තිලක් දෙමටමල්පිටිය ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.26, ප.ව.2.40) ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය මගින් විකාශය වූ එක්සත් ජනපද ලේකම්වරිය විසින් කරන ලද ප්‍රකාශයක් යැයි හුවා දක්වමින් සකස් කර තිබු ව්‍යාජ වීඩියෝ පටය ආන්‍දෝලනාත්මක වීඩියෝ පටයක් විය. එහිදී දක්වා තිබුනේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි වී නොමැති බවට රාජ්‍ය ලේකම්වරිය විසින් කර ඇති ප්‍රකාශයක් වශයෙනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය ප්‍රචාරක කටයුතු සඳහා පවත්වාගෙන ගිය මාධ්‍ය ඒකකය වහාම විසුරුවා හැරියේය. ඒ වනවිටත් එහි සේවය කළ පිරිස 130 ඉක්මවිය.
එම ඒකකයේ එක් අයෙක්වත් තබා නොගැනීමට නව ජනාධිපතිවරයා පියවර ගත්‍තේය.
මේ සම්බන්ධව සොයා බලන කළ දැනට හෙළි වී ඇති කරුණු අනුව තහවුරු ව තිබෙන්‍නේ එම වීඩියෝ පටය සකස් කර තිබෙන්‍නේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් බවයි.
ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂික වෙනවා යැයි කියු හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කරන ලද දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තිය නිසා ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා කටයුතු කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්‍නේ.
කෙසේ වුවද, වාසි පැත්තට හෝයියා යැයි කියමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් වශයෙන් යාමට සැළසුම් කර ඇති අතර, ඔහු වැඩි වශයෙන් බර දී ඇත්‍තේ සජිත් පාර්ශ්වයට බව මින් පෙනී යයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය තුළ ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමන්ට එරෙහිව මඩ වීඩියෝවක් සකස් කළේ නම් එය හිටපු ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරය මෙන් මං දන්නෑ කියා අත සෝදා ගැනීමට නොහැකිය.
කෙසේ වුවද මේ වනවිට එම මාධ්‍ය ඒකකයේ සියලු දෙනාට යන එන මං නැතිව ගොස් ඇති බව පැවසේ.
මෙම මඩ වීඩියෝව සජිත්ගේ පරාජයට මුළික හේතුවක් වුයේ එය විකාශය වී පැයක් යන්නටත් කළින් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එය ව්‍යාජ වීඩියෝ පටයක් බව තහවුරු කළ හෙයිනි. (ලංකා ඊ නිව්ස් ද පළමු වටයේ එකී වීඩියෝව සත්‍ය එකකැයි සිතා ප්‍රසිද්ධ කළ නමුත් සත්‍ය හෙළිවීමෙන් පසු එය ඉවත් කෙළේය)
කෙසේ වුවද, හිටපු ජනාධිපතිවරයා විසින් කී පරිදිම කොළේ ඉරාගෙන ඇගේ හළාගෙනම ගොස් තිබෙන්‌නේ ඔහු විසින්ම බව තවදුරටත් පැහැදිළි වේ.
---------------------------
by (2019-11-26 09:25:16)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි