සිරිසේන ජනාධිපති තවත් බියකරු පාවාදීමක් අබියස - විසල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් - 2017.දෙසැ.07, ප.ව.5.45) සිරිසේන සහ මහින්ද අතර ඇතිවීමට නියමිතව තිබූ දේශපාලන හවුල නොකෙරෙන අවසානයක් කරා පැමිණ ඇත. මහින්ද ගේ පස්යෙන් වැටී අඬා වැළපී ගෞරවය බිංදුවට දමා ගෙන, සිරිසේන හවුලේ මැතිවරණයකට යෑමට ගත් උත්සාහය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යැයි රාජපක්ෂලා දැමූ කොන්දේසිය නිසා වැලකී ගොස් ඇත. මහින්ද අගමැති තනතුර හෝ විපක්ෂ නායක කම ඉල්ලා සිටි බවත්, ඇතිකරගැනීමට නියමිත හවුලේ සභාපති සහ ලේකම් තනතුරුද ඉල්ලා සිටි බවත් ප්‍රකටය. නින්දා සහගත ලෙස සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම මෙම කොන්දේසි වලට අවනත වීමේ තීරණයක සිටියේය. තනියම මැතිවරණයට ඉදිරිපත් වනවායැයි මහින්ද ප්‍රකාශ කළ පමණින්ම සිරිසේන බියෙන් තැතිගෙන ඕනෑම කොන්දේසියකට යටත්ව හවුලට කැමති වී සිටියේය. නමුත් ඇමතිකම් නැතිව පැයක්වත් ඉන්නට බැරි ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ බලපෑම නිසා එම කොන්දේසිය ඉටු කර ගැනීමේ නොහැකියාවක් මතු වී ඇත. මේ තත්වය සමනය කිරීම සඳහා සිරිසේන විසින් ඇල්ලේ ගුණවංශ නම් චිවරධාරී ජාතිවාදියා හරහා පූට්ටු වීමට තවත් උත්සාහයක් දරමින් සිටී.

ශ්‍රීලනිප නිළ නායකත්වය නැතිව වුවද දේශපාලන  ගමනක් යෑමට ඇති හැකියාව මහින්ද විසින් පෙන්වා දී තිබේ. මේ රටේ සියල්ලම දන්නා, සිරිසේනත් හොඳින් දන්නා තිත්ත ඇත්ත නම් ශ්‍රීලනිපයේ ඡන්ද පදනම තිබෙන්නේ මහින්ද අතේ බවය. තනියම තරඟ කිරීමෙන් ලැබීමට නියමිත පරාජය විසින් තම පැවැත්ම නිශේධනය වනු ඇතැයි සිරිසේන නිවැරදි ලෙස අනුමාන කර ඇත. ස්වීය පැවැත්මක් ගැන ඔහුට කිසිදු ආකාරයක දැක්මක් හෝ ශක්තියක් නොමැත. මයික් එකක් ඉදිරියේ පසුගාමී කතා කීමෙන් එහාට ගිය දේශපාලන දැක්මක්ද නැත. දීර්ඝ කාලීන ඉලක්කයක් ඔස්සේ ඉවසීමෙන් ක්‍රියාකිරීමේ පරිචයක්ද නැත. බාල ගනයේ ජනප්‍රියත්වය උදෙසා තම පදවිය අවභාවිතයේ යොදවන මේ මිනිසා විවේචනය ඉදිරියේ වියරු වැටෙයි. තමන් කොපමණ ආකාරයේ හිස් මිනිසෙක්දැයි සිරිසේන මේ දක්වා මොනවට ඔප්පු කරමින් සිටී. 

යහපාලනය සහ තමන් බලයට පත්කල ජනතා බලවේගය සහ එහි ගාමක පක්ෂය වන එජාපය මහින්ද සමඟ පූට්ටු වී පාවාදීමේ ව්‍යාපෘතිය තාවකාලිකව හකුලා ගෙන ඇති සිරිසේන දැන් වෙනත් ආකාරයක පාවාදීමකට සැරසේ. යහපාලන පාර්ශවයේ සියළු දෙනා ඉතා අවධියෙන් සිටිය යුතු අනතුරක් තමන් අභියස තිබෙන බව සියළු දෙනා අවබෝධ කරගත යුතුය. සිරිසේන දැන් නිරත වී සිටින්නේ නව ව්‍යවස්ථා විරෝධී, අති ජාතිවාදී මෙන්ම ඝාතක බලවේග තමන් ලඟට ගෙන වෙනත් ආකාරයක හවුලක් නිර්මාණය කර ගැනීමටය. ඒ හරහා මහින්දට කොකා පෙන්වීමට ය. වීරකුමාර නැමති ශත පනහේ මොන්ටිසෝරි දේශපාළුවෙකුට ඇමතිකම් ලබා දෙන්න හදන්නේ මෙහි එක් පියවරක් ලෙසය. මේ වීරකුමාර නැමති මොන්ටිසෝරි අපතයා නව ව්‍යාවස්ථාවට එරෙහිය. සියළුම ආකාරයේ ඝාතණ පරීක්ෂණ වලට එරෙහිය. දෙමළ විරෝධීය. ඕනෑම ආකාරයක ජාතිවාදී ඝෝෂාවක් කළ හැකි ජාතිවාදියෙක්ය. මූට එජාපය නයාට අඳුකොළ වාගේය. අන්ත රනිල් විරෝධී ය. මූ සිරිසේන ලඟට එන්නේ උගේ මේ ප්‍රතිපත්ති අතහැර නොවේ. උගේ ප්‍රතිපත්තිවලට වඩා ගැලැපෙන්නේ සිරිසේන බව ප්‍රකාශ කරමින්ය. ජනාධිපති කෙනෙක් ලෙස අවම ගෞරවයක් තිබේ නම්, තමන් බලයට පත් කළ බලවේගයන්ට වග වීමක් තිබේ නම් තමන් ලඟට එන එවුන්ට අඩුම තරමේ තම ප්‍රතිපත්ති පිලිගන්නා බවට ප්‍රකාශයක් කර පැමිණෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. නමුත් වෙන්නේ එහි විලෝමයයි.  උන් කියන්නේ අපේ ප්‍රතිපත්ති වලට හරි යන්නේ සිරිසේන කියාය. කටේ නරිවාදම්, දේශපාලන පරිනත බව රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවාටය. මේ වනවිටත් ලඟට වද්දා නොගත යුතු අන්ත ජාතිවාදී සංඝ රෑනක් ලඟට ගෙන ඇත. ඒ හරහා තමන්ව විශ්වාස කළ දෙමළ බහුතර ජනයා පාවා දී ඇත. හෙට අනිද්දා මහින්දානන්ද ද ලඟට ගනු ඇත. තවත් දූෂිත, ඝාතක අපතයින් ලඟට ගනු ඇත. උන්ට ඇමති කම් දී එජාපය කෙළවරට තල්ලු කර නව ව්‍යවස්ථාව පරාජය කිරීමට යටි කූට්ටු ගේම් ගසනු ඇත. මේ අනුව මහින්ද සමඟ පූට්ටු නොවුනද වෙනත් ආකාරයකින් සිරිසේනගේ පාවාදීම කරගෙන යනු ඇත.
  
සිදුවිමට නියමිත මෙම මහා පාවාදීම ගැන යහපාලන පාර්ශවයේ ආචාර්ය/ මහාචාර්ය දේශපාලන විචාරකයින් දක්වන නිහැඬියාව නම් විමතිය දක්වන සුළුය. බොහෝ මාහාචාර්යවරු උපන්ගෙයි එජාප විරෝධී වීම නිසා අනවශ්‍ය සහ මෝඩ ලෙස සිරිසේන විශ්වාස කරනු දැකිය හැකිය. නමුත් අවධානයට ලක්කළ යුතු සහ නිතර සිහිකළ යුතු ඇත්ත නම් මේ රටේ බහුතරයක් විසින් සිරිසේනව තනතුරට පත්කිරීමට ක්‍රියා කළේ නිශ්චිත සහ සැලසුම්කළ වැඩසටහනක කොටසක් ලෙස බවත්, ඔහු තනතුරට පත්වී දින සියයකින් කළ යුතු කාර්ය වැඩ සටහනක් තිබූ බවත්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යා යුතුව තිබූ බවත්, වැඩසටහනේ අනෙක් කාර්යයන් ඉටු කර ගැනීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාගත යුතුව තිබූ බවත්ය.  ජනාධිපති ක්‍රමය අවසන් කිරීමට සහ ජාතික ගැටළුවට ස්ථිර විසඳුමක් දීමට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම එම මහා සැලැස්මට ඇතුලත්ව තිබූ බවද සිහිකළ මනාය. මේ වැඩ පිලිවෙලට නායකත්වය දීමේ පැහැර හැරිය නොහැකි වගකීම තිබෙන්නේ පොදු අපේක්ෂකයාටය. ඒ සැලැස්මේ සිරිසේන ශ්‍රීලනිප නායකත්වයට පත්වීම ඇතුලත්ව තිබුනේ නැත. මේ වැඩ සටහනට මුල සිටම අකුල් හෙළුවේ සහ කඩාකප්පල් කළේ සිරිසේන බව  දැන් මොනවට පැහැදිලිය.  යහපාලනයට මුල සිටම බාල්දි පෙරළුවේ සිරිසේන බව නැවත නැවත කීමට අවශ්‍ය නැත. පොදු අපේක්ෂක ගරු තනතුරට ඔහු නරකම තේරීමක් බව තවදුරටත් සැඟවිය යුතු නැත.

ඔහුව බලයට ගෙන ඒමට සියළු කැප කිරිම් කළ, ඔහු කෙරේ විශ්වාසය තබා පරණ කෝන්තර වල එල්ලෙන්නේ නැතිව ජනාධිපතිවරණයේදී බිම් මට්ටමේ සිට ක්‍රියාකාරී වූ, තම ධනය වැය කළා වූ එජාප පාක්ෂිකයින්, දෙමළ සංධානය, මුස්ලිම් කොන්ග්‍රසය, මනෝ ඇතුළු සියළු දේශපාලන බලවේග මහ දවල් පාවා දී ඇත. සාධාරණ සමාජයක්, පුරවැසි බලය ප්‍රමුඛ සිවිල් සංවිධාන අමුඅමුවේ පාවාදී ඇත. ඔහු වෙනුවෙන් කිසිදු පුද්ගලික ලාභයකින් තොරව පෙරට ආ, සියල්ල පාවා දී ඇත. ඒ වෙනුවට තක්කඩි මහින්ද සමඟ සහවාසයට  ඔහු උත්සාහ දැරීය. ජාතිවාදී, ඝාතකයින් කිට්ටු කර ගත්තේය. 

මෙවන් පාවාදීමක් ලෝක ඉතිහාසයේම දකින්නට නැත. සිරිසේන ජනාධිපතිවරයා කුරුසයේ ඇණ ගැසිය යුතු තරම් වූ දේශපාලන තක්කඩියෙක්, අවස්ථාවාදියෙක්, පාවා දෙන්නෙක් ලෙස හැඳින්වීමට මා කිසිදු විටක පැකිලෙන්නේ නැත. බිය වන්නේද නැත.  එබැවින් 62 ලක්ෂයක ජනවරම අභ්‍යාස කිරීමට තවදුරටත් සිරිසේනට ඇති හිමිකම ප්‍රශ්න කළ යුතු නැතිද?

විසල් කරුණාරත්න විසිනි

---------------------------
by     (2017-12-07 12:32:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

පාවා දීම් ආගම කරගත් වීරකුමාර අපතයාට තව ටික දවසකින් සිරිසේනත් පාවා දෙන එක ලොකු දෙයක් නෙමෙයි.
-- by අජයා on 2017-12-07

මෙවන් පාවාදීමක් ලෝක ඉතිහාසයේම දකින්නට නැත. සිරිසේන ජනාධිපතිවරයා කුරුසයේ ඇණ ගැසිය යුතු තරම් වූ දේශපාලන තක්කඩියෙක්, අවස්ථාවාදියෙක්, පාවා දෙන්නෙක් ලෙස හැඳින්වීමට මා කිසිදු විටක පැකිලෙන්නේ නැත.
-- by විසල් on 2017-12-07

Even uneducated Gramasevaka can cheated you. Then free education and free health and subsidies created this type of unthinkable nation. Hooooooooooooooooooooo
-- by Nawodha on 2017-12-08

Kurusiae ana gahanawa??????
-- by neil on 2017-12-09

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more