කීර්ති රත්නායක ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.19, ප.ව.3.15) නව ජනාධිපති ලෙස ගෝටාබය පත්වූ බවට ට්විටර් පනිවිඩයක් නිකුත් කළ පලමු රාජතාන්ත්‍රිකයා සුබ්‍රමානියන් ස්වාමීය. සිය පලමු විදෙස් සංචාරය ලෙස ගෝටා යන්නේද ඉන්දියාවට ය. භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන න්යායාචාර්යයෙකු වන සුබ්‍රමානියම් ස්වාමි රාජපක්ෂ පවුලේ කුළුපග මිතුරෙකි. මැදමූලන වලව්වේ මරණයක් මගුලක් වෙද්දී ස්වාමි මැදමූලනයේ ය. බීජේපී රජය සහ රාජපක්ෂලා අතර සම්බන්ධීකරනය කරන්නේ මොහුය.
සුබ්‍රමානියම් ස්වාමි සහ මහින්ද මිත්‍රත්වය දශක කිහිපයක් පැරණිය. එය රාජීව් ගාන්ධි ඝාතනය හා බැදුනු සිද්ධියක් නිසා ඇති වූවකි. ජේන් කොමිසමේ වාර්තාව අනුව රජීව් ඝාතනය හුදෙක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ වැඩක් නොවේ. මොසාඩ් ඒජන්තයන් රජීව් ඝාතනය පිටුපස සිටි බව එම වාර්තාවෙන් දක්වා තිබුනි. තවද එම වාර්තාවෙන් ගොඩ්මන් චන්ද්රස් ස්වාමි සහ සුබ්‍රමානියන් ස්වාමි වෙත ද චෝදනා එල්ල කොට තිබුනි.
කේ.පී රජීව් ඝාතනයේ ප්‍රධාන විත්ති කරුවෙකි. 2009 වසරේ කේ.පී මෙරටට රැගෙන එන විට ඉන්දියාවේ ආන්ඩු කළේ සෝනියාගේ පිලය. කේ.පී ඉන්දියාවට බාර දෙන ලෙස ඔවුන් රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කළේය. යම් හෙයකින් එදා කේ.පී බාර දුන්නේ නම් ස්වාමිට නඩු වැටී ඔහුගේ දේශපාලන ගමන අවසන් ඉඩ තිබුනි. කේ.පී ඉන්දියාවට බාර නොදුන් රාජපක්ෂලා ස්වාමි සමග ගනුදෙනුවක් කළේය. ඔවුන් එදා පටන් පට්ට මිතුරන්ය.
ඉන්දියාවේ මැතිවරණය ලංකාවේ මෙන් එක් රැයකින් අවසන් වන එකක් නොවේ. මාසයක පමන කාලයක් චන්ද විමසීම සිදු වෙයි. අප්‍රියෙල් 11 ආරම්භ වූ ලෝක් සභා මැතිවරණය මැයි 19 අවසන් විය. හින්දු - මුස්ලිම් උණුසුම සහිත ප්‍රාන්ත වල ඡන්ද විමසීම තිබුනේ අප්‍රි 21න් පසුවය. විශේෂයෙන්ම ඉන්දියාවේ කතෝලිකයන් වෙසෙන ගෝව, කේරල , මුම්බායි ප්‍රදේශ වල මැතිවරණය පැවතියේ පාස්කු ප්‍රහාරයට පසු දිනය.
දඩයම කරේ තියාගෙන යන එකාගෙන් තුවක්කුව බැන්දේ කවුද කියා කිව හැක. මෝදි සිය මැතිවරණ ව්‍යාපාරය පුරාවට පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ගියේය. ඉන්දියාවේ කතෝලික චන්ද මෙවර වැටුනේ මෝදිටය . මෝදීට හින්දු බහුතරය දිනා ගැනීමට හැකි වූයේද පාස්කු ප්‍රහාරය නිසාවෙනි . අපේ කථාවේ ගෝටා ජනපති සටනට පැමිණෙන බව කීවේද පාස්කු අඳෝනා මැදය.
2005 වසරේදී සහරාන් ඇතුළු 120 පමන මුස්ලිම් තරුණයන් හමුදා බුද්ධි අංශයට බඳවා ගත්තේ කර්නල් තුවාන් මුතාලිෆ් විසිනි. කොටි ත්රස්තවාදීන්ට එරෙහි සටනේදී සහරාන් සහ නැගෙණහිර බුද්ධි අංශය විශිෂ්ඨ සේවාවක් කළ බව අවිවාදිත කරුණකි . 2012 ජූනි මාසයේදී සන්නද්ධ බුද්ධි අධ්යක්ෂ ලෙස සිටි බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ඉවත් කොට සුරේෂ් සලේ එම තනතුරට පත් කළේය. ඒ සමගම යුධ සමයේ බුද්ධි අංශ සාමාජිකයන් වූ සහරාන් ඇතුළු පිරිස යලි ක්‍රියාකාරී සේවයට කැඳවූයේය. සහරාන්ගේ අන්තවාදී ඉස්ලාමීය සංවිධානය පෝෂණය කළේ ද යුධ හමුදා බුද්ධි අංශය විසින්මය. එය ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්ෂි ලියුම්කරු සතුය.
විමර්ශන හමුවෙ පාස්කු ප්‍රහාරය පිළිබදව මහජනයා නොදන්නා බොහෝ කරුණු හෙලිදරව් වී ඇත. පුල්වාම් ප්‍රහාරයට සහ පාස්කු ප්‍රහාරයට භාවිතා කර තිබුනේ එකම වර්ගයේ පුපුරණ ද්‍රව්‍යයන්ය. සහරාන්ලාට මුදල් ලැබුනේ ඉන්දියාවෙනි. සහරාන් විටින් විට කිහිප වතාවක් ඉන්දියාවට ගිය අයෙකු වන අතර සැලකිය යුතු කාලයක් ඉන්දියාවෙ වාසය කළ අයෙකි.
පාස්කු ප්‍රහාරය ගැන අනතුරු අඟවමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලිපිය එවූයේ ”රෝ” බුද්ධි අංශයේ අණ දෙන රේඛාව නොවේ. එය පැමිණියේ බී.ජේ.බී දේශපාලන අංශයට සම්බන්ධ නිලධාරියෙකුගේ මාර්ගයෙනි. මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරය ගැන පනිවිඩය දුන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරයේ සියල්ල සූදානම් කොට අවසන් වූ පසුය. ප්‍රහාරකයන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සූදානම් කර ගත් පසු ලෝකයේ කිසිදු හමුදාවකට එය නැවැත්විය නොහැක. බඩු ලෑස්ති කරගත් පසු අඩියෙන් අඩිය මුර කපොළු දැමුවද පිපිරීම් වැලැක්විය නොහැකිය.
පාස්කු ප්‍රහාරයේ සුල මුල මේ වන විට හෙලිදරව් වී අවසානය. රෆායල් ගනුදෙනුව සහ පකිස්ථානයෙන් කෑ පරිප්පුව නිසා ලෝක් සභා මැතිවරණය එන විට මෝදිගේ ප්‍රතිරූපය බිඳ වැටී තිබුනි. මෝදි මැතිවරණය ගොඩදාගත්තේ පාස්කු ප්‍රහාරය සහ පුල්වාමා ප්‍රහාරයේ පිහිටිනි. ලංකාවේ පැවැති තත්වයද මීට සමාන විය.
නොවැ 26 කුමන්ත්රණයෙන් මහින්ද අනාථ වී සිටියේය. පාස්කු ප්‍රහාරය මේ සියල්ල රාජපක්ෂලාට වාසි වන අයුරින් වෙනස් කළේය. බී.ජේ.පී සංවිධානයේ ලකුණ නෙළුම් මලය, රාජපක්ෂලාගේ ලකුණ නෙළුම් පොහොට්ටුවය . මෝදි නම් කෝච්චිය ධාවනය වන්නේ ඉස්ලාමීය අන්තවාදය මතින් ගොඩ නැගූ හින්දුවාදය නම් පීලි මතය. රාජපක්ෂ නම් කෝච්චිය ධාවනය වන්නේ දෙමල-මුස්ලිම් බිල්ලා මතින් තැනූ සිංහල ජාතික ව්‍යාපාරය නම් පීලි මතය
ගෝටා සිය ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න පත් කළේය. කමල් ගුණරත්න යුධ අපරාධකරුවෙකි. බ්‍රිතාන්‍යට හෝ ඇමෙරිකාවට ගිය හොත් ඔහු අත් අඩංගුවට ගැනීමට නියමිතය. දියනියගේ උපාධි ප්‍රධානෝත්සවයට ඔස්ට්‍රේලියා යාමට කමල් ඉල්ලූ වීසා ප්‍රතික්ෂේප විය. කංකෙදිරිය ගාමීන් කමල් වීසා ගත් හැටි වෙනම කථා කළ යුතු මාතෘකාවකි. ගෝටාගේ හමුදාපතිගේ තත්වයද මීට සමානය.
ජාතිය ඇමතූ ගෝටා තමා දිනුවේ සිංහල ඡන්ද වලින් බව කීවේය. හින්දු ඡන්ද වලින් දිනූ මෝඩීද මේ හා සමාන කථාවක් කීවේය. අනතුරුව අයෝධ්‍යා පල්ලිය හින්දුන් සතු කළේය . මුස්ලිම් විවාහ නීතිය වෙනස් කළේය. ලඩක් කාෂ්මීරයෙන් වෙන් කළේය. කාෂ්මීර ප්‍රාන්තයට විශේෂ බලතල දුන්නේ මහත්මා ගන්ධිය. පසුගියදා මෝදිලාගේ ආන්ඩුව මහත්මා ගාන්ධිට වෙඩි තැබූ විනායක් ගොඩ්සේ ජාතික වීරයෙකු කළේය. ලංකාවේ අපිටද මෙවන් උද්වේගකර ජවනිකා ඉදිරියේදී දැකිය හැක. මක්නිසාදයත් තල වපුරා මුං නෙලිය නොහැකි බැවිනි.
හිටපු හමුදා බුද්ධි අංශ නිළධාරී
ලියුම්කරුගේ පෙර ලිපි පහත දිගුවෙන්
https://www.lankaenews.com/category/48
---------------------------
by (2019-11-19 12:48:14)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි