වරෙන්තුකාර ජාලිය වික්‍රමසූරිය හොරා ඉහෙන් බහින ලෙඩක් නැතිව ජෝර්ජියාවේ දී පුතාගේ උපන් දිනය සැමරූ හැටි මෙන්න: හොරු රකින ජනාධිපතිට අල්ලනවානම් ඔත්තුවක්..!

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.03, ප.ව‍‍‍‍.6.10) අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරන සමයේ රජයට අයත් අමෙරිකානු ඩොලර් 1,32,000 ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මහින්ද රාජපක්ෂගේ ඥාති ජාලිය වික්‍රමසූරිය මේ වන විට අධිකරණයෙන් කට්ටි පැනීම නිසා වරෙන්තු නිකුත් කර සිටින පුද්ගලයෙකි. ඔහු අධිකරණය මග හැර සිටීම නිසා පසුගිය නොවැම්බර් 17 දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරිණ. 

ඉහත චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාලිය වික්‍රමසූරිය මහාධිකරණය මගින් ඇප ලබා ගෙන ඇමරිකාවට පැන ගත් අතර ඔහුගේ නීතිඥයන් අධිකරණයට පවසා සිටියේ ඔහු එහි වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි. 

නමුත් එය අමූලික බොරුවක් බව මෙහි දැක්වෙන ඡායාරූප සනාථ කරයි. 

ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ මැක්ඩොනෝර් නගරයේ මේ වන විට පදිංචිව සිටින ජාලිය වික්‍රමසූරිය ඉහෙන් බහින ලෙඩක් නොමැතිව තම පුත්‍රයා වන ජනිත් වික්‍රමසූරිය ගේ උපන් දිනය පසුගිය නොවැම්බර් 26 වෙනිදා සැමරූ අන්දම මෙහි ඇති සේයාරූ වල දැක්වේ. ඔහුට කිසිදු රෝගයක් නොමැති බවට මෙම සේයාරුවේ දැක්වෙන අය පවා සාක්කි සපයනු ඇත. 

රටේ මහජන මුදල් රු. කෝටි 2 කට අධික මුදලක් හොරා කෑ මේ හොර තක්කඩියා මුල්වරට අත් අඩංගුවට ගත්තේ ද ඇමරිකාවට පැන යෑමට යද්දී ගුවන් තොටේදී ය. රිමාන්ඩ් භාරයෙන් ඇප ලබා ගැනීමෙන් පසු මේ හොරාට රටින් පැන යෑමට ඉඩ ලබා දුන් උන්ට ප්‍රථමයෙන් මඩු වලිගයෙන් තැලිය යුතුය. මෙහෙන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වළක්වන සිරිසේන ජනාධිපති අනෙක් පැත්තෙන් අල්ලා ගන්නා ලද රාජපක්ෂ හොරුන්ව පවා රටින් පිටකර උන්ට සුර සැප විඳීමට ඉඩ හසර සලසා දී තිබේ. 

සාක්කි කරුවන්ගේ ද සේයාරූ සහිතව ඉන්නා තැන පවා මෙහි හෙළිකර ඇති බැවින් දැන් හෝ නියමිත ආකාරයට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා මේ තක්කඩියා රටට ගෙන්වා දඬුවම් දිය නොහැකි නම් මේ සම්මුති මළ මගුලෙන් ජනතාවට පලක් නැත.    

---------------------------
by     (2017-12-03 12:45:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

මෛත්‍රීපාලගෙ ඔලුවෙ මේ දවස් වල වැඩ කරන්නෙ කොටි ඔත්තුකාර සක්+කිලී මහරාජත් එක්ක හවුලේ් නේවි එකට නොවටිනා මුදලකට යුධ නැවක් අරගෙන ඒකෙන් ගොඩ යන හැටි. අපේ හමුදාවල පමණක් නෙමෙයි රටේම ආරක්ෂාව බරපතළ අනතුරකට දාල තියෙනව මේ මෝඩ මනුස්සය තමන්ගෙ පවුලට ලැබෙන අති විශාල කොමිස්(රාජ්‍ය දේපළ) කුට්ටිය නිසා!
-- by සිංහලේ on 2017-12-03

මුගෙ පුතා කුඩ්ඩෙක්!
-- by Shinla on 2017-12-03

This is a good example to see how this low level uneducated man (MY3) cheating all of you. Ask USA government within one min. Jaliya will send back.
-- by Rathnapala on 2017-12-04

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more