~

සී.අයි.ඩී යේ තුන්වැනියාටත් දඬුවම් මාරුවක්..!

(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.02, ප.ව.6.45) තුන්වැනි ‌ලෝකයේ රටක  ඒකාධිපතියෙකු බලයට පත් වූ විට ස්වාධීන ‌කොමිෂන් සභා වලට සිදුවන්නේ කවර නම්  විනාශයක්දැයි රටට ‌පෙන්වා ‌දෙමින් ජාතික ‌පොලිස් ‌කොමිසමේ නිර්දේශ ද සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුන්වැනියා ‌ලෙස සැලකෙන සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානය වෙත මාරු කර තිබේ.

ඊයේ (01) දින සිට බලපැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මෙම ස්ථාන මාරුව ලබා දි ඇත.

නුගේගොඩ ‌සෙන්ට් ‌ජෝන්ස්  පාසැලට යන කාලයේ සිටම කොන්ද ‌කෙලින් වැඩ කළ, ‌පොලිසියේ ස්වාධීන නිලධාරියෙකු ‌ලෙස ප්‍රකට සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ලකෑම් විමර්ශන අංශය හා විශේෂ විමර්ශන අංශය භාරව සිටි පුද්ගලයා ය. මොහු යටතේ යාපනය විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය, මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, මාධ්‍යවේදි කීත් නොයාර් පැහැරගෙන යාම, මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ අපරාධය, රතුපස්වල ගැටුම, වෛද්‍ය සාෆි පිලිබඳ සිද්ධිය,  තරුණයින් 11 ‌දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය හා ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ ආදි සමාජය  ආන්දෝලනයට තුඩු දුන් පරික්ෂණ රැසක් විමර්ශනය කෙරුණි.

නව ජනාධිපතිවරයාගේ පත් වීමත් සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා  ඉකුත් 24 දා මෙරටින් පලා ගොස් තිබුණේ ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතාය. ඉන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙසට මාරු කර යැවුණි. ශානි අබේසේකර සිටි තනතුරෙන් පහළට ඇඳ දමා පුද්ගලික සහකාරවරයෙකු ලෙස මාරු කර යැවීම පිලිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙක් ‌මෙන්ම නීති ගරුක පුරවැසියන් ද කණගාටු වූහ. 

පසුව අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත් ‌කෙරුණේ දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ අංග ආරක්ෂාව භාරව සිටි, කිසිදු අපරාධ පරීක්ෂණයක් ගැන අත්දැකීමක් නැති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න නමැති ‌හෙංචා නිලධාරියෙකි

පසුව අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂකයන් 704 කට පිටරට යෑම වළක්වන නීති විරෝධී නියෝග නිකුත් විය. මන්ද යත් එවැනි නියෝගයක් ලබා දිය යුතුව ඇත්තේ අධිකරණයක් විසින් වුවද ‌මෙකී නියෝගය නිකුත් ‌කෙරුණේ ආරක්ෂක ‌ලේකම් වරයා විසින් වීම ය. රාජපක්ෂලා විපක්ෂයේ සිටිය දි මන්තරයක් ‌සේ මැතිරූ 'බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීම' ට ‌මෙකී සිද්ධිය ‌වෙනස් වන්නේ කවර අරුතින්ද?  

මෙවැනි පසුබිමක් තුල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන රැසක් කරමින් සිටි සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා ද මාරු කර යවා ඇත. ඉදිරියේදී ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හිමි විය හැකිය. අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව රාජපක්ෂලාට කැමැති ආකාරයට විමර්ශන සිදුකරන ආයතනයක් බවට පරිවර්තනය ‌කෙරෙනු ඇත. 'තජුඩීන් මිය ගියේ රිය අනතුරකිනැයි' කී ආකාරයේ ‌දෙපාර්තමේන්තුවක් බවට ‌මෙය ‌වේගයෙන් පත්වෙනු නිසැක ය.   

(මූලාශ්‍ර ලබා ගත් 'අයිතියට' ස්තූතිය)

---------------------------
by     (2019-12-02 14:23:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links