~

අධ්‍යාපනයට 6% ක් ‌වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 6 ක් ඉල්ලා ගුරු සංගම් 29 ක් ඇමැතිට එක හඬින් කියති

(ලංකා ඊ නිව්ස් -2019.‌‌දෙසැ.01, ප.ව.4.35) අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන්කිරීම ඇතුළු ඉල්ලීම් 6 ක් සඳහා වහාම විසඳු‍‍‍මක් ‌දෙන්නැයි  දිවයිනේ ඇති ප්‍රධාන ගුරු සංගම් 29 ක් ඒකාබද්ධව නව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම සමග සාකච්ඡාවක් ඉල්ලා තිබේ. 

එකී ඒකාබද්ධ නිවේදනය සහ අත්සන් තැබූ සංවිධාන 29 පහත දැක්වේ. 

2019.11.28
අධ්‍යාපන අමාත්‍යතුමා
අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,

පැලවත්ත,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් සම්බන්ධව

අප සංගම් ඒකාබද්ධව ඉකුත් වකවානුවේ ගුරු හා විදුහල්පති සේවාවන්ගේ වැටුප් විෂමතා ඉවත් කරවා ගැනීම ඇතුළු පහත ඉල්ලීම් ඉටුකර ගැනීමට බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා යම් යම් එකඟතා ගණනාවකට පැමිණ ඇති බව පළමු කොට පෙන්වා දෙමු.

ඉහත කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස 2019 නොවැම්බර් 15 දින අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව වැටුප් විෂමතා මුළුමනින්ම ඉවත් කරන තෙක් 2019 දෙසැම්බර් මස සිට කි‍්‍රයාත්මක කිරීම සඳහා අතුරු වැටුප් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට යොමු කර ඇත. නමුත් එහි අවසන් තීරණයක් පෙරලා අමාත්‍ය මණ්ඩලයට දැන්වීමට වැටුප් කොමිෂන් සභාව මෙතෙක් කටයුතු කර නැත.

මේ තත්වය තුළ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධ ඉදිරි පියවර සහ පහත සඳහන් අනෙකුත් ඉල්ලීම් පිළිබඳව ඔබතුමා සමග සාකච්ඡුා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

* වසර 22 ක් තිස්සේ පවතින බී.සී. පෙරේරා වැටුප් විෂමතා ඉවත්කර ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම.

* දේශපාලන පලිගැනීම්වලට මුවාවී සිදුකරන සියලූ පත්වීම් හා වරදාන අහෝසි කිරීම.

* කොළ පිරවිලි ඇතුළු පීඩාකාරී අමතර වැඩ නවතා ගුරුවරුන්ට ඉගැන්වීමට ඉඩ ලබාදීම.

* දෙමව්පියන්ගෙන් මුදල් එකතුකිරීම නවතා, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන්කිරීම.

* 2016 සිට අහිමි කළ විශ‍්‍රාම වැටුප යළි ලබාදීම.

* පිරිවෙන් හා ආධාර ලබන පාසල් ගුරුවරුන්ට රජයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ලබාදීම.

ස්තූතියි.

මෙයට,

ජෝසප් ස්ටාලින් - ලංකා ගුරු සංගමය
මහින්ද ජයසිංහ - ලංකා ගුරු සේවා සංගමය
යල්වෙල පඤ්ඤාසේකර හිමි - සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
සුනිල් පේ‍්‍රමතිලක - විදුහල්පති සේවා සංගමය
ජගත් ආනන්ද සිල්වා - ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
මොහාන් පරාක‍්‍රම වීරසිංහ - ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය
වසන්ත ධර්මසිරි - අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
පී.එම්. පුංචිහෙට්ටි - ස්වාධීන ලංකා ගුරු සංගමය
පියසිරි ප‍්‍රනාන්දු - ලංකා විදුහල්පති සංගමය
පෝලියර් ගුණවර්ධන - ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය
මයුර සේනානායක - ලංකා ප‍්‍රගති ගුරු සංගමය
එස්.ජී.එම්. සමරකෝන් - සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය
එන්.බී. චූලරත්න - ලංකා ගෘහ වි. හා කෘෂි වි. ඩිප්ලෝමාධාරී සංගමය
චන්දිමාල් විජේරත්න - ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය
ඩබ්.ඩබ්.ජේ.එල්.එච්. රොවෙල් - පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය
මීගහඡඳුරේ සීලානන්‍ද හිමි - ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය
නිර්මලා ගමගේ - කතෝලික ගුරු සංගමය
වසන්ත වීරක්කොඩි - විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය
දයාරත්න පටබැදි - පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය
ශී‍්‍ර ලංකා නිදහස් ගුරු සංගමය
කඳුරට ගුරු පෙරමුණ
ගුරු විමුක්ති පෙරමුණ
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුරු සංගමය
නැගෙනහිර පළාත් ද්‍රවිඩ ගුරු සංගමය
ශී‍්‍ර ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය
වතු ගුරු සංගමය
එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය
ජාතික ගුරු සභාව
ජනතා ගුරු සංගමය

---------------------------
by     (2019-12-01 11:16:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links