(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.29, ප.ව.4.20) පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී කොළඹ නගරයේ වාණිජ වටිනාකම අතින් ඉහළ ඉඩම් කුණු කොල්ලයට සහ අත යට ගනුදෙනු හරහා විවිධ පාර්ශ්ව අතට පත් කිරීමට රාජපක්ෂලා කටයුතු කළ ආකාරය අපට අමතක නැත. යුධ හමුදා මූලස්ථානයේ සිට ගාලු මුවදොර පිහිටි බිම් කඩ පවා රාජපක්ෂලා චීනයට කුණුකොල්ලෙට විකුණා දැමුවේ අත යට විශාල ගනුදෙනු සිදුකරමින්ය. ඉන්න නොනැවතී ශ්‍රී ලංකාවේ නව වරාය නගරයක් ඉදි කරන බව පවසා එහි සින්නක්කර අයිතිය ද චීනයට ලබාදීමට රාජපක්ෂලා පියවර ගෙන තිබුණේ රටේ ජාතික ආරක්ෂාව පිලිබඳ හෝ ජාත්‍යන්තර යුධ උපක්‍රම පිළිබඳව කිසිදු තැකීමක් හෝ නොකරමිනි.
නැවත වතාවක් දූෂිත රාජපක්ෂ රෙජීමය රටේ ජනතාව අන්දවා සිංහල බෞද්ධ සළුවෙන් වසා බලයට පැමිණ සිටින්නේ කිසිදු අපරාධයක් සිදු නොකළ උන් පරිද්දෙනි.
නාගරික සංවර්ධනය යැයි පවසමින් මතුපිට ආකර්ෂණීය සහ ඇස් රැවටූ තොරොම්බල් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ ගෝඨාභය රාජපක්ෂ, කොළඹ නගරයේ ඉදිකළ බොහෝ ඉදි කිරීම් නාස්තිකාර වියදම් බවට පත් විය. පාවෙන වෙළඳ සැල් සමූහය ඉන් එක් නිදසුනකි.කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ජීවත් වූ ජනතාව එම ප්‍රදේශවලින් පන්නා දමමින් තම හිතවතුන්ට සුපිරි තට්ටු නිවාස සංකීර්ණ නිර්මාණය කිරීම සඳහා එම අසරණ ජනතාව පදිංචිව සිටී භූමි ප්‍රදේශ විකුණා දැමූ ආකාරය අපට අමතක නැත.
රාජපක්ෂලා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරන්නේ ද අපූරු ක්‍රමවේදයකට ය රාජපක්ෂලා ප්‍රියත් බන්දු වික්‍රම නැමැත්තා නාගරික සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස පත් කරන්නේ ගෝඨාභයගේ පැරණි කොන්ත්‍රාත්තු සහ මංකොල්ලකෑම් ඒ අයුරින්ම නැවත ඉටු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකසා ගැනීම වෙනුවෙනි. රාජකාරි ආරම්භ කරමින් ප්‍රියත් බන්දු අපූරු කතාවක් කීවේ ය."අපෙන් කට්ටිය ඉල්ලන්නෙම කොළඹ ඉඩම්, ආයෝජකයො කැමති කොළඹ නගරේ ආයෝජනය කරන්න, අපිට තියෙන්නේ පෝට්සිටි එක විතරයි, ඒකත් අපි අමාරුවෙන්හදාගත්තෙ, කොහොමහරි අපි කොළඹ ඉඩම් හොයාගන්න ඕන" රාජපක්ෂලාගේ නාගරික සංවර්ධනයේ රඟ ප්‍රියත් බන්දු වැමෑරුවේ එලෙසය.
කෙසේ වෙතත් රාජපක්ෂලාට ඕනෑ ආකාරයේ අවල කෙළි කෙළින්නට කොළඹ නගරය තුල ඇති අවස්ථාව මේ වන විට ඇහිරී තිබේ. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂය යටතේ කොළඹ නගර සභාව මේවන විට පාලනය වීම ය.
කෙසේ වෙතත් කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂය සතු වීමත් විශාල ජන ප්‍රසාදයක් ඇති නගරාධිපති වරියක් කොළඹ ප්‍රධාන පුරවැසියා ලෙස කටයුතු කිරීමත් හේතුවෙන් රාජපක්ෂලාට තම අරමුණු හිතුමනාපේ ඉටු කර ගැනීම අපහසු වී තිබේ.
මේ තත්ත්වය මත කොළඹ මහ නගර සභාවේ පුරපති රෝසි සේනානායක මහත්මිය කෙසේ හෝ එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සඳහා රාජපක්ෂලා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටී.
ඉන් ප්‍රධාන කරුණක් වන්නේ තම හෙංචයියන් යොදාගනිමින් කොළඹ නගරයේ කුණු ගෙන යාම ප්‍රමාද කොට කැලිකසල ප්‍රශ්නයක් තිබෙන බව පෙන්වා ඊට රෝසි සේනානායක මහත්මිය වගකිව යුතු බව පවසා ජනතාවගේ දෝෂාරෝපණයට ඇය ලක් කිරීම යි.
ඒ අනුව කොලඹ මහ නගර සභාව අකාර්යක්ෂම බව පවසමින් එහි බලය කොමසාරිස්වරයෙකු වූ අතර පත් කොට තමන්ට අවශ්‍ය දෑ ඔහු ලවා කරවා ගැනීම සඳහා මේ වන විට රාජපක්ෂලා පිඹුරුපත් සකසමින් සිටී. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද බිලිබා ගැනීමේ උත්සාහයක රාජපක්ෂලා නිරත වෙමින් සිටී. මෙම බරපතල අර්බුදය ඡනතාව සිහිනුවණින් යුතු ව අවබෝධ කරගත යුතුය.
කිසි කලෙක තම බලලෝභී සහ කොල්ලකාරී මානසික මට්ටම් වලින් අත්මිදෙන්නට රාජපක්ෂලාට උවමනාවක් නොමැත. නඩු පිට නඩු වැටුණ ද , චෝදනා පිට චෝදනා එල්ල වුවද ඒ සියල්ල යටපත් කර ගන්නා සූස්තරය සහ සාස්තරය යන දෙකම රාජපක්ෂලා ප්‍රගුණ කර ඇති බව ගෙවුණු වසර හතර හමාරක කාලය තුළ නැවත නැවතත් තහවුරු කර තිබේ.
එබැවින් සිදුවීමට යන මේ නස්පැත්තිය දෙස වඩාත් බුද්ධිමත් බැලීම සඳහා ජනතාවට ආරාධනා කර සිටිමු.
---------------------------
by (2019-11-29 11:01:15)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි