පරිප්පු බස්සයි: හොර තෙල් උස්සයි

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.17, ප.ව.7.10) ලෝක වෙළඳපොළ තුළ පරිප්පු මිල ඉහළ යාමේ ප්‍රවනතාව හේතුවෙන් දේශීය පාරිභෝගිකයාට සිදුවන අපහසුතාවය වැලැක්වීම සඳහා ආනයනික මයිසූර් පරිප්පු ( රතු පරිප්පු ) හා කහ පරිප්පු වෙනුවෙන් මෙතෙක් පැවති කිලෝ ග්‍රෑමයකට රුපියල් 5.00ක් වූ ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2015.06.17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක් සඳහා ශත 25 ක් දක්වා පහත දමනු ලැබීය. මේ අනුව පරිප්පු කිලෝවක් සඳහා අයකල රු. 5.00 බද්ද රු. 4.75කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එසේම දේශීය වෙළඳපොළ තුල පොල් මිල හා පොල්තෙල් මිල ඉහල යාම හා ආනයනික පොල්තෙල් නොවන ආහාරයට ගනු ලබන අනෙකුත් තෙල් වර්ග පොල්තෙල් සමඟ මිශ්‍ර කර අලෙවි කිරීම පිළිබදව ලැබී ඇති පැමිණිලි හේතුවෙන් එවැනි කූට වෙළදාම් අධෛර්යමත් කිරීම පහසු වන පරිදි මෙරටට ආනයනය කරන ආහාරයට ගනු ලබන අනෙකුත් තෙල් වර්ගයන්හි බොරතෙල් සඳහා මෙතෙක් පැවති කිලෝ ග්‍රෑමයකට රු.90.00ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රජය විසින් 2015.06..17 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 110.00 ක් දක්වා ඉහල දමනු ලැබීය. 2015.06.16 දිනැති අංක. 1919/33 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම සංශෝධනයන් සිදු කරනු ලැබීය.

---------------------------
by     (2015-06-17 13:43:39)