වීරවංශලාට හොර පාස්පෝට් හැදූ එකාට ආරක්ෂක අමාත්‍යාංශයේ බරපතල තනතුරක් දී ජනාධිපති ජාතික ආරක්ෂාව අනතුරේ දාලා

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.07, ප.ව‍‍‍‍‍.7.40) ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) ධූරයට සරත් කුමාර නමැත්තා බඳවා ගැනීමේදී යම් ආරක්ෂක නිශ්කාශනයක් සිදු කර නැතිදැයි යන්න ප්‍රශ්නකාරී වී තිබේ. 

ජනාධිපතිගේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක)  ආර්.එම්.එස්. සරත් කුමාර නැමැති නිලධාරියා, එම තනතුරට පත්වීමට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ලෙස සිටි කාලයේදී  විමල් වීරවංශ මහතාගේ බිරිඳට හොර පාස්පෝට් එකක් ලබාදීම සඳහා සම්පූර්ණයෙන්ම උදව් කර ඇත.  ඒ බව 2017.11.21 දින ලංකාදීප පත්‍රයේ 24 පිටුවේ පැහැදිලිවම දක්වා ඇත. අදාල පුවත් පත් පිටුව මේ සමග දැක්වේ. 

හොර පාස්පෝට් නඩු විභාගයේ දී පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලාත්මක නිලධාරියාගේ සාක්කිය කියැවීමේ දී සරත් කුමාර නැමැති එවක කොමසාරිස් වරයා වත්මන් අතිරේක ලේකම් වරයා ඍජුවම විමල් වීරවංශගේ බිරිඳට හොර පාස්පෝට් එක සාදා දීමට අවශ්‍ය සියලු දේ කර ඇති අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත සකස් කර ඇත්තේ ද ඔහු විසින්ම බව අපූරුවට හෙළි වේ.

එමෙන්ම මේ පුද්ගලයා ඍජුවම අන්තවාදී දේශපාලන පක්ෂ වලට උදව් කරන්නෙකි.  ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක අංශයේ සියලු රහස් එකී පක්ෂ නායකයින්ට ලබා දෙන්නේ ද මොහු ය.  

මෙවැනි දෙපිටකාට්ටු නිලධාරියෙකු රටක ආරක්ෂාව වැනි බැරෑරුම් විෂයක් භාරව පත් කිරීමට ජනාධිපතිවරයාට මොළයක් කියා දෙයක් නැතිද ?  මෙවැනි පුද්ගලයින් තබා ගනිමින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගත හැකිද ? ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කරන්නේ මෙම නිලධාරියා හරහා ය. ඔහු විසින් පුද්ගලික වාසි තකා ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු රහස් අන්තවාදී දේශපාලන පක්ෂ වෙත ලබාදෙන්නේ නම් ජාතික ආරක්ෂාවක් පැවැතිය හැක්කේ කෙසේද? ජනාධිපතිවරයා යටතේ ඇති විදුලි සංදේශන කොමිසම ලංකා ඊ නිව්ස් වාරණය කෙළේ කව්දැයි කීම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් කර ගන්නා නමුත් ජනාධිපතිවරයා විසින්ම ජාතික ආරක්ෂාව බල්ලාට යවන නිලධාරීන් තබා ගෙන රටම අනතුරේ හෙළා තිබේ.

---------------------------
by     (2017-12-07 14:47:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the highest number of 2, ninety nine, 54, 77 or 91:

  2 discussion on this news

ප්‍රශ්ණයක් නෑ, කිලී මහරාජගෙ ඔත්තුකාරයො ජනාධිපති කාර්යාලෙ ඇතුලෙ ඉඳගෙන රටේ ජනතාවගෙ මුදල්ම පාවිච්චි කරමින් කොටි සංවිධානෙ ජාත්‍යන්තර ජාලයට සියලුම ආරක්ෂක තොරතුරු ඔය අපූරුවට ලබල දෙන්නෙ. මූත් ඉතිං ඒ වැඩේම කරාවි!
-- by asad on 2017-12-07

ආරක්ෂක අමාත්‍යාංශය අද නිල නොවන මට්ටමෙන් පාලනය කරන්නෙ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෟතිය සිරස කියන කාලකන්නි චැනල් එක හරහා විනාස කරපු දකුණු ඉන්දියානු කොටි නියෝජිත සක්කිලි මහරාජා කොටි තඩියා.
-- by අාමරා on 2017-12-07

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more