අගෞරව කළ මළ සිරුරු 15 ක් ගොඩගෙන යළි මිහිදන් කරයි

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.05, ප.ව.5.05) මන්නාරම -තලෙයිමන්නාරම  මාර්ගයේ පිහිටි සුසාන භූමියක මිහිදන් කොට තිබූ මළ සිරුරු 15 ක් මන්නාරම දිසාවිනිසුරු එම් ඇලෙක්ස් රාජා මහතා ඉදිරියේදී ඔහුගේ නියෝගයක් මත 04 දා ගොඩගනු ලැබීය.

මන්නාරම කතෝලික සභාව විසින් අධිකරණයට ගොණු කරණ ලද පෙත්සමකට අනුව මෙම මළ සිරුරු ගොඩ ගැණුනේ එම මළ සිරුරු 15 කතෝලික පූජකවරුන්ගේ හා කන්‍යා සොයුරියන්ගේ මළ සිරුරු බැවින් පොදු සුසාන භූමියක ඒවා මිහිදන් කිරීමෙන් අගෞරවයක් සිදුවන බව පෙත්සම මගින් පෙන්වා දී තිබීම නිසාය.

එම මළ සිරුරු 15 ගොඩගැනීමෙන් අනතුරුව කතෝලික සභාවට අයත් සුසාන භූමියේදී යළිත් ඒවා ආගමික වතාවත් පවත්වා මිහිදන් කෙරිණි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-12-05 11:43:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is fifty four thousand five hundred and thirty five as a number?

  3 discussion on this news

මලකුණටත් ආගම!
-- by රංජිත් on 2017-12-05

අමුු පිස්සො රැළක්!
-- by tyuio on 2017-12-05

ආගම්වාදය..
-- by mano on 2017-12-06

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more