(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.20, ප.ව.1.10) ගෝඨාභය ජනාධිපති ලේකම් ලෙස පත් කර ගත් පී.බී. ජයසුන්දර යනු මේ රටේ කිසිදු රජයේ තනතුරක් දැරීමට නුසුදුස්සෙකු ලෙස රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ පුද්ගලයෙකි. රජයේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවට සහතික වෙමින් දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජයසුන්දරට නියෝග කෙළේ 2008 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා ය. ඒ අනුව ඔහු දිව්රුම් ප්‍රකාශය ඉදිරිපත් කෙළේ ය. පසුව ඒ තීන්දුව කණපිට ගස්සා ගත් නමුත් අධිකරණයක් රජයේ ඉහළම නිලධාරියෙකු රජයේ කිසිදු තනතුරක් දැරීමට නුසුදුස්සෙකැයි තීන්දු කරන ලද එකම අවස්ථාව සහ එකම පුද්ගලයා පී. බී. ජයසුන්දර ය. අධිකරණය එවැන්නක් තීන්දු කෙළේ කොළඹ වරාය පුළුල් කිරීම පිළිබඳ ව්‍යාපෘතියක විශාල කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමේදී පී බී ජයසුන්දර සිතා මතාම සම්මත පටිපාටිය උල්ලංඝනය කරමින් රජයට පාඩු කළ නිසා ය. එවැන්නෙක් දැන් රජයේ සියළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රමුඛයා ය. ගෝ්‍ඨාභය විනය සහිත රටක් හදන්න යන්නේ කා සමග දැයි වටහා ගැනීම අසීරු නැත. පී බී ජයසුන්දරට ජනාධිපති ලේකම් පත්වීම ලබා දෙද්දී ඒ අසල සිටියේ විමල් වීරවංශ ය. මෙහි දැක්වෙන වීඩියෝවේ ඇත්තේ පී.බී ජයසුන්දර ගැන වීරවංශ එදා කී කතාවකි
---------------------------
by (2019-11-20 08:41:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි