UNDP, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ජාලය UNGC, සහ යුනිලිවර් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය ප්‍රවර්ධනයට හවුල් වෙයි

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.06, ප.ව‍‍‍‍‍.9.05) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ලංකා ජාලය UNGC සහ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා ව්‍යාපාර පෙළ ගැස්වීමේ අභිමතාර්ථය ඇතිව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම නිවේදනය කෙරේ.

මෙම නිවේදනය කිරීම සඳහා ලබන 7 වෙනිදා කොළඹ 7 බාන්ස් ජෙට්වින්ග් පළමු මහලේ පැවැත්වීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම ඉහළ ම මට්ටමේ විධායක නිලධාරීන් ද විද්වත් ප්‍රජාව, මාධ්‍යය හා සංවර්ධන සංවිධාන යන අංශවල වෙනත් පාර්ශ්වකරුවන් ද එක්තැන් කොට, හවුල්කාරිත්වයන් හා සහයෝගිතාවන් ඇති කර ගැනීමට දැඩි ලෙස කැප වෙමින් රට පෙරට ගෙන යාමේ අවශ්‍යතාවත් දහහත් වන තිරසර සංවර්ධන අරමුණ සපුරා ගැනීම හරහා 2030 වන විට ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධන අරමුණු (SDGs) සාක්ෂාත් කර ගැනීමට උදව් කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, මෙම හවුල්කාරිත්වය හරහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ලංකා ජාලය UNGC සමග එක්ව, 2018 වසරේ සිට වාර්ෂිකව තිරසර මානව සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ පෞද්ගලික අංශයේ සංවාද මණ්ඩපයකට සත්කාරකත්වය සපයනු ඇත.

මෙම හවුල්කාරිත්වයට මග පෑදුවේ, තිරසර භාවය පිළිබඳ පෞද්ගලික අංශයේ මුල පිරීම් 2030 සංවර්ධන න්‍යාය පත්‍රය සමග තව දුරටත් පෙළ ගැස්වීම සඳහාත්, ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන් ආශ්‍රිතව ඉහළ මට්ටමේ දැනුම් සංවාදවලට පහසුකම් සැපයීම සඳහා සහ වඩාත් විශාල රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට පහසුකම් සැපයීම සඳහාත්, UNDP සහ UNGC අතර මෑතක දී අත්සන් තැබුණු හවුල්කාරිත්ව ගිවිසුම යි. ඉතා මෑතක දී, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, UNGC සමග එක්ව, ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය-පෞද්ගලික අංශ අතර හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම පිළිබඳ සාකච්ඡාවකට සත්කාරකත්වය සැපයීය.

තිරසර සංවර්ධන අරමුණු නියම කර ගෙන තිඛෙන්නේ ඊළඟ වසර 15 තුළ දී ගෝලීය සංවර්ධන භූ දර්ශනය හැඩ ගැස්වීම සඳහා සහ පරිවර්තනයකට ලක් කිරීම සඳහා ය. මීට කලින් ඇති කර ගත් සහස්‍රක සංවර්ධන අරමුණු මෙන් ම මෙම තිරසර සංවර්ධන අරමුණු ද අරමුණුවල විෂය පථය සහ අරමුණු ඉටු කර ගැනීමේ වගකීම දරන ක්‍රියාකාරකයන් සම්බන්ධයෙන් වඩාත් පුළුල් ප්‍රවිෂ්ටයක් විදහා දක්වයි. වඩාත් ම වැදගත් කරුණ වන්නේ තිරසර සංවර්ධන අරමුණු පෞද්ගලික අංශයට සැලකිය යුතු කාර්යභාරයක් පවරා තිබීම යි. ව්‍යාපාරවලින් තොරව තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගත නොහැකි ය. එමෙන් ම, තිරසර සංවර්ධන අරමුණුවලින් තොරව ව්‍යාපාරවලට දීර්ඝ කාලීනව වර්ධනය වීමට හෝ නො නැසී පැවතීමට නොහැකි ය. අක්‍රියව සිටියහොත් දැවැන්ත අලාභයක් විඳීමට සිදු වනු ඇත. කෙසේ වුව ද, සාක්ෂි වලින් වඩ වඩාත් පෙනී යන්නේ තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව අවධානයක් යොමු කරමින් කටයුතු කරන සමාගම් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වන බව යි.

දරිද්‍රතාව තුරන් කිරීම සඳහා සහ වඩාත් පුළුල් තිරසර සංවර්ධන ක්‍රියාවලිය තුළ දී අසමානතාවන් හා බැහැර කිරීම් අවම කිරීම සඳහා රටවලට උදව් කිරීමේ සිය දැක්ම සාක්ෂාත් කර ගැනීමේ දී, පෞද්ගලික අංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වැදගත් ක්‍රමෝපායාත්මක හවුල්කරුවෙකු බවට පත් වන්නේ ඒ නිසයි.

ව්‍යාපාරයන් සිය ක්‍රමෝපායන් පිළිබඳව නැවත සිතා බලන විටත්, වර්තමාන ලෝකය තුළ සාර්ථක වීම හා වර්ධනය වීම සඳහා සිය සංවිධානයන් වෙනස් කර ගත යුත්තේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමට උත්සාහ කරන විටත්, තිරසර සංවර්ධන අරමුණු ඒ සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි ය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, තිරසර මානව සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වීම පිණිස, තිරසර සංවර්ධන අරමුණු උදෙසා හවුල්කාරිත්වයන් ඇති කරන, ඒ සඳහා පොලඹවන සහ ඒ සඳහා පදනම් කර ගත හැකි නව ප්‍රවිෂ්ඨයන් සැලසුම් කිරීමට එක්ව කටයුතු කරන්නේ ඒ නිසයි.

ප්‍රධාන සහභාගිකයෝ:
ජයන්ත විජේරත්න මහතා - ජනාධිපති අතිරේක ලේකම්
ජෝන් සොරෙන්සන් මහතා - දේශීය අධ්‍යක්ෂ, UNDP ශ්‍රී ලංකා
කාල් කෘෘස් මහතා - සභාපති, යුනිලිවර් ශ්‍රී ලංකා
ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා - සභාපති, UNGC/අධ්‍යක්ෂ, ඒට්කන් ස්පෙන්ස් පීඑල්සී
ජෙගන් දුරියරත්නම් මහතා - CEO, කොමර්ෂල් බැංකුව පීඑල්සී
ශයාම් මජීඩ් මහතා - සමුහ CCO, ඩයලොග් ආසියාටා පීඑල්සී

---------------------------
by     (2017-12-06 15:39:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is the 2nd number in the list twelve, forty and 27?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more