(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.27, ප.ව.2.15) වනචර දශකයේ සුදු වෑන් භීෂණය යලි කරලියට නංවමින් මෙවර ප්‍රථම සුදුවෑන් පැහැර ගැනීම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපති අංශ නිලධාරිනියක් පැහැර ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ නිලධාරිනියක් පෙරේදා(25) කොළඹ දී සන්නද්ධ සුදු වෑන් කල්ලියක් විසින් පැහැරගෙන තිබේ.
25 දා සවස ඇය තානාපති කාර්යාලයේ සිට නිවස බලා යද්දී පසුපසින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් සහිත සුදු වැන් රථයක් ඇයගේ නිවස ආසන්නයේ දී ඇයව පැහැරගෙන තිබේ. පැය 3කට ආසන්න කාලයක් වෑන් රථය තුලදීම ඇයගෙන් ප්‍රශ්න කර ඇත. ප්‍රශ්ණ කර ඇත්තේ වනචර දශකයේ අපරාධ රැසක් පිළිබඳ විමර්ශනය කිරීම නිසා ගෝඨාභයගේ ආගමනයෙන් පසු පළිගැනීමට ලක්වීම හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා ගිය සීඅයිඩී ඔ්අයිසී පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට වීසා ලබා දීම පිළිබඳව සහ ඊට උදව් කළ අය පිළිබඳවය.
මෙහි විශේෂත්වය වන්නේ වීසා නිලධාරිනිය පැහැර ගැනීමෙන් පසු ඇයව කිසිදු තැනක රඳවා නොගෙන සමස්ථ ප්‍රශ්න කිරීමට ලක් කළ කාලය තුලදීම වෑන් රථය නොනවත්වාම ධාවනයේ යෙදීමයි. පැහැර ගත් සන්නද්ධ පිරිස ඇයගේ ජංගම දුරකතනය ඔවුන් භාරයට ගෙන එහි තිබූ දත්ත පිටපත් කරගෙන තිබේ. පසුව ඇය මුදා හැර ඇත.
මෙම භයානක සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සියලු රටවල් දැනුවත් කර තිබේ. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ඒ තනතුරට පත් කරන ලද්දේ දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්. තිලකරත්න ය. ඔහු දිගු කාලයක් ප්‍රභූ ආරක්ෂාවේ හිඳිමින් මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලමින් සිටියා විනා අපරාධ පරීක්ෂණ ගැන දන්නා කෙං ගෙඩියක් නැත. එබැවින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කළ පැමිණිල්ල ගැන කිසිදු පරීක්ෂණයක් සිදුනොවනවා නියතය.
මේ පැහැර ගැනිම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා අද (27) අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතය.
2005-2015 දක්වා පැවැති වනචර දශකයේදී හෝ විදෙස් තානාපති කාර්යාලයන්ට මේ තරම් දරුණු බලපෑමක් එල්ල වූයේ නැත. සිද්ධියෙන් විදෙස් තානාපති අංශ බලවත් කම්පනයකට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා වෙනත් පිරිසක් විසින් කළ කුමන්ත්‍රණයක් බවයි. නමුත් ගෝඨාභයගේ ආගමනයෙන් පසු රටේ ආරක්ෂාව සහතික වී යැයි කියමින් පම්පෝරි ගහන්නේද ඔවුන්ම ය.
---------------------------
by (2019-11-27 09:20:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි