කොළඹ නගරාධිපති වෙන්න හදන අසාද් සාලි උප නගරාධිපති කාලේ කළ හොර වැඩක්..!

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.07, ප.ව‍‍‍‍‍.11.30) අසාද් සාලි කොළඹ නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නගරාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවට වාර්තා වේ. ඔහු මෙම තනතුරට සුදුස්සෙක් නොවන බවට තොරතුරු ලංකා ඊ නිවුස් වෙත ලැබී තිබේ. ඔහු මීට පෙර කොළඹ නගර සභාවේ උප නගරාධිපති වශයෙන් සේවය කරන සමයක කූඨ ලේඛණයක් සකස් කිරීමට දායක වී තිබේ. ඒ අනුව ඔහු විසින් තමන්ගේ හිතවතෙක් හට විදේශ රටක රැකියාවක් සඳහා එම ලේඛණය සකස් කිරීමට උදව් කර ඇති අතර  එම සිදුවීම 2003 වසරේදී සිදුවූවකි.
 
වාර්තාවන අකාරයට සිදුවීම මෙසේය. අසාද් සාලීගේ විදේශගතව සිටින හිතවතෙක් අරාබි රටක රැකියාවක් වෙනුවෙන් උපාධි සහතිකයක් අවශ්‍ය වී ඇති අතර මෙම සහතිකය සකස් කළ ආසද් සාලී මෙය තමන්ගේ ආරක්ෂාවට සපයා සිටි පොලිස් නිලධාරියෙක් හරහා සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබේ. මෙම සහතිකය වහාම සහතික කර දෙන ලෙස දුරකථනයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් හට තර්ජනය ද කර ඇත. මේ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහු විසින් කොන්සියුලර් අංශයේ නිලධාරියෙක් වෙත තමන්ගේ අත් අකුරින් ලිපියක් පවා යවා තිබේ. එම ලිපිය එකී නිලධාරියා අත තවමත් තිබෙන බව ද දැන ගන්නට ඇත.
 
කෙසේ වෙතත් මෙම සහතිකය ගැන සැක සිතු එක් නිලධාරියෙක් එය අදාල රාජ්‍ය අධ්‍යාපන ආයතනයට යැවීමෙන් අනතුරුව එය ව්‍යාජ සහතියක් බව දැන ගෙන තිබේ. එකී රාජ්‍ය ආයතනය එම සහතිකය වහාම වැල්ලවත්තේ වංචා විමර්ශන ඒකකයට යැවීමෙන් අනතුරුව එය විදේශ අමාත්‍යංශයට රැගෙන ගිය පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන නඩු පවරා පසුව දඩයක් නියම කර තිබේ. මෙම සිදුවීමේදී තමන් බේරා ගන්නා ලෙස අදාල සැකකාර පොලිස් නිලධාරියාගෙන් කරන ලද දැඩි ඉල්ලීමක් මත අසාද් සාලීගේ නම නඩුවේදී සඳහන් වී නැත. මෙම සිදුවීම යට ගැසීමට හා ගොඩින් බේරාගැනීමට එවකට විදේශ අමාත්‍යාංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මුස්ලිම් නිලධාරියෙක් ඉතා දැඩි පරිශ්‍රමයක් දරා ඇත. මෙවන් හොරෙක් නැවත වරක් කොළඹ නගරාධිපති කිරීම ගැන එහි පුරවැසියන් දෙපාරක් කල්පනා කළ යුතුය

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2017-12-07 18:35:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

In the number 3189575, what is the 1st digit?

  4 discussion on this news

අසාද් සාලි කියන්නෙ උපන් ගෙයි හොරා!
-- by හමීඩ් on 2017-12-07

ඕක විතරක් නෙවෙයි රේප් කේස් එකකුත් යට ගැහුව සාලියට ආපු...
-- by රාණි on 2017-12-07

He is a political broker.
-- by wazeer on 2017-12-08

api munta chande denne naha.thoppi karayo thamai muwa dinawanne.
-- by sanath on 2017-12-08

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more