ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද: කියවන දරුවන්ට විදෙස් සංචාර: මිලියන 700 ක පොත්

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.07, ප.ව‍‍‍‍‍.10.30)  ‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ, ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය  අද (07) යෙදී තිබිණ. ඊට අදාළ ජාතික දින සැමරුම් උත්සවය අද උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

දැයේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් මස 01 වැනි දාට යෙදුණු ලෝක ළමා දිනයේ සිට ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන  බලගන්වනු ලැබුවේ ය. ඒ අනුව, පාසල් සිසු දරුවන් රැසක් මේ වනවිටත් ප්‍රතිලාභ අත්කරගෙන තිබේ. මෙම ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පාසල් සිසුන්, දෙමව්පියන් ඇතුළු පාසල් පාදක ප්‍රජාව තවදුරටත් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් දෙසැම්බර් 07 වැනි දා ‘ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය’ ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. 

හෙට දිනයේ දී සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ පාසල් සිසුන් සහ පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන  සියලු පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබේ.

මෙම දීපව්‍යාප්ත වැඩසටහනට අනුව හෙට  දිනයේ දී පාසල් තුළ අත්පත්‍රිකා බෙදා හැරීම මෙන්ම දැනුවත් කිරීමේ දේශන ද පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත මේ වනවිටත් යොමුකර අවසන්.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සෑම පාසල් දරුවෙකු සඳහා ම වසරකට රුපියල් ලක්ෂ 02 බැගින් වන රක්ෂණාවරණයක් හිමිවන අතර රජයේ සියලු පාසල්, ආධාර ලබන සහ නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන් ඇතුළුව ශ්‍රි ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න පිරිසක් ආවරණය වේ.

කියවන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අනාගතයේ දී විදෙස් සංචාර: මිලියන 700 ක පොත්

කියවීමෙහි නිපුණ දරුවන්ට අනාගතයේ දී විදෙස් සංචාර ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ කියවීමේ රුචිය තව තවත් වර්ධනය කරමින් ඔවුන් වෙත ජාත්‍යන්තර වශයෙන් ද තව තවත් දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස යෝජනා කර ඇති බවයි. අද (07) අරලියගහ මන්දිරයේ දී පාසල් 3312 ක් සඳහා පොත් මිල දී ගැනීමට මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ සහ පාසල් සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ඇතුළත් පාසල් පුස්තකාල නාමාවලිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පාසල් සිසුන්ගේ කියවීම වෙනුවෙන් මෙවන් මුදලක් වෙන් කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවයි. එමෙන්ම ලබන වසරේ දී පාසල් පුස්තකාල සඳහා පොත් ලබා දීම වෙනුවෙන් තවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. වැදගත් වන්නේ ගොඩනැගිලි සෑදීම නොව, දරුවන්ගේ මනස සෑදීම බව ද විශේෂයෙන් පෙන්වා දුන් අමාත්‍යවරයා, සිය අමාත්‍යාංශය තුළ මෙවන් වෙනස්කම් රැසක් ඇති කිරීමට අවකාශය ලැබුණේ වත්මන් ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් වැඩකිරීමට අවශ්‍ය  යහපත් පරිසරයක් රජය තුළ නිර්මාණය කිරීම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කියවන දරුවන් ඇගයීම වෙනුවෙන් චක්‍රලේඛයක් නිකුත් කෙරෙනු ඇත.

---------------------------
by     (2017-12-07 18:15:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is fourteen thousand nine hundred and eight as a number?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more