~

කැබිනට් ඇමැතිලාට වැඩි රාජ්‍ය ඇමැති ‌තොගයක් සමග ‌ගෝඨාභයගේ අමුතු පාර්ලිමේන්තුවේ ඉතිරි ඇමැති ‌පිරිසත් අද දිව්රුම් ‌‌දෙති

(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.27, ප.ව.7.15)  නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. කැබිනට් ඇමැතිවරු 15 ක් කලින් දිව්රුම් දි තිබිණ. කැබිනට් ඇමැතිවරුන්ට වඩා රාජ්‍ය ඇමැතිවරුන් සිටින අමුතු පාර්ලිමේන්තුව ‌මෙයයි.  රාජ්‍ය ඇමැතිවරුන් වනාහී කැබිනට් ඇමැතිවරුන්ට යටත්ව කටයුතු කළයුතු අයයි. ඔවුන්ට අමාත්‍යාංශ ‌ලේකම්වරයෙකු සහ කාර්ය මණ්ඩලයක් තබා ගත හැකි නමුත් කැබිනට් මණ්ඩලයට සහභාගී වී පත්‍රිකාවක් ඉදිරිපත් කළ ‌නොහැකිය. ඔවුන් එය සිදුකළ යුත්තේ තමන්ට අයත් කැබිනට් ඇමැතිවරයෙකු සිටී නම් ඔහු හරහා ‌හෝ නැතිනම් ජනාධිපති ‌හරහාය. ඒ අනුව ‌ගෝඨාභය රාජපක්ෂ විසින් විශාල රාජ්‍ය ඇමැතිවරු පිරිසක් තමා යටතට බැඳ දමා තිබේ.  ‌

මෙහි ඇති අපූරුව නම් ‌කෙහෙලිය වැනි හිටපු ‌ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයෙකු ප්‍රසන්න රණතුංග වැනි නවකයෙකුගේ ‌දෙවැනියා ය.  එස්බී වැනි ‌ජ්‍යෙෂ්ඨයෙකු එස්.එම්.චන්ද්‍රසේන යටතේ වැඩ කළ යුතුය. දුමින්ද දිසානායක පක්ෂ මහලේකම්වරයෙකු ඩලස් අලහප්පෙරුම යටතේ වැඩ කළ යුතුය. මහින්ද සමරසිංහ වැනි අයෙකු ජනක බණ්ඩාර යටතේ වැඩ කළ යුතුය. දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා විමල් වීරවංශ යටතේ වැඩ කළ යුතුය. ‌ලොහාන් රත්වත්තේ උඩ දාගෙන රාජපක්ෂලා ‌වෙනුවෙන් වැඩ කළ ද ඔහු ‌ජොන්ස්ටන් යටතේ වැඩ කළ යුතුය. ‌මෙවැනි අබග්ග රාශියකි. නාමල්ට ඇමැති ධූරයක් ‌නොමැති වීමද විශේෂත්වයකි.

දැන් සමස්ත ඇමැතිවරු සංඛ්‍යාව 53 කි. ‌ඇමැතිවරු පත් කිරීමෙන් පසු සභා නායක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ආදී තනතුරු නම් කිරීමෙන් පසු නව අගමැතිවරයා පාර්ලිමේන්තුව ඇමැතී‌මෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්  පාර්ලිමේන්තු සැසිවාරය කල් දමනු ඇතැයි දැන ගන්නට තිබේ. 

අද දිව්රුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර පහත පරිදි වේ.

1- චමල් රාජපක්ෂ මහතා - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
2- වාසුදේව නානායක්කාර මහතා - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
3- ගාමිණි ලොකුගේ මහතා - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
4- මහින්ද යාපා අබේවර්ධන මහතා - වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
5- එස්.බී.දිසානායක මහතා - ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
6- ජෝන් සෙනෙවිරත්න මහතා - ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
7- මහින්ද සමරසිංහ මහතා - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
8- සී.බී රත්නායක මහතා -දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
9- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා -තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
10- සුසන්ත පුංචිනිලමේ මහතා -කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
11- අනුර ප්‍රියදර්ශන යාපා මහතා - අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය
12- සුසිල් ප්‍රේමජයන්ත මහතා - ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
13- පියංකර ජයරත්න මහතා - දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
14- රංජිත් සියඹලාපිටිය මහතා -අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
15- මහින්දානන්ද අලුත්ගමගේ මහතා-විදුලිබල රාජ්‍ය අමාත්‍ය
16- දුමින්ද දිසානායක මහතා - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
17- රෝහිත අබේගුණවර්ධන මහතා -බලශක්ති රාජ්‍ය අමාත්‍ය
18- දයාසිරි ජයසේකර මහතා -කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
19- ලසන්ත අලගියවන්න මහතා -රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
20- කෙහෙළිය රඹුක්වැල්ල මහතා -ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
21- අරුන්දික ප්‍රනාන්දු මහතා -සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
22- තිලංග සුමතිපාල මහතා -තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය
23- මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා-මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
24- විජිත බේරුගොඩ මහතා -කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
25- රොෂාන් රණසිංහ මහතා -මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
26- ජානක වක්කුඹුර මහතා -අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
27- විදුර වික්‍රමනායක මහතා -කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
28- ෂෙහාන් සේමසිංහ මහතා -සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
29- කනක හේරත් මහතා -වරාය සංවර්ධන රාජ්‍ය‍ අමාත්‍ය
30- දිලුම් අමුණුගම මහතා -ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
31- ලොහාන් රත්වත්තේ මහතා -මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමා
32- විමලවීර දිසානායක මහතා -වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය
33- ජයන්ත සමරවීර මහතා -පරිසර රාජ්‍ය අමාත්‍ය
34- සනත් නිශාන්ත පෙරේරා මහතා-ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
35- තාරක බාලසූරිය මහතා -සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- නිමල් ලන්සා මහතා - ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02- කංචන විජේසේකර මහතා - ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03-ඉන්දික අනුරුද්ධ මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන නියෝජ්‍ය අමාත්‍ය

(සේයාරුව ජනාධිපති නිල ‌ෆේස්බුක් අඩවියෙනි)

සබැඳි පුවත
ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි..!

---------------------------
by     (2019-11-27 14:07:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links