බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින අය සොයන්න එක්සත් ජාතීන්ගේ 3 ක් හෙට ලංකාවට

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.03, ප.ව‍‍‍‍.4.30) රජය විසින් අත්තනෝමතික ලෙස බලහත්කාරයෙන් පුද්ගලයන් රඳවා ගෙන සිටීදැයි සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ‘අත්තනෝමතික රඳවා ගැනීම් පිලිබඳ කාර්ය සාධක කණ්ඩායමේ‘ බලයලත් විශේෂඥයන් තිදෙනෙකු ලබන 04 වෙනිදා එනම් හෙට ලංකාවට පැමිණීමට නියමිත ය. 

ශ්‍රී ලංකාවේ යුද්දයෙන් පසු විශාල පිරිසක් තවමත් අතුරුදහන්ව සිටින තත්ත්වයක් යටතේ මෙවැනි සොයා බැලීමක් කාගේ කාගේත් සැක තුනී කර ගැනීමට හේතු වනු නිසැක ය. 

හෙට ලංකාවට පැමිණෙන විශේෂඥයන් පිරිස අතර සභාපති සහ රැපෝටියර් ජෝසේ ඇන්තෝනියෝ ගුවේරා, (මැක්සිකෝව) , උප සභාපතිනි පසුවිපරම් ලීජ් ටූමි (ඕස්ට්‍රේලියාව) , උප සභාපතිනී සංනිවේදන එලීනා ස්ටෙයිනර්ට් (ලැටිවියා) යන අය වන අතර ඔව්හු දෙසැම්බර් 15 දක්වා ලංකාවේ රැඳෙමින් ස්ථාන නිරීක්ෂණයේ යෙදෙනු ඇත. 

උතුර නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල සංචාරය කරන කණ්ඩායම බන්ධනාගාර, පොලිස් ස්ථාන, ළමා නිවාස, සංක්‍රමණිකයන් රඳවා සිටින ස්ථාන, මානසික ආබාධිතයන් රඳවා සිටින ස්ථාන ආදිය පරීක්ෂා කරමින් අතරමැද පාර්ශවයන් නොමැතිව තමන්ම සත්‍ය තත්ත්වයන් පිලිබඳ කරුණු රැස් කරණු ඇත. 

විශේෂඥ පිරිස ලංකාවෙන් පිටත්ව යෑමට පෙර දෙසැ 15 වෙනිදා සවස 2 ට බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානම් කර තිබේ. 

එක්සත් ජාතීන්ගේ මෙම විශේෂඥ කණ්ඩායම ලංකාවේ සිටින කාලය තුල ඔවුන්ට තොරතුරු ලබා දීමට ඔබටත් අවස්ථාව තිබේ. ඒ අනුව පහත දුරකථන අංක වලට සහ ඊමේලයන්ට තොරතුරු සැපයිය හැකිය.
UN Communications (+94 (0) 774448401 / [email protected])
Lucie Viersma (+41 79 201 0119 / [email protected]) mailto:[email protected]
Francisco Alfonzo (+41 79 444 39 93 / [email protected])

---------------------------
by     (2017-12-03 11:06:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more