(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.21, ප.ව.5.25) සජිත් පේ‍්‍රමදාස සිය අන්ත පරාජයෙන් පසුව වුව තම පාක්ෂිකයන් හමුවී මැතිවරණ සමයේ දැක්වූ සහාය වෙනුවෙන් අද (21) ස්තූතිය පුද කරනු ලැබීය. ඒ ඔහුගේ මැතිවරණය මෙහෙයැවීම සඳහා ඔහු විසින් පවත්වාගෙන ගිය කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී ය.
පෙරවරු 10.00 ට මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි සජිත් පේ‍්‍රමදාස පිළිගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් පිරිසක් මැතිවරණ කාර්‍යාලයේ සහ ඒ අවට මාර්ග වල රැඳී සිටියහ. පිරිස පෝලිමේ ගොස් සජිත්ට ආචාර සමාචාර කෙළේ මීට පෙර 2015 දී මහින්දගේ පරාජයෙන් පසු ජනතාව මැදමූලනට ගිය යෑම සිහිකරමිනි.
මේ අවස්ථාවට සජිත් පේ‍්‍රමදාස සමග ඔහුගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හරීන් ප‍්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, නලීන් බණ්ඩාර, දිලීප් වෙද ආරච්චි, තුෂාර ඉදුනිල් අමරසේන, තලතා අතුකෝරලා, චන්ද්‍රානි බණ්ඩාර, විජිත් විජයමුණි සොයිසා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම හමුව සඳහා සිරිකොත ඉඩ ලබා නොදුන්නේ යයි ප්‍රචාරය වන පුවත අසත්‍ය යැයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මෙසේය.
21 වන දා සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව බොහෝ දෙනෙක් මගේ අවධානයට යොමු කර තිබේ.
එවැනි සිදුවීමක් සිදුවූයේ නැත.
20 වන දා පැවති එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී එළැඹි පොදු තීරණය වූයේ මහජන නියෝජිතයනට ස්තුති කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් 21 වන දා සිරිකොත මන්දිරයේ දී පැවැත්වීමට සූදානමින් සිටි උත්සවය කල් දැමීම වඩාත් සුදුසු බවයි.
ඒ අනුව සියළු පාර්ශවයන් වෙත එම තීරණය දැනුම් දීමට කටයුතු කෙරිණි.
එදින රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති දුරකථන සංවාදයේ දී එතුමා දැනුම් දුන්නේ සමහර කණ්ඩායම් වෙත පණිවිඩය යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයන් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදන බවය.
සියළු කටයුතු සිදුවූයේ ඒ එකඟතාවය අනුවය.
2019.11.21
---------------------------
by (2019-11-21 11:54:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි