරුන්ගෙන් බරපතළ ලිංගික අතවරයට ලක්වු බව කටඋත්තර ලබා දීමෙන් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමෙන් අනතුරුව බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් 2019.10.15 දින පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් වෑවල සීලරතන අත්අඩංගුවට ගෙන බී.ආර්.1329/19 යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් 2019.10.21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
මේ වන විට වෑවල සීලරතන සහ බෝතලේගම සිරිරතන යන දෙපලට එරෙහිව බරපතළ ලිංගික අපයෝජනය සහ ශාරීරික අපයෝජනය සම්බන්ධයෙන් නඩු 5 ක් පමණ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ. මේ හා සම්බන්ධ බී. වාර්තා මෙහි දැක්වේ. මෙම කුඩා සාමනේරවරුන් බරපතළ ලෙස ගුද සංසර්ගය, කකුල් අතර සංසර්ගය සහ මුඛ සංසර්ගය මගින් අපයෝජනයට ලක්ව ඇති බව මෙමගින් පැහැදිළි වේ. එපමණක් නොව පිලිස්සීම, පහරදී තුවාල සිදු කිරීම ආදී කෲර ක්‍රියාද කර ඇත.
මෙහි එක් සාමනේර නමකගේ සාක්ෂියකට අනුව ඔහුගේ චූවා උරා, කෑ ගැසීමට බැරි ලෙස කට ලේන්සුවකින් බැඳ ලේ ගලන තෙක් ගුද සංසර්ගයේ යෙදී ඇත. මෙහි සාමනේර හිමිවරුන්ට අමතරව දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙක්ම මෙම අතවරවලට ලක්ව ඇති බවත් දරුවන්ගේ ලජ්ජාව සහ ආත්ම ගරුත්වය නිසා බොහෝ දෙමාපියන් ඉදිරියට නොපැමිණෙන බවත් වාර්තා වේ.
වින්දිත සාමනේරවරුන්ගේ සාක්කි සහිත බී වාර්තා පිටපත් පහතින් කියවන්න
---------------------------
by (2019-12-14 15:18:32)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි