~

අතුරුදහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූූරය යලි හොල්මන් කරයි..!

(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.03, ප.ව.4.45) ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කරමින් ජාතික පොලිස් කොමිසන් සභාව විසින් එහි මාධ්‍ය ප්‍රකාශකව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ  රුවන් ගුණසේකර මහතාව නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දුන්නේ ඉකුත් නොවැම්බර් මස 28 දාය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ස්ථිරවම පත් වීම් ලැබුයේ 2015 මාර්තු මසදීය. එතැන් සිට ඔහු මෙරට සියලුම මාධ්‍ය වෙත දිවයින පුරා සිදුවන අපරාධ, රිය අනතුරු, විශේෂ ආරක්ෂක කටයුතු සියල්ල ලබා දීමට කටයුතු කරමින් සිටියේය. දිනපතාම සියලුම මාධ්‍ය වෙත පොලිස් කොට්ඨාශ මැදිරියෙන් සියලු පුවත් විද්‍යුත් තැපෑල හරහා ලබා දීමට එම කොට්ඨාශයේ සේවය කළ නිලධාරීන් කටයුතු කළහ. පැය විසි හතර පුරාම විවෘත මැදිරියක් වු පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරි නිලධාරීනියන් 60-70 ක් පමණ සේවය කළහ.

ඉකුත් ජනාධිපතිවරණය වෙනුවෙන්ද තොරතුරු ලබා දුන් මෙම මාධ්‍ය කොට්ඨාශයට ඉකුත් නොවැම්බර් 27 වෙනි දින අලුයම සිට නිහඬවන්නට සිදු විය. ඒ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලද නියෝගයක් අනුවය. මින් ඉදිරියට සියලු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට පවරා තිබු අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශයට ඒ බව දන්වනු ලැබුණි. ඒ අනුව මාධ්‍යට තොරතුරු දීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගත් අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් එදින සිට කිසිදු තොරතුරක් මාධ්‍ය ආයතන වෙත මුදා හැරුනේ නැත. මෙය එක්තරා අයුරකින් මාධ්‍ය මර්ධනය කිරීමක් විය. මේ අතර වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව නීති කොට්ඨාශයට අනියුක්ත කරන ලෙසය. ඒ අනුව ඉකුත් 28 දා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඊට හිමි වුයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකධුරය අහෝසි කරවමිනි.

එසේ දින තුනක් පුරා අහෝසිව ගිය පොලිස් මාධ්‍ය කොට්ඨාශය යළි මාධ්‍ය ආයතන වෙතට බැලුම් හෙළන්නට පටන් ගෙන තිබේ. ඒ ඉකුත් 29 දා රාත්‍රි 11.15 සිටය. මහ රෑ යාමයේ මෙලෙස ඔවුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගේ අත්සනින් යුතුව මාධ්‍ය ආයතන වෙත මුදා හැර තිබණේ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධ විමර්ශනයන් පිලිබඳවය. ඒ ඇයව පැහැරගත් බවට කිසිදු සි.සි.ටි.වී දර්ශනයක නොමැති බවත් මේ සම්බන්ධ විමර්ශන කෙරෙන බවත් සඳහන් කරමිනි.

එම ප්‍රවෘත්තියෙන් පසු පොලිස් කොට්ඨාශය මාධ්‍ය ආයතන වෙත ලිපියක් මුදා හරින්නේ 11- 30 වෙනි දින සවස 6.15 ටය. එම ප්‍රවෘත්තියෙන් ඔවුන් සඳහන් කර තිබුණේ පොලිසිය විසින් යාචකයින් කුරුනෑගල කඳවුරක රඳවා තබන බවට පළ වන වාර්තා අසත්‍ය බවය. ඉන් අනතුරුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නැවත ඊයේ (02) දින ප්‍රවෘත්තියක් මාධ්‍ය ආයතන වෙත යවමින් කියා සිටියේ  පරිසර පොලිසියේ කාර්යභාර්ය ගැන පැහැදිලි කරමින් පොලිසිය මහපාරේ කුණු අඳින්නේ නැති බවත් එය අධික්ෂණ ක්‍රියාවලියක් පමණක් බවත් පවසමිනි. අහෝසි කෙරුනු පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් මෙලෙස පුවත් 03 ක් ලැබීම පිලිබඳ අප කළ සොයා බැලීමකදි හෙළි වුයේ මෙම පුවත් 03 පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දන්වා තිබු බවය. ඒ අනුව මෙම පුවත් යොමු කළ බවත්ය.

මෙයින් හැඟී යන්නේ මින් ඉදිරියට පොලිස් මාධ්‍ය කොට්ඨාශය සුදු පාට වනු බවද? යන්න සැකයක් මේ වන විට මාධ්‍යවේදීන් තුල පැන නැඟී ඇත.

-ශානිකා- අයිතිය -

---------------------------
by     (2019-12-03 13:56:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links