රට පුරාම පළාත් පාලන ඡන්දය තියන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව: ඡන්දය පෙබරවාරි 17 හෝ ඊට පෙර: ආගමික ස්ථාන වල පිංකම් කියා ඡන්ද ප්‍රචාරක වැඩ තහනම් (Video)

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.04, ප.ව‍‍‍‍‍.7.30) දිවයින පුරා පළාත් පාලන ආයතනවල ඡන්දයක් එකම දිනයක පවත්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට බවත් එම ඡන්දය 4 ට අවසන් වී 5 ට ඡන්ද ගැනීම ආරම්භ කරන්නේ ද ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනාවරණය කෙළේය. ඒ අද පැවැති මාධ්‍ය හමුවකදී ය. 

ඒ අනුව මෙවර පළාත් පාලන ඡන්දය පෙබරවාරි 17 දා හෝ ඊට පෙර රජයේ නිවාඩු නොවන දිනයක පැවැත්වෙන බවද දැන් සියළුම පළාත් පාලන ආයතන වල ඡන්දය පැවැත්වීමට තිබූ නීතිමය බාධා ඉවත් වී ඇති බවද හේ පැවසීය.

සීමා නිර්ණය පිළිබඳ ගැටළු තිබේ නම් ඒවා ඡන්දයෙන් පසුව නිරාකරණය කර ගැනීමට හැකි යැයි පළාත් පාලන ඇමැති වරයා පවසා තිබීම ගැන දේශප්‍රිය මහතාගෙන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඇමැතිවරයාගේ ඔළුවෙන් තමා නොසිතන බවයි. ‘ඇමැතිතුමාගේ ඔළුවත් මගේ ඔළුවත් දෙක එකට ලින්ක් කර නැතැයි‘ ඔහු ඔලොක්කුවට මෙන් පැවසීය.

මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අවධාරණය කළ වැදගත් කරුණක් වූයේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු කිසිදු ආගමික සිද්ධස්ථානයක දී සිදුකිරීම තහනම් කරන ලද බවයි. 

මැතිවරණ කාලසීමාවේ දී පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන හා වෙනත් පූජනීය පරිශ්‍රවල දේශපාලන රැස්වීම් පැවැත්වීම, ආධාර බෙදීම, සුබ සාධන කටයුතු හා වෙනත් වැඩසටහන් පැවැත්වීම තහනම් වන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ආගමික වැඩසටහන් පවත්වන මුවාවෙන් පූජනීය භූමිවලට දේශපාලනඥයින් සහභාගීවන වැඩසටහන්වලට ඉඩ නොදෙන්නැයි සියලු ආගමික නායකයින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද ඔහු කියා සිටියේ ය. 

මේ අනුව පළාත් පාලන ආයතන 248 ක මැතිවරණය පැවැත්වීම සඳහා වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය මැතිවරණ කොමිසන් සභාව මගින් අද (4) නිකුත් කෙරිණි.

ඒ අනුව මහනගර සභා 17 ක නගර සභා 23 ක ප්රාාදේශීය සභා 208 කට අදාලව මැතිවරණය පැවැත්වීම සඳහා ඒ ඒ තේරීම් බාර නිලධාරීන් විසින් නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කරන ලදී

එම පළාත් පාලන ආයතන 248 වෙනුවෙන් මේ මස 18 වැනි දා සිට 21 වැනි දා දහවල් 12 දක්වා නාමයෝජනා බාර ගැනීමට නියමිතය. මීට ඉහත නාමයෝජනා කැඳවා තිබු පළාත් පාලන ආයතන 93 සඳහා නාමයෝජනා බාරගැනීම මේ මස 11 දිනෙන් ආරම්භ වී  14 වැනි දා දහවල් 12 න් අවසන් වේ.

මහින්ද දේශප්‍රිය මහතාගේ මාධ්‍ය හමුවේ සංස්කරණය කරන ලද වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2017-12-04 14:04:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more