බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිට ලැබුනත් එය සඟවා බොරුවට කාලය පස්වෙනි වරටත් දිගු කරයි

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.07, ප.ව‍‍‍‍‍.9.20) බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත් කර ඇති නමුත් නාම යෝජනා දක්වා ඇද ගෙන ගොස් දේශපාලන වාසියක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් වාර්තාව සඟවා කොමිසමේ කාලය යලි දිගුකරන ලදැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සනාථ කරයි. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති), ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන ජනාධිපති කොමිසමේ සාමාජිකයන් තිදෙනාගේම අත්සන් සහිතව කොමිසමේ වාර්තාව අද ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ. කොමිසමේ කාලය හෙටින් (08) නිමා වීමට නියමිතව තිබිණ. නමුත් එහි කාලය දෙසැම්බර් 31 දක්වා දිගු කරමින් ජනාධිපති විසින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ වාර්තාව සකස් කිරීමට කාලය අවශ්‍ය බවයි. නමුත් එය බොරුවකි.   

බැඳුම්කර කොමිසමේ කාලය විවිධ හේතු කියමින් මෙලෙස දිගුකරන ලද්දේ පස් වෙනි වතාවට ය. මෙකී කොමිසම කොමිසමයමක් බවට පත් කරන ලද්දේ ජනාධිපතිවරයා එය තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීම හේතුවෙනි. 

---------------------------
by     (2017-12-07 16:15:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list black, restaurant and underpants contains how many colours?

  4 discussion on this news

සිරිසේනගෙ කොමිසමයම අවසන් උන ගමන් 2008 – 2014 රාජපක්ෂගෙ කාලෙ කරපු මහා වංචාවන් පිළිබඳ පරීක්ෂණ පටන් ගන්න බව රනිල් වික්‍රමසිංහ කියපු නිසා ඒක වලක්වන්න වෙන්න ඇති සිරිසේන කොමිසමයම දිග්ගස්සල තියෙන්නෙ!
-- by සිංහලේ on 2017-12-07

මෛත්‍රීපාල කියන්නෙ කන්න දුන්න අත හපාකන සුනඛයෙක්(බල්ලෙක්)!
-- by විසල් on 2017-12-07

Day by day, in every way Sirisena is assuring that he is the most unsuccessful president not only in past, present and future too.
-- by Countryman on 2017-12-08

Cahndeta dawas keepayak thiyala Ranila wa knock out karanna hadanne.
-- by dhaham on 2017-12-09

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more